The Leader News
BREAKING
2035 දී ලොව විශාලතම ආගම බවට පත්වන ඉස්ලාමය ගැන ඇත්ත කතාව●ADB හි ඩොලර් මිලියන 200 ණයෙන් මෙරට සුළු ව්‍යාපාරවලට පණ ලැබෙයිද?●ගුවන් තොටුපළේ ලිස්සා වැටී මැලේසියා අමාත්‍යවරයෙකුට තුවාල●සැබෑවටම, නාගරික මැදපංතියට අවුලක් තියේද? | කුසල් පෙරේරා●දින 11ක නාටකීය නිහැඬියාවකින් පසු ජෙන්සන් හුවාන් යළි Nvidia මුල් පුටුවට●රහස් කියන කඳු, කලණ ගේ අත් කොටය සහ මනුවර්ණගේ දේශපාලනය●කළු සල්ලි පරීක්ෂාවේ හිඩැස් මතුවෙයි; මූල්‍ය ආයතන රැසකට මහ බැංකුවෙන් දඩ●ඉරාන ගායිකාවකට සහ කණ්ඩායමට කස පහර දඬුවම්●අයවැය සහ ආර්ථික අර්බුදය ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් දැඩි විවේචන●BMW මෝටර් රථ නඩුවෙන් ජොන්ස්ටන් වරද පිළිගනී: දඩ සහ අත්හිටවූ සිරදඬුවම්●
Top Ad
Opinion

නන්දා : අසම්පූර්ණ විප්ලවය | Mahesh Hapugoda

T

The Leader Desk

August 23, 2026 • 2:58 PM

නන්දා : අසම්පූර්ණ විප්ලවය | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාලකයන් භීතියට පත් කරමින් ගුවන්විදුලියෙන් තහනම් වූ නන්දාගේ ගීතමය උමතුව සහ අදටත් නොනිමි අසම්පූර්ණ විප්ලවයේ ආත්මය.
  • ජපන් අර්ථයෙන් ජීවිතයේ අනියත බවත්, නව ඇරඹුමක් කියන එකත්, වසන්තයේ ආරම්භය කියන එකත් සකුරා මලෙන් සංකේතවත් වෙනවා.
  • සමුරායි අර්ථයෙන් 'ගෞරවනීය ජීවිතයක්' කියන එකත් සකුරා සංකේතය ඇතුලේ තියෙනවා.
  • වැඩියෙන්ම මට නම් දැනෙන්නේ 71 කැරැල්ලේ සමුරායි අර්ථය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පාලකයන් භීතියට පත් කරමින් ගුවන්විදුලියෙන් තහනම් වූ නන්දාගේ ගීතමය උමතුව සහ අදටත් නොනිමි අසම්පූර්ණ විප්ලවයේ ආත්මය.


71 සන්නද්ධ අරගලය පටන්ගන්නේ නන්දා ගයනා කරපු 'සකුරා මල් පිපිලා' කියන ගීතය එක්ක කියල සඳහනක් අශෝක හඳගම ලියල තිබ්බ. මීට කලිනුත් ඕක මම අහල තිබ්බට හඳගමගේ සටහනින් තමයි ආයෙත් ඒක සිහියට ආවේ.

ඉතින් මට හිතුන දේ තමයි ජවිපෙ තරුණ අරගලය නන්දා එක්ක කොච්චර සංකේතීය වෙන්න ඇද්ද කියන එක. සකුරා පිපෙන්නෙ ජපානේ. ජපන් අර්ථයෙන් ජීවිතයේ අනියත බවත්, නව ඇරඹුමක් කියන එකත්, වසන්තයේ ආරම්භය කියන එකත් සකුරා මලෙන් සංකේතවත් වෙනවා. සමුරායි අර්ථයෙන් 'ගෞරවනීය ජීවිතයක්' කියන එකත් සකුරා සංකේතය ඇතුලේ තියෙනවා.

වැඩියෙන්ම මට නම් දැනෙන්නේ 71 කැරැල්ලේ සමුරායි අර්ථය. ඒ කියන්නේ ගෞරවනීය ජීවිතයක් කියන එක. ඒ වෙනුවෙන් සටන්කරන්න ඕනි කියන එක. නන්දාගෙත් ඒ සමුරායි ගතිය තිබ්බ.

සකුරා මල් පිපිලා හරි පුදුමයි
ගේ දොරකඩ නිල් වන පියසේ
නිදිමත නැති වී හිරු පායා ඇත
උමතු වෙසින් මහ රෑ යාමේ...

අපේ රටේ තණ බිස්සක එක පාරටම උදේක සකුරා පිපිලා තියනවා කියන එක පුදුමයක් වගේ දෙයක්. ඒ කියන්නේ සිදුනොවිය හැකි දෙයක් සිදුවෙලා තියනවා කියන එක. නොසිදුවිය හැකි දෙයක් කවදාවත් හිතුවේ නැති දෙයක් උදේ වෙනකොට සිද්දවෙලා තියෙනවා කියන්නේ ඇත්තෙන්ම විප්ලවයක් සිද්දවෙලා කියන එක.

ඒ නිසා ඒ සිංදුව අගේට ඒ වෙලාවේ වැඩේට ගැලපෙනවා. අදටත් ගැලපෙනවා. මොකද තවමත් විප්ලවයේ සම්පුර්ණ බවක් නැති නිසා.

'උමතු වෙසින් මහ රෑ යාමේ' කියන කොට මතක් වෙන්නේ රාත්‍රියේ සිද්ද වෙච්ච දිව්‍යමය උමතුව. ඒ උමතුව විසින් විශ්වය සහ එහි සංකේතනය උඩු යටිකුරු කරනවා. උදේ බලනකොට දිව්‍යමය උමතුවක ප්‍රථිපලයක් විදියට සියල්ල වෙනස් වෙලා. ඒ නිසා ඉර පායන්නේ උදේ නෙවෙයි ඇත්තටම රෑ. මිනිස්සු නැගිටලා තියෙන්නේ කලින්. ගීතයේ ඉතුරු සියල්ල අර උමතුව විසින් සිද්ද කරන ලද කණපිට ගැසීම්...

සිංදුවට මුං කොච්චර බය උනාද කිව්වොත් උංගේ කකුල් මැන්ඩලින් ගහන්න ගත්ත. සිංදුව සෑහෙන කාලෙකට ආයේ ගුවන් විදුලියේ ඇහුනේ නැහැ.

මම හිතන්නේ 78න් පස්සේ අසූව දශකයේ යූන්පී කාලෙත් ආයේ මේක ඇහුනේ නැහැ. යැංකිත් බය වෙන්න ඇති. බාබෙක්‍යු ප්‍රේමේ නම් කොහොමත් සිංදුව දැම්මේ නැහැ. ඊට පස්සේ ගැන මතකයක් නැහැ.  

අදටත් 'නිදිමත නැතිවී හිරු පායා ඇත උමතු වෙසින් මහ රෑ යාමේ' කියන එකේ මාර ගැම්මක් තියනවා. ඒ අසම්පුර්ණ විප්ලවයක් වෙනුවෙන්....

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...