එහෙත් ඒ පිළිබඳව ගැඹුර සංවාදයක් ඇති වී නැහැ. ඒ නිසා IMF එකට පක්ෂ හා විරෝධී වශයෙන් සමාජය පිලි දෙකකට බෙදිලා, එකිනෙකාට දොස් පවරා ගන්නවා.
ඒ පිළිබදව දෙපිල අතර ධනාත්මක සංවාදයක් තවම ඇතිවී නැහැ.
බයියෝ නොවෙයි යූ ටියුබ් නාලිකාව මගින් මේ පිල් දෙක අතර ධනාත්මක සංවාදයක් ආරම්භ කරලා තියනවා. එහි පලමු වැඩසටහනෙන් IMF එකට බර ධනනාත් ප්‍රනාන්දු සහ ඊට විරුද්ධ අදහසක සිටින අශෝක අභයගුණවර්ධන අතර සංවාදය මගින් වැදගත් කරුණු කීපයක් ඉස්මතු වෙලා තියනවා.
ඇත්තටම ගෝටාභය ගේ කාලයේ දී රටේ ආර්ථිකය බිද වැටීමට හේතුවූ වැදගත් කරණු කිහිපයක් පිලිබදව මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙයෙවනු ලබන්නේ මාධ්‍යවේදිනී සිරිමලී ලියනගේ විසිනි.



