The Leader News
BREAKING
Top Ad
Opinion

ඉන්දීය ඖෂධ නිර්දේශ නොකරන වෛද්‍යවරුන්ට පහර දෙන මෙහෙයුමක් | Keerthi Ratnayake

T

The Leader Desk

July 3, 2025 • 4:17 PM

ඉන්දීය ඖෂධ නිර්දේශ නොකරන වෛද්‍යවරුන්ට පහර දෙන මෙහෙයුමක් | Keerthi Ratnayake

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුවෙන් සටන් කළේය.
  • එම සටන අතරතුර ඔහු අභිරහස් ලෙස මිය ගියේය.
  • ඖෂධ සමාගම් සහ චරපුරුෂ සේවා අතර අඹුඩයයි පුකයි සබැඳියාවක් ඇත.
  • එනම් මැතිවරණ ඇතුළු දේශපාලන ව්‍යාපෘතිවලට මුදල් පොම්ප කිරීමය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුවෙන් සටන් කළේය.

එකල පැවති ආණ්ඩු ඖෂධ මාෆියාවේ පැත්ත ගැනීම නිසා කලකිරුණු සේනක විදේශගත විය.

විදේශගත වූ ඔහු ගෝලීය ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුවෙන් සටන් කළේය. එම සටන අතරතුර ඔහු අභිරහස් ලෙස මිය ගියේය.

ලොව පුරා ඖෂධ මාෆියාවට එරෙහිවූ දහස් ගණනකට සේනකට අත් වූ ඉරණම අත්විය.

ඖෂධ සමාගම් සහ චරපුරුෂ සේවා අතර අඹුඩයයි පුකයි සබැඳියාවක් ඇත.

CIA, මොසාඩ්,රෝ වැනි චරපුරුෂ සේවා තම ජාතිකවාදී න්‍යාය පත්‍රය තුළ ඕනෑම ප්‍රහාරයක් එල්ල කරන පිරිසකි.

ඖෂධ මාෆියාව තමන්ට එරෙහි පුද්ගලයන් ඝාතනය කිරීමෙන් නැවතුනේ නැත.

අද ඖෂධ මාෆියාව එහි ඊළඟ අදියරේ ( Next Level ) සිටියි.

එනම් මැතිවරණ ඇතුළු දේශපාලන ව්‍යාපෘතිවලට මුදල් පොම්ප කිරීමය.

අද ඉන්දියාව ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයකි.

ලංකාවට ආනයනය කරන ඖෂධ වලින් 80% එන්නේ ඉන්දියාවෙනි.

කෙසේ වුවත්  ස්නායු ආශ්‍රිත රෝග තත්ත්වයන් සඳහා නිර්දේශ කරන ඖෂධ වෙළඳ පොලේ ඉන්දියානු පංගුව ඉතා කුඩා එකකි. එම පංගුව 12% කි.

ඉන්දියානු වෙළඳපොළ පංගුව එසේ අඩු වීමට හේතුව මෙරට සිටින ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් ඉන්දියානු ඖෂධ නිර්දේශ නොකිරීමය.

 

මෙරට මොළය සහ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් සිටින්නේ දහයකට අඩු ප්‍රමාණයකි. මේ වන විට  ඒකී වෛද්‍ය කණ්ඩායමට එරෙහිව සංවිධානාත්මක ප්‍රහාරයක් දියත් වී ඇත.


ඉන්දියාවේ ෆාමකෝපියා කොමිසම (ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය) සහ මෙරට  ඖෂධ නියාමන අධිකාරිය ගිවිසුම් ගත වූ බව විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස  ප්‍රකාශ කොට ඇත.

එය ඉන්දියාවේ අනුමත ඖෂධ පරීක්ෂාවකින් තොරව මෙරට වෙළඳ පොළට නිකුත් කළ හැකි තත්ත්වයකි.

මේ සියල්ල අතරතුර ඉන්දීය ඖෂධ නිර්දේශ නොකරන වෛද්‍යවරුන්ට පහර දෙන මෙහෙයුමක්  දැකිය හැක.

එම මෙහෙයුම පිටුපස ඉන්දියානු ඖෂධ මාෆියාව සිටින බව නිගමනය කිරීමට කරුණු ඇත.

වෛද්‍යවරයෙක් නොව කවරෙක් වුවද වරදක් කර ඇත්නම් අධිකරණය හරහා දඬුවම් කළ යුතුය.

මෙම ලියුම්කරු නිරපේක්ෂව එම ක්‍රියාදාමයට පක්ෂය.  

නමුත් අද දේශීය බලකනු හයිජැක් කොට ඉලක්ක දිනන ඉන්දීය ආක්‍රමණයක් ක්‍රියාත්මකය.

මැතිවරණ වලට රුපියල් පොම්ප කල ව්‍යාපාරිකයෝ හාල්, ලුණු, කන්ටේනර් මතින් ගරන අයුරු දැකිය හැකි විය.

කරුණු එසේ නම් මැතිවරණ වලට ඩොලර් පොම්ප කළ ඉන්ටනැෂනල් මාෆියා නිකන් සිටීද?

Keerthi Rathnayake(සටහන | කීර්ති රත්නායක)
ගවේශනාත්මක මාධ්‍යවේදී

(උපුටා ගැනීම - Keerthi Ratnayake ෆේස්බුක් පිටුවෙන්)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...