ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම කරුණු වැඩි දුරටත් පැහැදිලි කළ දීප්ති කුමාර පැවසුවේ පළමුවෙන් ම දැනට පවතින සමාගම් පනත සංශෝධනය කළ යුතු බවයි. ඒ ඇයි ද සහ එය කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව ද මෙහි දී දීප්ති කුමාර පැහැදිලි කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මේ වන විට ලංකාවේ මධ්‍ය ආදායම සහ පහළ මට්ටමේ ආදායම වේගයෙන් අඩු වෙමින් පවතින බවයි. එමෙන් ම මෙතෙක් පැවති 40%ක් පමණ වූ මධ්‍යම පංතිය මේ වන විට 20% දක්වා පහත වැටී ඇතැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




