BREAKING
සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●
Top Ad
Opinion

මේක ආයේ වෙන කවුද කරන්නේ? | Mahesh Hapugoda

T

The Leader Desk

August 14, 2026 • 8:38 AM

මේක ආයේ වෙන කවුද කරන්නේ? | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ ගැබ්ව ඇති සැබෑ දේශපාලන සහ සදාචාරාත්මක වුවමනාව
  • තනි පුද්ගලයෙක් විදියට ඒ ප්‍රකාශය ගත්තත් දේශපාලන ව්‍යාපාරයක නියෝජනයක් හැටියට ඒ ප්‍රකාශය ගත්තත් ඒ වාක්‍යයේ යම් වුවමනාවක්, ඒ වුවමනාව වෙනුවෙන් කැපවීමක් දකින්නට ලැබුණ.
  • පාස්කු වින්දිතයින් වෙනුවෙන් සාධාරණය කියන්නේ ඉතිහාසයේ අපි හැමෝම උරමත තියෙන බරක්.
  • ඒක එතුමාගේ ප්‍රකාශයේ දකින්නට තිබ්බ.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණයේ ස්වාධීනත්වය, යුක්තියේ අභිලාෂය සහ විජයානන්ද - ගාමිණී වියන්ගොඩ දැක්වූ සංවාදාත්මක අදහස්



ඊයේ ජනාධිපතිතුමා නීතිඥ සංගමය එක්ක කරපු කතාවක් වෛරල් වෙලා යනවා. ඒකෙ තියෙන එකම එක වාක්‍යයක් මගේ අවධානයට ලක්වුණා. මේ ඒ ගැන...

මීට කලින් අනුර ජනාධිපතිතුමා ජනාධිපතිවරණය දිනලා කියපු 'අපි දිනුවා කියන්නේ මිනිස්සු වෙනස් වෙලා තියනවා කියන එක.  මිනිස්සු වෙනස් වුනේ නැත්නම් අපිට දිනන්න වෙන්නේ නැහැ. ඒ නිසා අනාගතයේ අපිව පරද්දන්න ඕනි නම් ඒ ඕනෑම කෙනෙක්ට අපිට වඩා හොඳ වෙන්න වෙනවා' කියන වැකිය තමයි එතුමාගෙන් මම අහපු හොඳම වැකිය. ඒක ටිකක් දිග වාක්‍යයක්.

ඊයේ කිව්ව වචන දෙකක තුනක වාක්‍යය තමයි 'අපි නොකලොත් මේක ආයේ කවුද කරන්නේ?' කියන එක. මට නම් මේක නිකම් පරම සත්‍යයක් වගේ එකක්. ඒක ඇත්තම ඇත්ත. ඔය වාක්‍යය එතුමා කිව්වේ පාස්කු මහ නඩුව සම්බන්දයෙන්.

තනි පුද්ගලයෙක් විදියට ඒ ප්‍රකාශය ගත්තත් දේශපාලන ව්‍යාපාරයක නියෝජනයක් හැටියට ඒ ප්‍රකාශය ගත්තත් ඒ වාක්‍යයේ යම් වුවමනාවක්, ඒ වුවමනාව වෙනුවෙන් කැපවීමක් දකින්නට ලැබුණ. සරල වචනයකින් කිව්වොත් 'ඕනිකමක්' දකින්න තිබ්බ.

පාස්කු වින්දිතයින් වෙනුවෙන් සාධාරණය කියන්නේ ඉතිහාසයේ අපි හැමෝම උරමත තියෙන බරක්. ඒ බරින් නිදහස් වෙන්න අපි හැමෝමට ඕනි. ඒක එතුමාගේ ප්‍රකාශයේ දකින්නට තිබ්බ.

ඒ යුක්තිය සහ සාධාරණය වෙනුවෙන් කැපකරන්න සිද්දවෙන්නේ තමන්ගේ තනතුර නම් ඒ සඳහාත් සූදානම් කියල එතුමා වැඩිදුරටත් කිව්වා.

අනික් හැම වෘත්තීය සමිතියක් වගේම නීතිඥ සංගමයත් වැඩි වාද විවාද සද්ද බද්ද නැතුව එතන දොරෙන් එළියට එන්නේ මෙන්න මේ සත්‍යය නිසා. එතුමා නියෝජනය කරන දේ තියෙන ඓතිහාසික බර අන් සියලු දේට වඩා වැඩි හින්ද.

එතුමත් දන්නවා අපිත් දන්නවා නීතිඥ සංගමයත් දන්නවා සුංබුංලත් දන්නවා ආයේ මේ පාස්කු යුක්තිය වෙනුවෙන්, ඒ යුක්තිය පසිඳලීම වෙනුවෙන් වෙන කවුරුත් නැහැ කියල. ඇත්තටම කවුරුත්ම නැහැ. වෙන කවුරු ආවත් මේ නඩුව අල කරනවා නියතයි. එයාලට ඕනි නැහැ ඇත්ත. මොකද ඇත්ත තමන් පැත්තට හැරෙන්න නියමිත හින්ද.

එතුමා මතක්කරලා දුන්නේ අලුත් දෙයක් නෙවෙයි අපි හැමදාම හැම වෙලේම දන්නා දෙය. හැබැයි බර වැඩිම දෙය.

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



wij984
viya893

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මේක ආයේ වෙන කවුද කරන්නේ? | Mahesh Hapugoda | The Leader