BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
Opinion

දැන් ඇති නේද? | Mahesh Hapugoda

T

The Leader Desk

September 13, 2026 • 8:19 AM

දැන් ඇති නේද? | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයෝවෘද්ධ මහින්ද වේදිකාවේ වත්තම් කරගෙන පොහොට්ටුව පෙන්වන්නේ තම අසරණකමයි; රාජපක්ෂ පවුලෙන් එහා ගිය නූතන දේශපාලන බලවේගයක් ගොඩනැගීමට දැන්වත් කාලය පැමිණ ඇත.
  • ඇත්තටම මේක ලස්සන දසුනක් නෙවෙයි.
  • මහින්ද මානසිකව හයියක් ඇති මිනිහෙක් උනත් ඔහු දැන් ශාරීරිකව ස්ථාවර නැහැ කියල ඉතාම හොඳින් පේනවා.
  • ඇතැම් විට රෝගී තත්වයන් පවා බලපාල ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):


තරඟකාරී දේශපාලනයක යෙදීමට මහින්දට දැන් කායික සවිශක්තියක් නැත; වැඩවසම් පවුල් ප්‍රතිරූපවලින් මිදී අලුත් මිනිසුන් සමග වෙනසක් අත්හදා බලන්න.



ඇත්තටම මේක ලස්සන දසුනක් නෙවෙයි. මහින්ද ඉන්නේ දේශපාලන වේදිකාවක තරඟකාරී දේශපාලනයක් කරන මට්ටමක නෙවෙයි.

මහින්දට දැන් එහෙම කරන්න මානසික තත්වයක් හෝ කායික ස්ථාවරභාවයක් නැහැ. මහින්ද මානසිකව හයියක් ඇති මිනිහෙක් උනත් ඔහු දැන් ශාරීරිකව ස්ථාවර නැහැ කියල ඉතාම හොඳින් පේනවා. ඒ සියල්ල වෙලා තියෙන්නේ වයස එක්ක. ඇතැම් විට රෝගී තත්වයන් පවා බලපාල ඇති.

ඕනෑම කෙනෙක් වයසට යනවා. අබල දුබල වෙනවා. ඒක ස්වභාවික දෙයක්. හැබැයි මහින්ද සම්බන්දයෙන් ඒ තත්වය ගොඩක් විද්‍යාමානයි. ඇතැම් විටක රනිල් මීට වඩා තරමක් හොඳයි කිවහැකියි.

මහින්ද ලංකාවේ එක මොහොතක හැරවුමක් වුනත් ඒක මාකට් කළහැකි උපරිමට ඇවිල්ල කල්ඉකුත් වෙලත් ඉවරයි.

 

 

මේ වගේ තත්වයක් යටතේ පොහොට්ටුව මේ විදියට තවත් අමාරුවෙන් මහින්ද වත්තම් කරගෙන වේදිකා ගේනවා කියන්නේ ඔවුන් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අසරණයි කියන එක. වෙන විකල්පයක් නැහැ කියන එක.

මම කියන්නේ මහින්ද වයසයි සහ නාමල් සිරගත වෙලා කියන තත්වයන් දෙකට අදාලව දැන්වත් පොහොට්ටුවේ අය අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න.

ඒක අවශ්‍යයෙන් ම රාජපක්ෂ ප්‍රතිරූපය වටා හෝ රාජපක්ෂ පවුල වටා ගොඩ නගන්න එපා. රාජපක්ෂ නොවන දක්ෂයන් තව කොච්චර ඇත්ද. එයාලව අත්හදා බලන්න. වැඩවසම් ලක්ෂණ අතහැර දාල නූතන දේශපාලන ව්‍යාපාරයක් බවට හරවන්න. ඒක අපි හැමෝටම හොඳයි නේද?

මේක තවදුරටත් කරන්න එපා....

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...