The Leader News
BREAKING
Top Ad
Opinion

''නිකන් ගෝටට බැනල වැඩක් නැහැ. ගෝලීය ප්‍රශ්ණවලට ගෝලීය විසඳුම් හොයන්න ඉඩ දෙන්න.'' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

T

The Leader Desk

March 14, 2020 • 9:47 AM

''නිකන් ගෝටට බැනල වැඩක් නැහැ. ගෝලීය ප්‍රශ්ණවලට ගෝලීය විසඳුම් හොයන්න ඉඩ දෙන්න.'' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති ගෝඨාභයට බැන වැදීමෙන් පලක් නොමැති බවත්, ගෝලීය ප්‍රශ්ණවලට ගෝලීය විසඳුම් හොයන්න ඔහුට ඉඩ දිය යුතු
  • එහි ඔහු මෙසේ සඳහන් කර තිබේ.
  • නිකන් ගෝටට බැනල වැඩක් නැහැ මේවගේ ලොකු ප්‍රශ්ණවලදි.
  • 70-75 ලෝක ආර්ථික අවපාතය නොසලකා, ලංකාවෙ විපක්‍ෂය ඒක දේශපාලනයට පාවිච්චි කරා.
අකුරු ප්‍රමාණය (Font Size):

බවත් 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ සටහනක් තබමින් පවසයි.

එහි ඔහු මෙසේ සඳහන් කර තිබේ.

''මම ගෝටාට කැමති නැත්තේ එයා නීතියට පිටින් මිනීමැරිම් සහ පුද්ගලිකව හොරකම් වලට සම්බන්ද යයි මට තොරතුරු තියෙන නිසා හා ඒවා මම විශ්වාස කරන නිසා නිසා. නමුත් මේ ඒව ගැන කතාකරන වෙලාව නෙමෙයි. ගෝලීය ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඕනෙ ගෝලීය වශයෙන්. ආර්ථික අවපාත, මේ වගේ වසංගත ගෝලීයය ප්‍රශ්ණ. ඒවට විසඳුම් හොයන්නත් පුලුවන් ගෝලීය වශයෙන් විතරයි.

නිකන් ගෝටට බැනල වැඩක් නැහැ මේවගේ ලොකු ප්‍රශ්ණවලදි. 70-75 ලෝක ආර්ථික අවපාතය නොසලකා, ලංකාවෙ විපක්‍ෂය ඒක දේශපාලනයට පාවිච්චි කරා. රටට කෙල උනෙත් ඒක දේශපාලන වශයෙන් බලල මයියොක්ක කාල මිනිස්සු මැරෙනව කියල ලංකාවෙ පත්තරවල දාපු නිසා. ආචාර්ය එන් එම් පෙරේරා ඒ ආර්ථික අවපාතය ඇතුලෙ හොඳින් ක්‍රියා කරනව කියල ඇමරිකාවත් පිලිගත්ත කියන එක දන්නෙ ජුලියන්ට (WikiLeaks) පින් සිද්ධ වෙන්න.

 ඒ නිසා ගෝලීය ප්‍රශ්ණවලට ගෝලීය විසඳුම් හොයන්න ඉඩ දෙන්න.

කොටින්ට විරුද්ධව යුද්ධෙ දින්නෙත් ගෝලීය වශයෙන් මිසක් රටක් විදියට නෙමෙයි.

මේ ගොල්ල ෆේල් වෙන්නෙ රටක් විදියට විසඳුම් සොයන්නට යාමෙනුයි, රට ඇතුලෙ විරෝයො වෙන්න යාමෙනුයි. ගෝලීය ප්‍රශ්ණවලට ගෝලීය විසඳුම් හොයන්න ඉඩ දෙන්න.'' 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...