යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එදා ඒ ආකාරයට යුද්ධය සඳහා සියලු පෙලඹවීම් කළ ජනතා විමුක්ති පෙරමුණ එදා සිටි දේශපාලන පක්ෂ සහ නායකයින් වෙත වරද පටවා තමන් අත සෝදාගන්නට උත්සාහ කරන බවත්, එය ඉතා අශෝභන ක්‍රියාවක් බවත් දීප්ති කුමාර වැඩි දුරටත් පැවසී ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයින් පාලනය විය යුත්තේ කෙසේද යන්න සඳහන් ප්‍රධාන ලියවිල්ල ආයතන සංග්‍රහය බවත්, එම ලියවිල්ලට අනුව මාණ්ඩලික නොවන අයට දේශපාලන පක්ෂයක් වෙත බැඳිම හෝ අදහස් ප්‍රකාශ කිරිමට හැකි බවත් මාණ්ඩලික රාජ්‍ය සේවකයින්ට කිසියම් පක්ෂයක් ප්‍රවර්ධනය කිරිම, අදාළ පක්ෂය පිළිබඳ අදහස් දැක්වීම යනාදිය කළ නොහැකි බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)




