The Leader News
BREAKING
Top Ad
Opinion

ජනතාව ගොනාට අන්දන්නේ පී.බී.ද? ගෝඨාභයද? - ලසන්ත රුහුණගේ

T

The Leader Desk

May 4, 2020 • 3:35 AM

ජනතාව ගොනාට අන්දන්නේ පී.බී.ද? ගෝඨාභයද? - ලසන්ත රුහුණගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තුව කැඳවීම සඳහා කරනු ලබන ඉල්ලීම්වලින් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව කරනු ලබන මුදල් වියදම කිරීම් සම්බන්ධයෙන්
  • රාජපක්ෂවාදී මාධ්‍ය අතිශයෝක්තියෙන් ඔසවා තබන අලූත්ම පිළිතුර ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර්ය ජයසුන්දර යවා ඇත්තේ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරටය.
  • එහි ආචාර්ය ජයසුන්දර අවධාරණය කරන එක් කරුණක් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ලබාදී ඇති බවයි.
  • විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීම යනුවෙන් සඳහන් වන්නේ අයවැය යෝජනාව පාර්ලිමේන්තුව සම්මත කිරීමය.
අකුරු ප්‍රමාණය (Font Size):

කරනු ලබන ප්‍රශ්න කිරීම්වලටත් පිළිතුරු සැපයීම මේ දිනවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එක් කාර්යයක් බවට පත්වී ඇත. එම පිළිතුරු යැවීම් ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව කරන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරය.

රාජපක්ෂවාදී මාධ්‍ය අතිශයෝක්තියෙන් ඔසවා තබන අලූත්ම පිළිතුර ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර්ය ජයසුන්දර යවා ඇත්තේ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරටය.

එහි ආචාර්ය ජයසුන්දර අවධාරණය කරන එක් කරුණක් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ලබාදී ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එම පිළිතුර ඇත්ත වශයෙන්ම ජනතාව නොමඟ යවන එකකි. එම නොමඟ යැවීම ආචාර්ය ජයසුන්දරගේද නැතහොත් ජනාධිපතිවරයාගේද යන්න නොදනිමු. මන්ද චන්ද්‍රිකා බණ්ඩාරනායක යටතේත් මහින්ද රාජපක්ෂ යටතේත් මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය ආචාර්ය ජයසුන්දර දැරූ හෙයිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් කියවා තේරුම් නොගැනීමට තරම් ඔහු පරිපාලන අත්දැකීම් නැති ළදරුවෙකු නොවන නිසාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) හි තිබෙන්නේ මේ ආකාරයටය.

‘යම්කිසි වර්ෂයක විසර්ජන පනතේ කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන්කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත් වනතෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත්, වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය.’

SL ACT 150.32020 වර්ෂයේ රජයේ වියදම් වලට අදාළ විසර්ජන පනත් කෙටුම්පතක් 2019 වර්ෂයේ හෝ ජනාධිපතිවරයා ධුරය බාරගෙන පාර්ලිමේන්තුව විසුරුවන තෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ නැත. විසර්ජන පනත් කෙටුම්පත නීතිය බවට පත්වීම යනුවෙන් සඳහන් වන්නේ අයවැය යෝජනාව පාර්ලිමේන්තුව සම්මත කිරීමය.

 ඒ අනුව ජනාධිපතිවරයාට 150 (3) ව්‍යවස්ථාවෙන් බලය ලැබෙන්නේ 2019 වර්ෂයේදී හෝ 2020 වර්ෂයේ පාර්ලිමේන්තුව විසුරුවන තෙක් කාලයේදී 2020 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී එය සම්මත නොවී තිබී පාර්ලිමේන්තුව විසුරුවහොත් පමණය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවන විටදී ඉදිරිපත් කර සම්මත නොවූ විසර්ජන කෙටුම්පතක් පාර්ලිමේන්තුව හමුවේ තිබුණේ නැත. එවැනි තත්වයක් තුළ 150 (3) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය ජනාධිපතිවරයාට උදා කරගත නොහැකිය.

''ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවන විටදී ඉදිරිපත් කර සම්මත නොවූ විසර්ජන කෙටුම්පතක් පාර්ලිමේන්තුව හමුවේ තිබුණේ නැත. එවැනි තත්වයක් තුළ 150 (3) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය ජනාධිපතිවරයාට උදා කරගත නොහැකිය.''

ජනාධිපතිවරයාට බලයට පත්වීමට පෙර පැවති එජාප පෙරමුණු ආණ්ඩුව 2020 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තතුවට ඉදිරිපත් කළේ නැත. ඒ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයක් ජයගන්නා අපේක්ෂකයාට ආණ්ඩුවක් ඇති කරගෙන එම ආණ්ඩුවේ ප්‍රතිපත්ති මත අයවැයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙමින්ය.

අයවැය යෝජනාව වෙනුවට කළේ 2020 මුල් මාස 4ක කාලය සඳහා අතුරු සම්මත ගිණුම් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත කරගැනීමය.

 

ඒකාබද්ධ අරමුදලෙන් වියදම් කිරීම නීති විරෝධීයි ?

අප්‍රේල් මාසයෙන් පසු පාර්ලිමේන්තුව අනුමත නොකරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලෙන් වියදම් කිරීම නීති විරෝධී බව කියන්නේ ඒ නිසාය.

ජනාධිපති හා අගමැති රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව 2020 වර්ෂයට අදාල අයවැය යෝජනාවක් හෙවත් විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් නොකළා පමණක් නොව අප්‍රේල් මාසයෙන් පසු මාස කිහිපයක් ඉදිරියට රට පවත්වාගෙන යෑමට අතුරු සම්මත ගිණුම් යෝජනාවක්වත් ඉදිරිපත් කළේ නැත.

ඒ වෙනුවට කළේ පාර්ලිමේන්තුව සම්මත කර තිබූ 2020 ජනවාරි අප්‍රේල් දක්වා වූ අතුරු සම්මත ගිණුම් වැය සීමාව ඉහළ දැමීම සඳහා හා ණය ලබාගැනීමේ සීමාව ඉහළ දැමීම සඳහා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීමය.

ණය සීමාව ඉහළ දැමීමේ යෝජනාවට පාර්ලිමේන්තුව විරුද්ධවීම නිසා අවසානයේ කළේ ඡන්ද විමසීමකට නොගොස් එම යෝජනාව ඉවත් කරගැනීමය.

''ණය සීමාව ඉහළ දැමීමේ යෝජනාවට පාර්ලිමේන්තුව විරුද්ධවීම නිසා අවසානයේ කළේ ඡන්ද විමසීමකට නොගොස් එම යෝජනාව ඉවත් කරගැනීමය.''

මේ සියලූ කෙළි රාජපක්ෂ දෙසොහොයුරන් කළේ ලැබෙන පළමු අවස්ථාවේදීම එනම් පාර්ලිමේන්තුවට අවුරුදු හතරක් ගෙවෙන දිනයේදීම එය විසුරුවීමේ ඔවුන්ගේ වැඩපිළිවෙල ගැන අවබෝධයෙන්මය.

එහෙව් රාජපක්ෂ දෙසොහොයුරන්ගේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති ප්‍රතිපාදන පෙන්වමින් ව්‍යවස්ථා විරෝධී ගමනක් යෑමට සැරසීම ජනතාව ගොනාට ඇන්දවීමක් මිස වෙනකක් නොවේ.

(ලසන්ත රුහුණගේ anidda.lk : අනිද්දා ඊ පුවත්පතින් උපුටා ගැනිණ)

සබැඳි පුවත් :

මංගලගේ ලිපියට පිළිතුරක්: ''ජනාධිපති ලේකම්ගේ ලිපිය 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කතාවක්''- මංගලගෙන් ට්විටර් පණිවිඩයක්!

මංගලගෙන් ජනපතිට විශේෂ ලිපියක් : ප්‍රජා අයිතිය පවා අහිමිවිය හැකි 'මරාලයකින්' බේරීමට උපදෙසක්! 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනතාව ගොනාට අන්දන්නේ පී.බී.ද? ගෝඨාභයද? - ලසන්ත රුහුණගේ | The Leader