ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas Front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම කරුණ වැඩි දුරටත් පැහැදිළි කළ දීප්ති කුමාර පවසන්නේ රාජ්‍යය ද අනෙක් පාර්ශ්ව ද මේ සම්බන්ධයෙන් සමාව අයැ ද වින්දිතයින්ට සැහෙන පරිදි වන්දියක් ගෙවිය යුතු බවයි; එම වන්දිය එක වර ගෙවීමට නොහැකි නම් කොටස් වශයෙන් හෝ ගෙවීමට එකඟ වන ලෙසයි.
එමෙන් ඒ හා සමානව ම යුද අපරාධකරුවන් ලෙස සිර දඬුවම් විඳින, සැක පිට අත්අඩංගුවේ සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් සහ ත්‍රස්තවාදි පනත යටසේ සිර දඩුවම් විඳින, සැක පිට අත්අඩංගුවේ පසුවන සියලු දෙනා නිදහස් කළ යුතු ය යන්න ඔහුගේ යෝජනාව ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මානව ශිෂ්ටාචාරයට පිටතින් හෙවත් නීතියට පිටතින් ලංකාවේ විශාල මිනිස් ඝාතන සිදු කර ඇති බවයි. ඒ 71, 87- 89 සහ උතුරේ අරගලයේ දී බව ද සිහිපත් කළ හෙතෙම මේ සඳහා විවිධ ආණ්ඩු විවිධ යෝජනා ගෙන ආව ද ඒ කිසිවක් ක්‍රියාත්මක නොවූ බව හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




