The Leader News
BREAKING
Top Ad
Opinion

'බහුචිතවාදියා' සෙට් වීමට පෙර ලුණු ඇඹුල් සහිත හොඳම බයිට් එක | Jinasiri Dadallage

T

The Leader Desk

June 14, 2025 • 11:04 AM

'බහුචිතවාදියා' සෙට් වීමට පෙර ලුණු ඇඹුල් සහිත හොඳම බයිට් එක | Jinasiri Dadallage

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම සිනමා නිර්මාණය කිසිදු වෙහෙසකින්‌ තොරව සිනමා ප්‍රේක්ෂකයාට තමා සමග ස්වයං සංවාදයක්‌ සහිතව උනන්දුවෙන්‌ නැරඹිමට මහජන අවකාශය ලැබෙනු දැන් ලැබී ඇත.
  • ගෝලීය දේශපාලන, සමාජ හා ආර්ථික පරිවර්තන තුළ සමාජ සබඳතා හා පෞද්ගලික අවශ්‍යතා ඉතා සංකීර්ණ අභියෝගාත්මක මුහුණුවරක්‌ ගෙන ඇත.
  • තමාට පිහිට තමා මිස වෙන කවරෙකුද යන මතවාදය බෞද්ධ දර්ශනය තුළින්ද සමජ ගතවුවත්‌, තමා තමාටම පිහිට කර ගැනීම තරග කොට සමාජය තුළ ඉතා සංකීරණ අභියෝගාත්මක ප්‍රවේශයන්‌ තුළ ගොනු වී ඇත.
  • හේතුඵල ධර්මතාවයන්‌ යටතේ ක්‍රියාවට ඇත්තේ ප්‍රතික්‍රියාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම සිනමා නිර්මාණය කිසිදු වෙහෙසකින්‌ තොරව සිනමා ප්‍රේක්ෂකයාට තමා සමග ස්වයං සංවාදයක්‌ සහිතව උනන්දුවෙන්‌ නැරඹිමට  මහජන අවකාශය ලැබෙනු දැන් ලැබී ඇත. ගෝලීය දේශපාලන, සමාජ හා ආර්ථික පරිවර්තන තුළ සමාජ සබඳතා හා පෞද්ගලික අවශ්‍යතා ඉතා සංකීර්ණ අභියෝගාත්මක මුහුණුවරක්‌ ගෙන ඇත.

ආගමික, අධ්‍යාපනික, අධ්‍යාත්මික, ප්‍රවේශයන්‌ තුළ පුද්ගලයා කිසියම්‌ මෙහෙයවීමකට ගෙන ආවද තරගකාරී සමාජ  හා පෞද්ගලික අවශ්‍යතාවන්‌ගේ ධාවනය නිසා පුළුල්ව නොදකින ආත්මාර්ථකාමී අන්තර් සබඳතා ප්‍රවේශයන්‌ සමාජය  සංකීර්ණත්වයට පත්කර ඇති බව සියුම්  සිනමාරූපී කළමණාකාරිත්වයකින්‌ බහුචිතවාදියා සිනමා නිර්මාණය ඉදිරිපත්‌ කරයි. 

0b24e460 b195 4bce a07f 05d4ea593f4c

පෞද්ගලිකව තම ආර්ථික, සමාජ හෝ ලිංගික අවශ්‍යතාවයන්‌ සඳහා සමාජ තිරය පිටුපස පෞද්ගලික හැසිරීම කුමක්ද යන්න බහුචිතවාදියා අභ්‍යන්තරයෙහි  මැනවින්‌ නිර්වචනය කර දෙනු ලබයි.

තමාට පිහිට තමා මිස වෙන කවරෙකුද යන මතවාදය බෞද්ධ දර්ශනය තුළින්ද සමජ ගතවුවත්‌, තමා තමාටම පිහිට කර ගැනීම තරග කොට සමාජය තුළ ඉතා සංකීරණ අභියෝගාත්මක ප්‍රවේශයන්‌ තුළ ගොනු වී ඇත. සමාජය තුළ තමාට ඉඩකඩ පුළුල්‌ කර ගත හැක්කේ තවත්‌ සබඳතා ජාලවන්ද සමග වේ. අවස්ථාවන්‌ විරල හා දුර්වල ශ්‍රී ලංකාව වැනි සමාජයක එවැනි ප්‍රයත්නයන්‌ සඳහා පුද්ගලයාට ඉතාම පහළ තැනකින්‌ ආරම්භ කළ හැකි වුවද තවදුරටත්‌ ඉදිරියටම යාම සඳහා සැතපෙමින්‌ වැලපෙමින්‌ ක්‍රියා කිරීමට හෝ හැසිරීමට සිදුවේ. මේ සඳහා මාර්ගගත සන්නිවේදන පහසුකමි ද මෙවලම්ද සමාජය තුළ බහුලව යොදා ගැනේ.

සමාජ මාධ්‍ය හෝ එවැනි මෙවලමි ආත්මාර්ථය හෝ තරගකාරීව ඉහළට යාමේ පෞද්ගලික මානසික හා භෞතික අවශ්‍යතාවයන්‌ සඳහා ද සමාජය පුළුල්ව භාවිතා කරන වටපිටාවක් අප හමුවේ පවතී.

 

WhatsApp Image 2025 06 14 at 3.53.46 PM 1

හේතුඵල ධර්මතාවයන්‌ යටතේ ක්‍රියාවට ඇත්තේ ප්‍රතික්‍රියාවකි. එයද සනාථන ධර්මතාවයෙකි. සමාජ සබඳතා නිසි පරදි කළමනාකරණය කර නොගන්නේ නම් හෝ ඒවා අවභාවිතය තුළ පුද්ගලයා මෙන්ම සමාජයද නානාප්‍රකාර සංකීරණ වූ ජීවිත අත්දැකීම්‌ අඛණ්ඩව ලබා ගනී. නිසි ප්‍රවාහය තුළින්‌ බැහැරව අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පුද්ගලයාට සමාජ ආර්ථික මෙන්ම මානසික බිල්පතක්‌ ලැබෙනු ඇත. එය හේතුඵල ධර්මතාවය මත ලැබෙන බිල්පතකි.

එබඳු බිල්පත්‌ ගෙවමින්ම පුද්ගලයා සමාජයේ සැරිසැරීමේ විශ්ලේෂණය බහුචිතවාදියා හි උසස්‌ සමාජ විවරණයක්‌ මත පිහිටුවා සමග සමාජ ගත කරයි. බහුවිතවාදියා සැබැවින්ම ඉතා උසස්‌ මට්ටමේ විකල්ප  ආර්ථික සමාජ හා පෞද්ගලික හැසිරීමම් පිළිබඳ පිළිබිඹුවක් සමාජයට සපයයි. එය තවත් පසෙකින් “තොප්පිය හරිනම් දමාගත හැක'' යන කියමන යටතේ ප්‍රේක්ෂකයා සරල මෙන්ම සංකීර්ණ ස්වයං විවේචනයක්‌ සඳහාද සමාජ කතිකාවක්‌ සඳහා ද යොමු කරනු ඇත.

WhatsApp Image 2025 06 14 at 3.53.46 PM

බහුචිතවාදියා සිනමා නිර්මාණය සඳහා දායක වී ඇති  නළු නිළියන්‌ කෘතිය තුළ ඇති බහුචිතවාදි මතවාදය ඉතා උසස්‌ ලෙස තේරුම්‌ ගනිමින්‌ සිදුකරන යථාර්ථවාදි දායකත්වය අධ්‍යක්ෂකවරයාගේ චින්තනය සැම අතින්ම ඔප මට්ටම් කර ඇත. ඔවුන්‌ ඒ සඳහා සපයා ඇති අවබෝධාත්මක කැප කිරීම් වින්‍යාසය ප්‍රශංසනීය වේ. සිනමාරූපී පෙළ ගැස්මද ප්‍රේක්ෂකයා වෙහෙසට පත්‌ නොකරන අතර අවසානය තෙක්ම ඔහු උනන්දුවෙන්‌ රඳවා ගැනීම සහතික කොට ඇත.

බහුවිතවාදියා සැබවින්ම සමාජයට වෙනස්‌ වූ සිනමා අත්දැකීමක්‌ සපයනු ඇත. මාලක දේවප්‍රිය නම්‌ වෙනස් මිනිසකුගේ පුළුල්‌ සමාජ දැක්ම සහිත මෙම සිනමා නිර්මාණය පුංචි හෝ විවේචනයක්‌ නොමැති තරමේ ඉහළ කැපවීමක්‌ සහිත මහා සමාජයකට ජනගත වීමේ විභවය සහිත  කෘතියකි.

ලංකාවේ පමණක්‌ නොව ජාත්‍යන්තර සිනමාව තුළද මේ වන විට ඉමහත්‌ විචාරශීලී කුතුහලයක්‌ සමාජ ගත කර ඇති මෙම කෘතිය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය ප්‍රදර්ශනය සඳහා අනුග්‍රහත්මක දායකත්වය දක්වා ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානය මේ සඳහා දායකත්වය සැපයීමෙන්‌ “කරනවා නම්‌ මෙන්න වැඞ'' යන මහා පණිවිඩයක්‌ සරල බෙදාහැරීමි හෝ ඒකරාශි වීමි සඳහා යොමු වූ විද්වත්‌ සංවිධානවලට  ලබා දි ඇත.

WhatsApp Image 2025 06 14 at 3.53.46 PM 2

බහුචිතවාදියා නුදුරෙදීම සමාජගත වීමෙන්‌ පසු මිතුරන්‌ අතර ''සෙට්වීම්” වලදී කාලය ගතකිරීමට ඉතාම හොඳ බයිට්‌ එකක්‌ සපයනු නොඅනුමානය. සෙට්‌ වීමට පෙර බහුචිතවාදියා බැලිය යුතු බව මගේද නිර්දේශයකි. එය අප සියළු දෙනාටම ගැලපෙන ලුණු ඇඹුල්‌ සහිත හොඳම බයිට්‌ එකකි.

 



499794369 9749086338507816 8624973137704150863 n
( සටහන | ජිනසිරි දඩල්ලගේ)
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...