BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
Opinion

අපරාධ රාජ්‍යයේ අක්මුල් සෙවීම සරල නැත: නුරම්බර්ග් නඩුවෙන් ලංකාවට පාඩමක්! | Mahesh Hapugoda

T

The Leader Desk

August 10, 2026 • 4:30 AM

අපරාධ රාජ්‍යයේ අක්මුල් සෙවීම සරල නැත: නුරම්බර්ග් නඩුවෙන් ලංකාවට පාඩමක්! | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *විනිසුරු විශ්‍රාම වයස් සංශෝධනය සහ යුක්තිය ඉටුකිරීමේ අභියෝගය ගැන මහේෂ් හපුගොඩගෙන් දේශපාලන-මනෝවිද්‍යාත්මක විග්‍රහයක්
  • පසුගිය දශක දෙකක් වගේ කාලෙක මේ රටේ ධනය කොල්ලකාපු, අපරාධකරුවන්ගෙන් කප්පම් ගත්තු, සල්ලිවලට මිණීමරපු පාතාල දේශපාලනයක යෙදුනු, පක්ෂ විපක්ෂ හැටියට බොරුවට ගහගත්තු හැබැයි ඔක්කොමල අන්තිමට එකතු වෙලා රට පාලනය කරන්න ගත්තු 'ලාංකික අපරාධ කාටෙලය' ඇතුලෙද?
  •   මේ කේන්තියේ සහ විශ්ව සාධාරණ නීතියේ ඝට්ටනාත්මක දයලෙක්තික පැවැත්ම ඉතාම මෑතක පෙන්නපු උදාහරණයක් තමයි ඔය රසල් ක්‍රෝ ඉන්න Nuremberg (2025) ෆිල්ම් එක.
  • හැබැයි මේ පර්ෂද විනිශ්චය සභාවට (war tribunal-යුධ අපරාධ විනිශ්චය සභාව) ඒ හැම දෙයක්ම විශ්ව නීති මූලධර්ම යටතේ කරන්නත් ඇත්තම වුවමනාවක් තිබ්බ.
අකුරු ප්‍රමාණය (Font Size):


*අපරාධකරුවන් නිරාවරණය කිරීම සහ අතීත සිදුවීම් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදී නීති රාමුව භාවිත කිරීමේ වැදගත්කම

ඔබ තවමත් ලාංකික අපරාධ රාජ්‍යය අනුදකින්නේද?

විනිසුරු විශ්‍රාම වයස දිග්ගැස්සීම ගැන මීට කලින් මම මේක කොමෙන්ට් එකක් හැටියට ලිව්වා. දැන් ලියන්නේ මුළු අදහස.

මේ සිද්දියේදී මම ඉන්නේ කොතනද? අපි එතනින් පටන් ගමු. තමන් ඉන්න තැනින් ප්‍රශ්නය වරනැගීමට පටන්ගමු!

පසුගිය දශක දෙකක් වගේ කාලෙක මේ රටේ ධනය කොල්ලකාපු, අපරාධකරුවන්ගෙන් කප්පම් ගත්තු, සල්ලිවලට මිණීමරපු පාතාල දේශපාලනයක යෙදුනු, පක්ෂ විපක්ෂ හැටියට බොරුවට ගහගත්තු හැබැයි ඔක්කොමල අන්තිමට එකතු වෙලා රට පාලනය කරන්න ගත්තු 'ලාංකික අපරාධ කාටෙලය' ඇතුලෙද? නැත්නම් උංට දඬුවම් දෙන්න ඕනි කියන පැත්තෙද?

මම ඉන්නේ දෙවැනි පැත්තේ. එතකොට ඒක නිකම් විශ්වීය සාධාරණ, ඔහේ කවදා හෝ යුක්තිය ඉටුවෙයි එතකම් අපි බලන් ඉම්මු, උංට දැන් නැත්නම් දෙයියෝ හරි දඬුවම් දෙයි, බලමුකෝ ස්වභාවධර්මය දඬුවම් දෙනකොට කොහොමද වගේ ඇල්මැරුණු තැනක්ද? නැහැ. ඒක කේන්තිය ආවේගය මුසුවෙච්ච, ඉක්මණින් ප්‍රතිපල අවශ්‍ය, ඉතාම දේශපාලනික පොරොත්තුවක්.

මේ ආණ්ඩුව බලයට එන්නේ අන්න අර කේන්තියේ නියෝජනයක් හැටියට. එතකොට ඒක සාමාන්‍ය අවස්ථාවක් නෙවෙයි. පළමුවැනි කාරණේ ඒක.

 

nurem

මේ කේන්තියේ සහ විශ්ව සාධාරණ නීතියේ ඝට්ටනාත්මක දයලෙක්තික පැවැත්ම ඉතාම මෑතක පෙන්නපු උදාහරණයක් තමයි ඔය රසල් ක්‍රෝ ඉන්න Nuremberg (2025) ෆිල්ම් එක.

නාසි රෙජීමය කරපු අපරාධ කන්ද ගැන ආයේ මෙතන ලියන්න ඕනි නැහැනේ. ඒ නිසා ලෝකයේ අනෙක් පැත්තේ නාසීන්ට විරුද්ධව තිබ්බ කේන්තිය ගැන කියන්න ඕනිත් නැහැනේ. හැබැයි මේ පර්ෂද විනිශ්චය සභාවට (war tribunal-යුධ අපරාධ විනිශ්චය සභාව) ඒ හැම දෙයක්ම විශ්ව නීති මූලධර්ම යටතේ කරන්නත් ඇත්තම වුවමනාවක් තිබ්බ. හැබැයි මුං ටික කරපු අපරාධවලින් ගැලවිලා යන්න දෙන්නත් කිසිසේත් වුවමනාවක් තිබ්බේ නැහැ (මොකද විශ්වීය නීතියේ හිදැස් තියන නිසා). ෆිල්ම් එකේ ඇත්ත කතාව එන්නේ මෙම දයලෙක්තිකයෙන්. අන්න එතෙන්ට තමයි අර ගෝරින්ගේ ඔළු කුහරය ඇතුලට රිංගන මනෝ වෛද්‍යවරයා එන්නේ.


ඩග්ලස් කෙලී ඇවිල්ල මනුෂ්‍ය විදියට ගෝරින්ගේ මනස ඇතුලට රිංගල ඔහුගේ දුර්වලම තැන සොයා ගන්නවා. ඒ තමයි හිට්ලර් වඩා දේශපාලන සංකේතනයක් (sublime object) ඔහුට තිබ්බේ නැහැ කියන එක. නැත්නම් හිට්ලර් බැහැ කියන්න ඔහුට තිබ්බ නොහැකියාව. ඒ අනුව මේ අධිකරණයේදී එංගලන්තයේ නීතිඥයා ගෝරින්ගෙන් අවසන් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නය තමයි..

 Russell Crowe Nuremberg
''මේ සියල්ල මෙසේ සිදුව තිබියදීත් (මිලියන 6ක් යුදෙව්වන් මරාදමා තිබියදීත්) ඔබ තවමත් හිට්ලර්ව අනුගමනය කරන්නේද'' (Do you still follow Hitler?) යන සරල එහෙත් සංකීර්ණ ප්‍රශ්නය. තත්පර කිහිපයක් නිහඬව සිට ගෝරින් දෙන පිළිතුර වන්නේ. ''ඔව්...මම හිට්ලර් අනුදකිනවා'' යන්නය. සහ තවත් තත්පරයක් අරගෙන ඔහු 'හිට්ලර්ට ජයවේවා!' (Hail Hitler!) යනුවෙන් වැඩිදුරටත් කියයි. ඒ අවසන් ප්‍රකාශයත් සමඟ එම ගෝලීය අවධානයක් දිනාගත් නඩුව අවසන් වේ. මන්ද ඊට වඩා අසන්නට දෙයක් ගෝරින් ඉතුරු නොකරන බැවින්. මේ ප්‍රශ්නය එංගලන්ත නීතිඥයාට ඇසීමට පුළුවන් වන්නේ නිකම් නොව ඩග්ලස් ඔවුන්ට දෙන ලද ගෝරින්ගේ මානසික ප්‍රොෆයිලය දෙස බලාය.  

මෙයින් කියවෙන්නේ කුමක්ද? මින් කියවෙන්නේ නාසි අපරාධකරුවන්ට නීතිමය අවස්ථාවක් ලබාදීම අවහිර නොකරන ගමන්ම ඔවුන්ට ඔවුන් කවුද යන්න නිරාවරණය කරවීම සඳහාද මෙය ගෝලීය නීතිවේදීන් අවස්ථාවක් කරගත් බවයි. දෙවැන්න පහසු කටයුත්තක් නොවේ. එය මානසික නිරාවරණය වීමකි.

 

images 2026 08 10T095212.726
ඒ අනුව මේ නඩුව ඇතුලට මනෝ වෛද්‍යවරයෙක් රිංගවීම දේශපාලන කටයුත්තකි. නුරම්බර්ග් නගරයම තෝරා ගැනීම දේශපාලන කටයුත්තකි. එම විනිශ්චය ශාලාව නැවත සකස් කිරීම දේශපාලන කටයුත්තකි. නීතිඥයින් තේරීම දේශපාලන කටයුත්තකි. පල්ලිය සමඟ කතාකිරීම දේශපාලන කටයුත්තකි. එය සාමාන්‍ය දෙයක් නොවේ. ගෝරින්ගේ 'ආත්ම වමනය' (catharsis) යථාර්තයක් වන්නේ මේ සියල්ලෙහි එකතුවක් වශයෙනි.

ඒ නිසා ලාංකික හොර නඩය අල්ලාගැනීම, පාස්කු තක්කඩියන් අල්ලාගැනීම, මුල් බැසගත් අපරාධ රාජ්‍යයේ අක්මුල් නැවත පරික්ෂා කිරීම සරල හෝ අන් හැමදාම සිදුවන සාමාන්‍ය නඩු කටයුත්තක් නොවේ. එය සුවිශේෂී මුහුණුවරක් ඇති දෙයකි. ඒ සඳහා අසඩක්ලා අවශ්‍යය.

ඒ සඳහා අන් දිනවල නොකරන ඇතැම් දේ අපිට මේ මොහොතේ කරන්නට සිදුවේ. ඔබට එය යථාර්තයක් ලෙස දකින්නට ඇති එකම විදිය ඔබ මේ වියවුලේ ඔබ ඉන්නා තැන සාධනය කරගැනීමෙන් පමණි. 

chemmani 260718

චෙම්මනියෙන් මිණී ඇටසැකිලි පන්සියයක් ඉක්මවා හමුවී ඇති මේ මොහොතේත් නැවතත් මම අසන්නේ එකම එක ප්‍රශ්නයකි. 'ඔබ තවමත් ලාංකික අපරාධ රාජ්‍යය අනුදකින්නේද?'

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
2026 අගෝස්තු 10




whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...