The Leader News
BREAKING
Top Ad
Opinion

පාර්ලිමේන්තු නියෝජිතයින්නේ විශ්‍රාම වැටුප අහෝසි කළ හොත් සිදුවන දේ මෙන්න - Ideas front වීඩියෝවක්

T

The Leader Desk

June 29, 2025 • 4:15 PM

පාර්ලිමේන්තු නියෝජිතයින්නේ විශ්‍රාම වැටුප අහෝසි කළ හොත් සිදුවන දේ මෙන්න - Ideas front වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
  • මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ හොත් දැනට සිටින පාර්ලිමේන්තු නියෝජිතයින්ට අනාගතයේ දී තම ජීවනෝපාය සඳහා කුඹුරක් කොටාගෙන හෝ හේනක් වගා කරගෙන යළි පරණ පුරුදු ජීවිතයට ම යෑමට සිදුවන බවයි.
  • එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ හැත්තෑ හය වසරක කතාව පවසන අය අතීතයේ දේශපාලන නායකයින් වැඩ කළ ආකාරය යළි සොයා බලන ලෙස ය.
  • ඔවුන් කිසිදු ආර්ථික වාසියක් බලාපොරොත්තුවෙන් සිය සේවය නොකළ බවත් ජේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ දීප්ති කුමාර ගුණරත්න පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ හොත් දැනට සිටින පාර්ලිමේන්තු නියෝජිතයින්ට අනාගතයේ දී තම ජීවනෝපාය සඳහා කුඹුරක් කොටාගෙන හෝ හේනක් වගා කරගෙන යළි පරණ පුරුදු ජීවිතයට ම යෑමට සිදුවන බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ හැත්තෑ හය වසරක කතාව පවසන අය අතීතයේ දේශපාලන නායකයින් වැඩ කළ ආකාරය යළි සොයා බලන ලෙස ය.

ඔවුන් කිසිදු ආර්ථික වාසියක් බලාපොරොත්තුවෙන් සිය සේවය නොකළ බවත් ජේ. ආර්. ජයවර්ධන පාර්ලිමේන්තු නියෝජිතයින් හට විශ්‍රාම වැටුප ලබාදෙන්නට කටයුතු කළේ ඔවුන්ගේ ජීවිතයේ අවසන් කාලයේ අභිමානයෙන් ජීවත් වී අභිමානවත්ව මියයෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට බවත් විපුල අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...