මූලිකවම ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයන් කියන්නෙ ජාතික මැතිවරණයන්. මේවයෙ චන්ද දායකයගෙ හැසිරීමට ගොඩක් වෙලාවට බලපාන්නෙ ඒ වෙනකොට ජාතික තලයේ ඇතිවෙමින් පවතින කතා බහ. ගොඩනැගී තිබෙන සාමූහික විඥාණය. ජාතික තලයේ ගොඩනැගී තිබෙන ප්‍රතිරූපයන් කෙරෙහි ජනයා දක්වන ආකර්ශනය. විශ්වාසය. එක විදියකට චන්ද දායකයා ඒක සලකන්නෙ ජාතික වගකීමක් විදියට.
නමුත් පාලත් පාලන මැතිවරරණයක ජනයාගෙ එහෙමත් නැත්තං චන්ද දායකයගෙ හැසිරිම මීට හාත්පසින් වෙනස්. එතන ක්‍රියාත්මක වෙන්නෙ පෞද්ගලික හිතවත් කම්, කුල සාධක, වාර්ගික අනන්‍යතාවය, ආගමික අනන්‍යතාවය, පලාතෙ එකෙක් වීම, ඉස්කෝලෙ එකෙක් වීම, ඥාති සම්බන්ධය,....මීට අමතරව මූලිකවම ප්‍රාදේශිය දේශපාලකයා සමග තියෙන අනුග්‍රාහක සේවාදායක සම්බන්ධය. ඒ කියන්නෙ ලමය ඉස්කෝලෙ දාගන්න, ආණ්ඩුවෙන් පෞද්ගලික වැඩක් කරවගන්න, රස්සාවට දාගන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී හෝ ඇමති එක්ක ප්‍රාදේශීය දේශපාලකය පවත්වන කිට්ටු සම්බන්ධය, ප්‍රාදේශිය දේශපාලකයට පොලීසිය එක්ක තියෙන කිට්ටු සම්බන්ධය..ඔය වගේ පුද්ගලික කාරණා ගොඩක් චන්ද දායකයගෙ හැසිරීමට බලපානව.

ඒ වගේම තමයි අවුරුදු 76 තිස්සෙ අපේ රටේ හැදිල තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුලෙ රාජ්‍ය සේවය මුලුමනින් දේශපාලනීකරණය වෙලා තියෙන නිසා පාරට තාර ටිකක් දාගන්න බෝක්කුවක් හදාගන්න තමං දන්න හදුනන පුරුදු කෙනෙක් ප්‍රාදේශීය සභාවට යවන්න ඕනෙ කියල චන්ද දායකයගෙ මතයක් තියෙනව.
ඒ වගේම තමයි අපි හොදට තේරුම් ගන්න ඕනෙ ලංකාවෙ චන්ද දායකයා කියන්නෙ දේශපාලන සංස්කෘතිය තරම්ම දූෂිත වංචාසහගත, හොර පාරෙන් වැඩ කිරීමට කැමති අර පරණ සංස්කෘතියේම නිර්මාණයක්. එක පැත්තකින් ජාතික තලයේ දේශපාලනය ගැන කිසියම් ජාතික උවමනාවකින් සාමූහික විඥානයකින් ක්‍රියා කරන අතරම මේ චන්ද දායකයා ප්‍රාදේශීය තලයෙදි ක්‍රියාත්මක වෙන්නෙ අර ප්‍රාදේශීය දූෂිත අතයටින් හැමදේම සිදුවන දේශපාලන සංස්කෘතිය අනුමත කරමින්..මේ එහි ප්‍රතිලාභ ලබමින් ඉන්න දෙබිඩ්ඩෙක්. මේක වෙන විදියකට කිව්වොත් ජාතික තලයේ මැතිවරණයක දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී චන්ද දායකයට බලපාන්නෙ සබුද්ධික (තාර්කික, සවිඥාණික) මනස නම් ප්‍රාදේශීය මැතිවරණ වලදි චන්ද දායකයාගෙ තිරණාත්මක සාධකයක් වෙන්නෙ අවිඥාණික ආශාව හා බැදුනු කැමැත්තක්. අනුමැතියක්. ඉතින් ප්‍රාදේශීය මැතිවරණයක චන්ද දායකයගෙ මේ හැසිරීම පරිවර්තනයට ලක් වීම කියන්නෙ ඇත්තටම දීර්ගකාලීන අභියෝගාත්මක දෙයක්.
මේ නිසා මට හිතෙන්නෙ පසුගිය මැතිවරණ දෙක එක්ක මේ මැතිවරණය සන්සන්දනය කිරිමේදී මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. අනික එහෙම එකට එකේ සන්සන්දනයක් කරන්න තරම් සමාන තත්වයන් ඇතුලෙ නෙමෙයි චන්ද දායකයගෙ හැසිරිම තියෙන්නෙ.

මේකෙ හොදම උදාහරණය තමයි මෙ පලාත් පාලන මැතිවරණයේ පොහොට්ටුවට සහ සර්වජනයට (සර්වජනේ කියන්නෙ පොහොට්ටුවෙ පොඩි පොහොට්ටුවනෙ) ලැබුන චන්ද පදනම මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණයට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වීම. මේකෙන් පේන්නෙ අර මං කියපු ප්‍රාදේශීය දේශපාලකයාට චන්ද දායකයාගෙ (පලාත් පාලන මැතිවරණ චන්ද දායකයා) තියෙන අනුමැතිය (අවිඥානික) සහ ඒ මෙතෙක් පැවති සේවාදායක අනුග්‍රාහක සම්බන්ධය තවදුරටත් රැක ගැනීමේ උවමනාවයි.

මොකද අපි දන්නවා වඩාත්ම පැතිරුණු දූෂිත ප්‍රාදේශීය වලල්ල තිබ්බෙ පොහොට්ටුවට.ප්‍රදේශයේ චන්ඩි, කොන්ත්‍රාත් කාරයන්, ජාවාරම් කාරයන්, පොලීසිය, ග්‍රාමසේවක, පංසල, ප්‍රාදේශීය සභාව මේ හැම එකක් එක්කම හැදුනු සම්බන්ධතා ජාලයක් තිබ්බෙ පොහොට්ටු ප්‍රාදේශීය දේශපාලකයට.ඉතින් මෙවර පලාත් පාලන මැතිවරණයෙදි පොහොට්ටුවෙ චන්ද පදනම වැඩි වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි උතුරු නැගෙන හිර සාම්ප්‍රදායික දෙමල මුස්ලිම් පක්ෂවලට ලැබුනු චන්ද පදනම තේරුම් ගන්න වෙන්නෙ මේ කාරණා සමගයි.
උපුටා ගැනීම - Kapila Krishantha ගේ ෆේස්බුක් පිටුවෙන්...



