The Leader News
BREAKING
Top Ad
Opinion

කොරෝනා වසංගතය හමුවේ බ්‍රිතාන්‍යයේ NHS සෞඛ්‍ය සේවය ගැන ඇත්ත නැත්ත ?- බීබීසී මාධ්‍යවේදී සරෝජ් පතිරණ

T

The Leader Desk

April 17, 2020 • 10:01 AM

කොරෝනා වසංගතය හමුවේ බ්‍රිතාන්‍යයේ NHS සෞඛ්‍ය සේවය ගැන ඇත්ත නැත්ත ?- බීබීසී මාධ්‍යවේදී සරෝජ් පතිරණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගේ මිතුරෙකුට ලඟදි වකුගඩු ඔපරේෂන් එකක් කළා. ඒ මිත්‍රයට දියවැඩියාවත් තියෙනව.
  • කෝවිඩ් 19 වසංගතේ පැතිරෙන්න ගත්ත විතරයි GP මිතුරාට වහාම ගෙදර නවතින්න කියල.
  • හතරවෙනියත් ගාවට ගියාම තමා ඇත්ත ලෙඩේ අහුවෙලා තියෙන්නේ.
  • මට හිතෙන විදියට බ්‍රිතාන්‍යයේ NHS එක ගැන ඇත්ත කතාව ඕකයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔපරේෂන් එක කරපු වෙලාවෙත් ඊට පස්සේ සනීප වෙනකල් ගෙදර හිටපු දවස්වලත් NHS එක රැකබලාගත්ත හැටි ගැන එයා කතා කරන්නේ පුදුම ප්‍රසාදයකින්. කොටින්ම check up වලට හොස්පිටල් යන්න ටැක්සියක් ඕනද කියල පවා අහනවලු.

කෝවිඩ් 19 වසංගතේ පැතිරෙන්න ගත්ත විතරයි GP මිතුරාට වහාම ගෙදර නවතින්න කියල. ඒ විතරක් නෙවෙයි NHS එකෙන් දවස් දෙක තුනකට සැරයක් කෝල් කරලා හොයලත් බලනවා.

ඒ එක පැත්තක්.

මීට අවුරුදු ගානකට කලින් මගේ තව යාලුවෙකුටත් ඒ වගේ අමාරු අසනීපයක් හැදුන. එයාගේ හස්බන්ඩ් NHS ඩොක්ටර් කෙනෙක්. අසනීප වෙලා කන්සල්ටන්ට්ල තුන් දෙනක් ගාවට ගියත් තුන් දෙනාම රෝගය අඳුරගෙන නෑ. කොහොමවුනත් හස්බන්ඩ් අත් ඇරියේ නෑ. හතරවෙනියත් ගාවට ගියාම තමා ඇත්ත ලෙඩේ අහුවෙලා තියෙන්නේ. කාලයක් බෙහෙත් කරලා ලෙඩාට දැන් සනීපයි.

මට හිතෙන විදියට බ්‍රිතාන්‍යයේ NHS එක ගැන ඇත්ත කතාව ඕකයි.

GP (පවුලේ වෛද්‍යවරයා) ලඟට ගියාම හුඟක් වෙලාවට කන්සල්ටන්ට් කෙනෙක් ලඟට යවන්න කැමති නෑ. රණ්ඩු කරලා තමයි කන්සල්ටන්ට් කෙනෙක් ලඟට යන්න වෙන්නේ. ඒකටත් පුදුම කාලයක් ඉන්න ඕන පෝලිමේ. අනික තමා ගොඩක් දොස්තරවරු රෝග විනිශ්චයේදී වැරදි කරනව.

දොස්තරලා අතින් ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ඔවුන් ඉන්න පීඩනය නිසා. GP ලගේ බජට් කපල. Consultant කෙනෙක් ළඟට යොමු කළොත් ඒකට වියදම් වෙන්නේ GP ගේ බජට් එකෙන්. අනික රෝගීන් බලන වෙලාවට වඩා වැඩි වෙලාවක් ඔවුන්ට ලේඛන පුරවන්න වෙලා.

හැබැයි අමාරුවෙන් හරි හොස්පිටල් එකට නැත්නම් කන්සල්ටන්ට් ලඟට ගියොත් සැලකීම පුදුම ඉහළයි. අමාරු ලෙඩෙක් ළඟ නවතින්න ඥාතියෙකුට ඉඩ නැත්නම් සමහර වෙලාවට හෝටල් පවා දෙනවා.

NHS 1

ලංකාවේ සෞඛ්‍ය සේවය වගේම එක්සත් රාජධානියේ NHS එකත් සේවය, කැපවීම අතින් ලෝකේ ඉහළම සෞඛ්‍ය සේවාවක්. NHS එකේ ප්‍රධානම දේ හැම දෙයක්ම - වෛද්‍ය උපදෙස්, රෝහල්ගත වුනාම බෙහෙත්, කෑම බීම - නොමිලේ. ඒකට මුදල් ලැබෙන්නේ රටේ පුරවැසියන් ගෙවන NI ජාතික රක්ෂණ වාරිකවලින්.

ඒත් කෝවිඩ් 19 වසංගතයත් එක්ක එක්සත් රාජධානියේ බලධාරීන්ට බරපතල විවේචන එල්ල වෙනවා.

පළවෙනිම දේ සෞඛ්‍ය සේවකයන්ට තවමත් - අද වෙනතුරුම - ඇති තරම් ආරක්ෂිත ඇඳුම් කට්ටල (PPE) දෙන්න මේ රටේ ආණ්ඩුව අපොහොසත් වෙලා. අනික තමා කෝවිඩ් 19 වැළඳිලා ද කියල බලන පරීක්ෂණ කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. රෝහලේදී සිදුවෙන මරණ විතරක් දත්තවලට එකතු කරලා මියයන සැබෑ පිරිස හංගන බව තව චෝදනාවක්.

 

''හැබැයි මේ එක චෝදනාවක්වත් එල්ල වෙන්නේ NHS සේවයට නෙවෙයි. ආණ්ඩුවට.''

''ලංකාවේ සෞඛ්‍ය සේවයේ වගේම NHS සේවය කරන හැම දෙනාම මිහිපිට දෙවිවරු. එයාල රෑ, දවල් නොබලා, හරියට කෑමක් බීමක් නැතිව පැය 10,12 ඒක දිගට වැඩ කරලා තවත් එක ජීවිතයක් හරි රැකගන්න මහන්සි වෙනව.''

ලංකාවේ සෞඛ්‍ය සේවයේ වගේම NHS සේවය කරන හැම දෙනාම මිහිපිට දෙවිවරු. එයාල රෑ, දවල් නොබලා, හරියට කෑමක් බීමක් නැතිව පැය 10,12 ඒක දිගට වැඩ කරලා තවත් එක ජීවිතයක් හරි රැකගන්න මහන්සි වෙනව.

ලංකාවේ සමාජ මාධ්‍යවල සමහරු කියන විදියට NHS සේවකයෝ ජාතිය, ආගම, හමේ පාට බලල ප්‍රතිකාර කරන බවක් මම නම් දන්නේ නැහැ. හමේ පාට, ජාතිය, උපන් රට, ආගම මොකක් වුනත් NHS ජීවකයන්ට ඒ හැම දෙනාම රෝගීන්. ඔවුන්ගේ අරමුණ හැම රෝගියෙකුගේම ජීවිත බේරා ගැනීම. අනික ඒ වැඩි දෙනෙක් සංක්‍රමණිකයෝ.

අපේ පළාතේ හොස්පිට්ල් එකේ ICU එකේ වැඩ කරන කෙනෙක් මට කීව විදියට, ආරක්ෂිජත ඇඳුම් හිඟ නිසා කිසිම කෙනෙක් ICU එක ඇතුළට ගියාට පස්සේ පැය 12 ක විතර shift එක ඉවර වෙනකල් ආයේ එලියට එන්නේ නෑ. දවල්ට කන්නේ muffin එකක්, බිස්කට් එකක් වගේ මොනා හරි තියන දෙයක්ලු. මොකද එලියට ආවොත් ආයෙත් අඳින්න PPE එකක් නෑ.

 

බ්‍රිතාන්‍යයේ මේ තරම් විශාල පිරිසක් මියයන්නේ ඇයි?

coronavirus boris J''ආසන්නම හේතුව අගමැති බොරිස් ජොන්සන් ඇතුළු ආණ්ඩුව මුලදී මේ භයානක තර්ජනය ගැන කිසිම තැකීමක් නොකිරීම.''

NHS සේවකයෝ මේතරම් කැපවෙලා වැඩ කරනව නම්, කොරෝනාවෛරස් වසංගතයෙන් බ්‍රිතාන්‍යයේ මේ තරම් විශාල පිරිසක් මියයන්නේ ඇයි?

ආසන්නම හේතුව අගමැති බොරිස් ජොන්සන් ඇතුළු ආණ්ඩුව මුලදී මේ භයානක තර්ජනය ගැන කිසිම තැකීමක් නොකිරීම. ‘Herd immunity’ හදන්න කියල හිතාමතාම රෝගය වැළඳිලා සමාජය තුළ රෝගයට ප්‍රතිශක්තිය ඇතිවේවි කියල විශ්වාස කිරීම.

NHS එක ගැන කතා කළොත්, GP රෝග විනිශ්චය පවා වැරැද්දීම ගැන කීවොත්, ඒකට ප්‍රධානම හේතුව කොන්සර්වේටිව් ආණ්ඩු ගනනාවක් යටතේ NHS එකේ අරමුදල් දිගින් දිගටම කපා හැරීම. දොස්තර වරුන්ට, හෙද හෙදියන්ට රෝගීන්ට ප්‍රතිකාර කරනවට වඩා ඇඟලුම් කම්හල්වල වගේ ‘ටාගට්’ දීල ඒ ඉලක්ක සපුරනවද කියල ලොකු පීඩනයක් එල්ල කිරීම.

ඒ පීඩනය කොයිතරම් ද කියනව නම් මම දන්න නයිජීරියානු දොස්තරවරියක් මාස ගණනක් තිස්සේ ලෙඩ නිවාඩු. මානසික පීඩනය දරාගන්න බැරිව.

NHS සේවය කියන්නේ ජනතාවාදී Labour පක්ෂයේ නිර්මාණයක්. ලෝක යුද්දෙන් පස්සේ 1948 දී අගමැති ක්ලෙමන්ට් ඇට්ලි ගේ පාලන කාලේ තමා ඒක බිහි වුණේ. Conservative පක්ෂයට වඩා ලේබර් පක්ෂය පෙනී ඉන්නේ සමාජ සුභසාධනය වෙනුවෙන්. සුලු ජාතීන්ගේ, සංක්‍රමණිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. (වමට සිග්නල් දාල දකුණට කැරකුණ ටෝනි බ්ලෙයාර් වගේ නායකයෝ ඇරෙන්න.)

 

මහාචාර්ය ඩෙස්මන්ඩ් මලිකාරච්චි කියන විදියට ....

මහාචාර්ය ඩෙස්මන්ඩ් මලිකාරච්චි කියන විදියට බොරිස් ජොන්සන් වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ජාතිවාදී නායකයෝ. ඔවුන් දෙන්නගෙම තියෙන්නේ සංක්‍රමණික විරෝධී, ජාතිකවාදී ප්‍රතිපත්ති. කොරෝනාවෛරසයට විරුද්ධ යුද්දෙදි දෙන්නම පරාදයි.

ඒත් මෑතදී තිබුණ ඡන්දෙදි සමහර ශ්‍රී ලාංකිකන් පවා ප්‍රසිද්ධියේ කැම්පේන් කරලා බොරිස් ජොන්සන් පත්කරගත්තේ බොරිස් NHS එක ඇමෙරිකාවට විකුණන්න යන බවට බරපතල චෝදනාවකුත් එල්ල වෙලා තියෙද්දි. මුලින් එහෙම සැලසුමක් තිබුණ බව ලේබර් පක්ෂය දිගින් දිගටම කීව.

අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ ආණ්ඩු හොස්පිටල් ගණනාවක් කප්පාදු කළා. හුඟක් හොස්පිට්ල්වල හදිසි අනතුරු අංශ වහල දාල. ටෝරි ආණ්ඩු NHS නඩත්තු කළේ කැමැත්තෙන් නෙමේ. ඇත්තටම NHS එක මේ විදියට හරි ඉතිරිවෙලා තියෙන්නේ ලේබර් පක්ෂයෙයි වෘත්තීය සමිතිවලයි විරෝධය නිසා. නැත්නම් මේ වෙනකොටත් NHS හාන්සි.

පාලකයෝ ඉන්නේ ජනතාව වෙනුවෙන් නොවේ, ධනවතුන් රකින්න. බිස්නස් ප්‍රජාව එක්ක. ඒක බ්‍රිතාන්‍යයට, ලංකාවට වගේම බොහෝ රටවලට පොදු ඇත්තක්. බ්‍රිතාන්‍ය ආණ්ඩුවල ඒ ප්‍රතිපත්ති නිසා අද මුළු රටම අමු සොහොනක් වෙලා.

කොයිතරම් තිත්ත වුනත් ඇත්ත කතාව ඒකයි.

 

මුදල් ඇමති රිශී සුනයික් නිවේදනය කරපු සහන පැකේජ :

කොහොමවුනත් කෝවිඩ් 19 වසංගතය පැතිරෙනවත් එක්කම ආර්ථිකය බිඳ වැටීමෙන්, රැකියා අහිමිවීමෙන් ඇතිවෙන බලපෑම් අවම කරන්න මුදල් ඇමති රිශී සුනයික් නිවේදනය කරපු සහන පැකේජ බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්වුනා. ආණ්ඩුව මුලින්ම බැලුවේ ව්‍යාපාරිකයෝ ගැන විතරයි. ඒත් ජනමාධ්‍ය වගේම විරුද්ධ පක්ෂ හඬ නැගුවම දුප්පතාටත් සහන මල්ලක් ලැබුණ. ඇත්තෙන්ම ජෙරමි කෝබින් බලයට ආව නම් දුප්පතුන් වෙනුවෙන් දෙනවා කීවේ ඔය වගේ සහන පැකේජ තමා.

Captain Tom Moor

දක්ෂිනාංශික ආණ්ඩු කොයිතරම් විනාශ කරන්න හැදුවත් බ්‍රිතාන්‍යයේ හැම දෙනාම NHS එකට තවමත් ආදරෙයි. 99 හැවිදිරි කැප්ටන් ටොම් මුවර් (Captain Tom Moore) පටන් ගත්ත අරමුදලට දවස් දෙක තුනකින් පවුම් මිලියන 16 ක් එකතු වුනේ ඒ නිසා.

තවත් එක දෙයක් නොකියාම බැහැ. NHS කොයිතරම් කප්පාදු කළත් අගමැති බොරිස් පවා අසනීප වුනාම ගියේ ආණ්ඩුවේ හොස්පිටල් එකට. ඇමෙරිකාවේ හරි, ස්විට්සර්ලන්තයේ හරි නැත්නම් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට නොවෙයි. බ්‍රිතාන්‍යයේ රජ පවුල පවා අසනීප වුනාම යන්නේ රජයේ රෝහලට.

(මේ මගේ පෞද්ගලික අදහස බව සලකන්න - සරෝජ් පතිරණ)

(සරෝජ් පතිරණ ගේ FB පිටුවෙන් උපුටා ගන්නා ලදී)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...