කපා කපා කෑලි කපා පාරවල් පුරා ඇවිදින්නේ ද නැත.
ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය හුදු ඊනියා බමුණු කුලයකට පමණක් ලියා ගැනීම, සමස්ත අධ්‍යාපනය වික්ටෝරියා පන්නයේ පසුගාමීත්වයකට ඇද දමයි. නිදහස් අධ්‍යාපනයේ ඵලයක් වේ ද, අධ්‍යාපනයේ නිදහස අකුළා තරගකාරීත්වයට මෙච්චර බය ද යන්න නිරන්තරයෙන් ඇසෙන පැනයකි, මෙවැනි පසුගාමී තීන්දු තීරණ රටේ අධ්‍යාපනය තව තවත් ලෝකයෙන් ඈත් කරනු ඇත.
පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය වහකදුරු වෙද්දි, පෞද්ගලික වෛද්‍ය සේවය රන් රුවන් වන්නේ ය; පෞද්ගලික ඩිස්පැන්සරි තව තව අරින්නේ ය.
ඉතින් මිතුරනි මෙයම කොතරම් සාහසික විහිළුවක් ද? මුළාවක් ද?
නිසි ප්‍රමිතියෙන් යුක්ත, ලෝකය සමග තරගකිරීමට හැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලංකික සිසුන්ට අහිමිකිරීම මොනතරම් සාහසික ද?
එය ඔවුන්ගේ මානව හිමිකමක් අකුළා දැමීමක් නොවන්නේ ද?
වෙදීකාවේ උස්හඩින් නැගෙන පචවලට ඝෝෂාවට වැසී අයන්නේ රටේ අනාගතය නොවේද?
තවමත් හරි හමං ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපනයට සාදාගැනීමට නොහැකි වීම මොනතරම් ඛේදජනක ද?
වැඩවසම් මානසිකත්වයෙක් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම මොනතරම් වියසනකාරීද එය රට වසර ගනණාවක් ආපස්සට ඇද දමයි . වඩා පළල් දැක්මකින් යුක්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට ඇවැසි නොවේ ද? ඒ සඳහා මතු දැක්වෙන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු නොවේ ද?
* ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනයට වැඩි ආයෝජනක් ( පෞද්ගලික ආයෝජන සමග)
* උසස් අධ්‍යාපනය සඳහා පුළුල් ජාතික ප්‍රතිපත්තියක් (එය පවතින රැකියා වෙළඳපළ අවශ්‍යතා හා ජාතික ආර්ථික අභිලාශයන් සාක්ශාත් කරගැනීමට මූලිකත්වය දිය යුතුය.)
* සියලු පෞද්ගලික සහ රාජ්‍ය අධ්‍යාපන (ප්‍රාථමික, ද්විතීක හා උසස්) ආයතන නියාමනය විනිවිදභාවයෙන් යුතු ලෝක තත්ත්වයන්ට අනුකූලව පවත්වා ගැනීම
* අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරන හා ප්‍රතිව්‍යුහකරන සිදුකිරීම
* පවතින විශය මාලාවන් නැවත සමාලෝචනය, තාක්ෂණික අංශ්‍යට සහ කුසලතා සංවර්ධනයට මූලිකත්වයක් ලබාදීම
* වැඩි විදේශිය සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල පද්ධතියට අවශෝෂණය කරගැනීම
* පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සදහා පෞද්ගලික අංශය සමග සමගාමී ආයෝජන කැඳවා නවෝත්පාදන අවස්ථා වැඩිදියුණු කිරීම
* ගුරුවරුන්, ආචාර්යවරුන් හා ගුරු උපදේශකයින් සදහා වැඩි වැටුපක්
(වචන | ජනත් සී පෙරේරා)
Assistant Manager (Communication) - Advocata Institute
janath@advocata.org



