The Leader News
BREAKING
Top Ad
Opinion

කං කං බූරු, සිං සිං සිඤ්ඤෝරු, ආණ්ඩුව දැන්වත් අපි කියනදේ අහනවදෝ | ලොකු කුමා

T

The Leader Desk

May 14, 2025 • 10:23 AM

කං කං බූරු, සිං සිං සිඤ්ඤෝරු, ආණ්ඩුව දැන්වත් අපි කියනදේ අහනවදෝ | ලොකු කුමා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප කුඩා කාලයේ කං කං බූරු සෙල්ලම කරන ලද්දේ කියන දේ අහන අයගේ සහභාගිත්වයෙනි.
  • කං කං බූරු සෙල්ලමේ නායකයා පවසයි.
  • එහිදී අප ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කෙරුවේ මේ “අප මේ ලියන දේ ඇත්තද?” යන්නය.
  • ජාජබ ආණ්ඩුවට හිතවත් බොහෝ අයවළුන්ද අප මතු කරන ලද ප්‍රශ්ණ සමාජ මාධ්‍ය වලින් මතු කරමින් සිටි බවද අපට කියවිය හැකි විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අප කුඩා කාලයේ කං කං බූරු සෙල්ලම කරන ලද්දේ කියන දේ අහන අයගේ සහභාගිත්වයෙනි.


කං කං බූරු සෙල්ලමේ නායකයා පවසයි. ” සිං සිං සිඤ්ඤෝරු”.

පිරිස පිළිතුරු දෙති.” මං කියන දේ අහනවද? නායකයා හෝ නායිකාව නැවත අසයි.

“ඔව්” යැයි පිරිස එකඟ වේ.

මෙහිදී අහනවද යැයි කීමෙන් අදහස් කරන්නේ පිළිපදිනවාද යන්නය. එහෙත් සමහරු ඇසුනත් නෑසුනා වගේ සිටිද්දී විහිළුවට අසන්නේ ඇයි කන් ඇහෙන්නේ නැද්ද කියාය.


අප කළ සෙල්ලම

මොකක්ද මේ අමුතු අමාත්‍යංශ අධීක්ෂණ කමිටු යෝජනාව | ආචාර්ය සුජාතා ගමගේ
අපි පසුගිය දවස්වල ජාජබ ආණ්ඩුව සමග කංකං බූරු සෙල්ලම කෙරුවෙමු.

ඒ ආණ්ඩුව ගැන බොහෝ දේ අනාවරණය කරමිනි. එහිදී අප ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කෙරුවේ මේ “අප මේ ලියන දේ ඇත්තද?” යන්නය.

ජාජබ ආණ්ඩුවට හිතවත් බොහෝ අයවළුන්ද අප මතු කරන ලද ප්‍රශ්ණ සමාජ මාධ්‍ය වලින් මතු කරමින් සිටි බවද අපට කියවිය හැකි විය. ඒ සැමගේ සිත තුළ ආණ්ඩුවේ ඇතැම් කෙරුවාවන් පිළිබඳව පැවතියේ කණගාටුවකි වේදනාවකි.කම්පනයකි. සිත් රිදුමකි.

ඔවුන් සැම ගේද අපගේද අපේක්ෂාව වූයේ ජාජබ ආණ්ඩුව ආරක්ෂා කර ගත යුතුය යන්න මිස නැවත තක්කඩි රාජපක්ෂ වරුන් බලයට ගෙන ඒම නොවේ.

The Leader | We Lead the Nation - Results from #1562

 

ජාජබ ආණ්ඩුව යනු මෙරට දුක වේදනාව හඳුනන පොඩි මිනිසුන්ගේ දේශපාලන බලය අභ්‍යාසයේ නිරත වන අවසාන අවස්ථාව බව අපි තවමත් විශ්වාස කරමින් සිටිමු.

මේ අභ්‍යාසය නිවැරදිව ගොඩ දා ගැනීමට ජාජබයේ නායකයන් විසින් අත් හැරිය හොත් ඉන් අනතුරුව මෙරට දේශපාලන භූමිය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබෙන්නට ඉඩ තිබේ.

ජාජබයේ නායකයන් සිය පාක්ෂිකත්වයේ හඬට කන් නොදෙන තරමට උද්දච්ච වී සිටී යැයි බොහෝ දෙනා නගන මැසවිල්ල අපටද දැනී තිබේ.

බලය ලබා ගැනීමට පෙර ඔවුන් හා ගනුදෙනු කළ බොහෝ අයවළුන් නොතකා හැරීමට තරමේ ජාජබයේ ඇතැම් නායකයන් අධිපති වාදී උන්මාදයෙන් හැසිරෙන බවට චෝදනා එල්ල වෙමින්  තිබුණි. එහිදී බරපතල ලෙස අවධානයට ගත යුතුව තිබුණේ ජාජබ නායකයන් ගේ නිහඬ ප්‍රතිචාරයයි.

සතයකටවත් ගණන් නොගත් විවේචන

ජනපති අපේක්ෂකයන් 'හිර වෙන' තැන් - (සුනිල් කන්නන්ගර)
ඔවුන්ගේ නිහඬ ප්‍රතිචාරය තක්සේරු කරන විට අප හට වටහා ගත හැකි වූයේ අපගේ විවේචනයන් ජාජබ ආණ්ඩුවේ කෙරුමන් අධෝ වාතයක් තරම් වත් ගණන් නොගන්නා බවය. අඩුම තරමේ සිය සමීපතම පාක්ෂිකයන් සමගවත් සංවාදයක් ජාජබ ආණ්ඩුවේ කෙරුමන් තුල තිබුණේ නැති බව පැහැදිලිය.

අප ජාජබ ආණ්ඩුව බලයට පත් කරවීම සදහා කොන්දේසි විරහිතව සහයෝගය දුන්නේ ආණ්ඩු බලය ලැබුණ විට තනතුරු වරප්‍රසාද ඉල්ලා ගැනීමේ අපේක්ෂාවෙන් නොවේ. පැවැති ආණ්ඩුවල දේශපාලඥයන් ගේ අවලම් කෙරුවාවන් ගැන අපට පැහැදිලි අවබෝධයක් තිබුණි.

ජාජබයේ නායකයන් එම මජර දේශපාලනයේ කොටස් කරුවන් නොවන පිරිසක් ලෙස ආශ්වාද ජනක විශ්වාසයක් අප තුළ තිබුණි. මෙරට දේශපාලනය නිවැරිදි දිශානතියකට ගෙන යාමේ ඕනෑ කම හා ඒ සඳහා පැවතිය යුතු ශක්තිය ජාජබ නායකයන් සතුව පවතින බවටද අප සිතුවෙමු. විශේෂයෙන් මෙරට බල ආධිපත්‍යය තුළ යකඩින් හා ලෙයින් මුවහත් වූ ජවිපෙ දේශපාලනයේ රැඳුන  අත් දැකීමෙන් බහුශ්‍රැත බවින් හා විනයෙන් ජාජබය මෙරට ආණ්ඩු බලය ඉතා නිවැරිදිව හසුරවනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස විය.

පාර්ලිමේන්තු ජයග්‍රහණය

2025 පළාත් පාලන මැතිවරණය සහ පළාත් පාලනයේ ඉදිරිය | සුජාතා ගමගේ
බොහෝ ජනතාවද ඒ අදහසේ සිටි බව තහවුරු වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාජබයට හිමි වුන ජයග්‍රහණය ගැන ගනන් හදන විටදීය.

මේ ජයග්‍රහණය ජාජබයේ නායකයන් පවා නොසිතූ ජයග්‍රහණයක් විය. එය ජාජබ නායකයන් තක්බීරි කරන්නට තරමේ ජයග්‍රහණයකි. එහෙත් ජාජබය ආණ්ඩුව අත් පත් කර ගත්තද රාජ්‍යය නියාමනය කිරීමට ජාජබයට සැළසුමක් නොතිබුණ බව⁣ට සැකයක් අප හට දැන් ඇති වී ති⁣බේ. එම සැකය අප හට මතු වූයේ බොහෝ රාජ්‍ය ආයතන හසුරවීමට ජාජබ ආණ්ඩුවේ කෙරුමන් බාර දෙන ලද්දේ පරණ ආණ්ඩුවල සිටි දූෂිතයන්ටම නිසාය.

අප මුලින්ම මේ ගැන අනාවරණය කෙරුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වගකීම් පවරන ලද කෙරුමන් ගේ පැටිකිරිය සම්බන්ධයෙන් අප වෙත ලැබුණ තොරතුරු උපයෝගී කර ගනිමිනි.

මහජන ආරක්ෂක අමාත්‍ය වරයා ආනන්ද විජේපාලය. නියෝජ්‍ය අමාත්‍ය වරයා නීතිඥ සුනිල් වටගලය. ආනන්ද විජේපාල කෙසේ වෙතත් නීතිඥ සුනිල් වටගල ඇටුවම් බැස ගත් ජවිපෙ කාඩරයේ නියෝජනයකි. ආනන්ද විජේපාල ජනපති අනුර කුමාර සහෝදරයාගේ සමීපතම හිතවතකු බව කියවේ.

 

President AKD 2025.03.18 13
එහෙත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කෙරුවාව ගැන බොහෝ දෙනා තුළ දැඩි විවේචනයක් මේ වන විට මතු වී තිබේ.

මේ බොහෝ දෙනා යනුවෙන් අදහස් කරන්නේ ජාජබයේ සමීපතම ක්‍රියාකාරීන් මිස විරුද්ධ පක්ෂය නියෝජනය කරන්නන් නොවන බවද සඳහන් කළ යුතුමය.

අනුර කුමාර සහෝදරයා මෙරට ජනපතිවරයා වීම වැලැක්වීමට දැඩි ප්‍රයත්නයක නිරත වූයේ පොලීසියේ ඉහළ ඇවරියේ ⁣දූෂිතයන් හා හමුදාවේ පට්ට දූෂිත නිලමක්කාරයන්ය. එහෙත් ජාජබය බලයට ගෙන ඒම සදහා රහසිගතව බොහෝ මැදිහත් වීම් කළ පොලිස් හා හමුදා ප්‍රධානීන් සිටියහ. ඔවුන් ඒ මැදිහත් වීම් සිදු කරන ලද්දේ බරපතල වෘත්තිමය අවදානමක් ගනිමිනි. මේ බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වූයේ පොලීසිය හා හමුදාව නැවත විනයානුකූල ආයතන ලෙස ගොඩ නැගිය යුතුය යන්නය.

බය නැති වුණා

පොලිසියේ නව පුටුපෙරළිය අනීතිකද?
අනුර කුමාර සහෝදරයා ජනපති ධුරයට පත් වද්දී පොලීසියේ හා හමුදාවේ දූෂිතයන් හා ජාවාරම්කාරයන් සිටියේ භීතියකිනි. සිය ජාවාරම්කාර වෘත්තීය පැවැත්ම අහිමි වනු ඇතැයි ඔවුන් සිතා සිටියහ.

එහෙත් අවාසනාවකට ජනපති අනුර සහෝදරයා ඇතුළු ජාජබ නායකයන්ට පොලිස් හා හමුදා තුළ සිටින සිය පාක්ෂික නියෝජනයන් ගැන අදහසක් නොතිබුණ බව දැන් දැන් සිදුවෙමින් පවතින විකාර සහගත රාජකාරි යෙදවීම් වලින් තහවුරු කර ගත හැකිය. මේ වන විට අනුර කුමාර ජනපතිවරයා හා මහජන ආරක්ෂක අමාත්‍යංශය වටා අරක් ගෙන සිටින්නේ පරණ ආණ්ඩුවල සිටි ජාවාරම්කාරයන්ය.

ජාජබ ආණ්ඩුවේ සුපිරි ආරක්ෂකයන් ලෙස පෙනී සිටින මුන්දැලා රහසින් ගණන් හදමින් සිටින්නේ ආණ්ඩුවට කෙල වෙන දවස කවදාද යන්න මිස  වෙන ලබුවක් නොවේ.

මහජන ආරක්ෂක ඇමතිවරයා ගේ උපදේශකයා ලෙස පත් කරගෙන සිටින පැන්ෂන් පොලිස්කාරයකු වූ ඩී.එල්.ආර්.රණවීර ගේ පැටිකිරිය ගැන අප අනාවරණය කෙරුවේ අද ඊයේ නොවේ. මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ මහා කෙරුමා බවට පත් වී සිටින්නේ මේ පැන්ෂන් පොලිස් කාරයාය.

1988-89 භීෂණ සමයේ ටයර් සෑයක් මත දැවී ගිය තරුණයකු ගැන අමුතු කතාවක්
මහජන ආරක්ෂක ඇමති ආනන්ද ⁣විජේපාල උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස සේවයේ නිරතව සිටියදී ඩී.එල්.ආර් රණවීරද එම කණ්ඩායම නියෝජනය කළ බව පැවසේ. උප පොලිස් පරීක්ෂක රණවීර 89 භීෂණ සමයේ කළුතර පොලිස් බල ප්‍රදේශයේ වැලිපැන්න පොලීසියේ වදකාගාරයක් පවත්වාගෙන ගිය මෙලේච්ඡ පොලිස් කාරයෙකි. කළුතර ජවිපෙ නායකයකු ලෙස කටයුතු කළ කළු සයිමන් සහෝදරයා වද දී ඝාතනය කරන ලද්දේ ⁣මේ උන්නැහේය.

කළුතර කළු සයිමන් සහෝදරයා ඒ වන විට ජවිපෙ නායක ව්ජේවීර සහෝදරයා සමගද සම්බන්ධතා පවත්වා ගෙන ගිය සහෝදරයෙකි. විජේවීර සහෝදරයා අත් අඩංගුවට පත් වනවිට එම නිවසේ ගෘහ සේවිකාවක ලෙස පෙනී සිටි කරුණාවතී සහෝදරිය සයිමන් සහෝදරයාගේ වැඩිමහල් සහෝදරයා විය. සයිමන් සහෝදරයා ගේ ඝාතනය ගැන පමණක් සදහන් කර ⁣මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක රණවීර උන්නැහේගේ කෙරුවාව අවසන් කළ නොහැකිය. ඒ ඔහුට එරෙහිව පොලිස් සේවාව තුළ බොහෝ දූෂණ චෝදනා තිබෙන බැවිනි.

කසාය බිව් ගොලුවෝ

 

තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කරන ලදැයි රණවීර උපදේශක උන්නැහේට ⁣එරෙහිව සීඅයිඩීය කොළඹ මහේස්ත්‍රාත්වරයාට වෙත කරුණු දක්වා තිබේ. රාජපක්ෂ වරුන්ගේ බොහෝ අපරාධ යට ගැසීම සඳහා  රණවීර උපදේශක උන්නැහේ කටයුතු කර ඇති බවට චෝදනා ගණනාවකි.

අප මේ තොරතුරු මුලින්ම අනාවරණය කරද්දී අපට සිතුනේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සහෝදරයාවත් මේ ගැන අවධානයට ගනු ඇත කියාය. ඒත් ඔහු පවා මේ ගැන කටේ කෙල බිඳුවක් හෙලා නැත. මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මේ මාර උපදේශකයා ගැන ප්‍රශ්ණ කරන ලදී. එහෙත් ඒ ගැන ආණ්ඩු පක්ෂය සිටියේ කසාය බිව් ගොළුවන් විදියටය.

දැන් ප්‍රශ්ණය වන්නේ මහජන ආරක්ෂක ඇමති හා නියෝජ්‍ය අමාත්‍ය සහෝදරයා තම අමාත්‍යංශයේ උපදේශකයාට එරෙහිව පවතින චෝදනා ගැන හාංකාවිසියක් නොදන්නේද යන්නය. එය එසේ නොදැන සිටිනවා වෙන්නට නොහැකිය. ඒ මන්ද යත් මේ මාර උපදේශකයා ගැන ජාජබයට හිතවත් මාධ්‍යවේදීන් ගණනාවක් බොහෝ අවස්ථාවල තොරතුරු අනාවරණය කර ඇති බැවිනි.

 

eyes clos238
වර්තමානයේ පොලිස් නිලධාරීන් ගේ ස්ථාන මාරුවීම් සියල්ල කරන්න කරන්නේ රණවීර උපදේශක උන්නැහේය.

ජාජබය බලයට පත් කරවීම සදහා පොලිස්⁣ දෙපාර්තමේන්තුව තුළ දැඩි අවදානමකින් වෙහෙස වූ බොහෝ පොලිස් කාරයන් ඒ ගැන ඉන්නේ දැඩි කළකිරීමකිනි. ඇතැම් දූෂිත පොලිස් ලොක්කන් එම පොලිස් නිලධාරීන් ගෙන් “අඩෝ ලපයට කියල උඹල අපට ඇරියාදැයි අහන්නට” තරමට වැඩේ කුරෝලු වී තිබේ.

රාජපක්ෂ සට්ටැඹි පොලිස් කෙරුමන් පොලිස් දෙපාර්තමේන්තුවේ බලය හසුරවන තරමට සේලයින් දෙන්නේ රණවීර උපදේශක උන්නැහේය. මුන්දෑ  වැඩේ ගානට තිතට ගොඩ දාමින් සිටී.

දැන් මහජන ආරක්ෂක ඇමති විජේපාල දෙකෙන් එකක් තෝරා ගත යුතුය. ඒ තමන්ගේ අඹ යාළුවා තව දුරටත් ආරක්ෂා කරනවාද ජාජබයේ ප්‍රතිපත්ති පොලිස් දෙපාර්තමේන්තුව තුළ තහවුරු කරනවාද යන්නය.

උන්නැහේගේ සැළසුම

Election Commission reminds of in-force election law
පලාත් පාලන මැතිවරණයට පෙර ඌව පලාතේ පොලිස් ප්‍රධානියකු ස්ථාන මාරු කර යැවීමට රණවීර උපදේශක උන්නැහේගේ සැළසුමක් විය.මේ පොලිස් ලොක්කා ජාජබයට හිතවත් අයෙකි.

ඔහු ඌවේ ජාජබ නායකයකුට සිද්ධිය පැවසීය.ජාජබ නායකයා මහජන ආරක්ෂක ඇමති විජේපාල ගෙන් එම ස්ථාන මාරුවීම අත් හිටුවන ලෙසට ඉල්ලීමක් කෙරුවේය.මහජන ආරක්ෂක ඇමති විජේපාල පැවසුවේ ඒ ගැන උ⁣පදේශක රණවීර⁣ට දන්වන ලෙසය. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක රණවීරගේ බලය හා මැදිහත් වීම එහෙමය.

සීඅයිඩීයේ අධ්‍යක්ෂ විදිය⁣ට පත් කර ඇති ලොකු නෝනා මැදමුලනේ රාජපක්ෂ විශ්වාසය ඔළුවේ තියාගෙන රාජකාරි කරන්නියකි. රාජපක්ෂවරුන්ට එරෙහි නඩු දියාරු කිරීම කිරීමට සීඅයිඩී නිළමේ වරුන් බොහෝ දෙනෙකුද කටයුතු කරමින් සිටින්නේ ආණ්ඩුවේ කෙරුමන්ගේ ඇස් වසමිනි.

අප මේවා මීට පෙර අවස්ථා ගණනාවකදී අනාවරණය කර තිබේ.එහෙත් ජාජබයේ කෙරුමන් ඒවා තඹ දොයිතුවකට ගණන් ගත්තේද නැත. පලාත් පාලන මැතිවරණයේදී ජාජබයේ පදාසයක් ගලවා දැමුවේ පොලීසියේ හා හමුදාවේ පැන්ෂන් අදිටනේ වුන් බව සදහන් කළ යුතුමය.

 

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ පැසිස්ට්වාදය - (රංජිත්  හේනායකආරච්චි)
අදිටන හා සමීප වී ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ⁣පැන්ෂන් කාර පොලිස් හා හමුදා කාරයන් ඇතමුන් ඩබල් ගේම් කරයන් වී සිටී. මෙය ආණ්ඩුවට වටහා ගන්නට නොහැකි නම් ඉදිරියේදී බරපතල ප්‍රශ්ණ ගනනාවක් ගැට ගැසෙන්නට ඉඩ තිබේ. අප ලියන මේ තොරතුරු වල විශ්වසනීයත්වය හා සත්‍යය බව පිළිබඳව අපට තහවුරුවක් තිබේ.

පලාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ පදාසයක් නාය යාමට ජාජබයේ නායකයන් සිය පාක්ෂිකත්වයට ඇහුම්කම් නොදීමේ වරද හේතු වූ බව සක් සුදක් සේ පැහැදිලිය. ආණ්ඩුව තක්කඩි ජාවාරම්කාරයන් ගේ ගොදුරක් බවට පත් වී ඇත්තේද ඒ නිසාය.

ආණ්ඩුවේ කෙරුමන් හට තමන් සමීපයේ සිටින දෙබිඩ්ඩන් ගේ සැබෑ ස්වරූපය අඳුරා ගන්නට නොහැකි වුව හොත් එය ජාජබය කෙරෙහි විශ්වාසය තබා සිටින ජනතාවගේ කරුමය විය හැකිය.

කංකං බූරු අප කියන දේ අහනවාදැයි ආණ්ඩුවෙන් නැවත අසන්නට සිදු වී ඇත්තේ ඒ කරුමය පල දීමට පෙරය.


ලොකු කුමා
(උපුටා ගැනීම - srilankabrief.org)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...