BREAKING
Top Ad
Opinion

ශිරාල් ලක්තිලක පුද්ගලිකව දඩයම් කිරීමට එරෙහි වෙමි | Mahesh Hapugoda

T

The Leader

September 28, 2026 • 1:57 AM

ශිරාල් ලක්තිලක පුද්ගලිකව දඩයම් කිරීමට එරෙහි වෙමි | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලන විවේචන ඉවසන ශිරාල් පුද්ගලික දඩයමකට ලක්වන්නේ නම් කොන්දේසි විරහිතව ඊට එරෙහි වන බව ආචාර්ය මහේෂ් හපුගොඩ පවසයි.
  • එසේ දේශපාලනිකව විවේචනය වීම ඔහු විසින් පවා ඉවසන බව දන්නා නිසා ඒ ගැන වද වෙන්නට නොගියෙමි.
  • නමුත් ශිරාල් පුද්ගලිකව ගෙන පුද්ගලික තලයක ගොදුරක් වී ඇත්නම් කොන්දේසි විරහිතව එයට එරෙහි වෙමි.
  • තමන්ගේ අවකාශය අනුන්ට දීමට සහ ඒ නිසාම අනිකා අවකාශයක් හදාගන්නා බව දැන දැනම තම අවකාශය පරිත්‍යාග කිරීමට මැලි නොවන්නෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):



ශිරාල් පුද්ගලිකව විවේචනයට භාජනය වනු මා දුටුවේ නැත. එහෙත් දේශපාලනිකව ඔහුව විවේචනය වනු දුටිමි. එසේ දේශපාලනිකව විවේචනය වීම ඔහු විසින් පවා ඉවසන බව දන්නා නිසා ඒ ගැන වද වෙන්නට නොගියෙමි.

දේශපාලනය කරන කියන අප විවේචනය වීම අපේක්ෂා නොකරන්නේ නම් දේශපාලනය නොකර සිටිය යුතුය.

නමුත් ශිරාල් පුද්ගලිකව ගෙන පුද්ගලික තලයක ගොදුරක් වී ඇත්නම් කොන්දේසි විරහිතව එයට එරෙහි වෙමි.

ශිරාල් කුමන ආකෘතියකින් හෝ කුමන මතවාදයක් සහිතව හෝ දේශපාලනයේ සිටිය යුතු මතවාද දරන්නෙකි. ශිරාල්ට විසම්මුතීන් සමඟ වැඩකළ හැකි විසම්මුතීන් සහිතවම සංවාදයේ යෙදිය හැකි දියුණු මිනිසෙකි.

තමන්ගේ අවකාශය අනුන්ට දීමට සහ ඒ නිසාම අනිකා අවකාශයක් හදාගන්නා බව දැන දැනම තම අවකාශය පරිත්‍යාග කිරීමට මැලි නොවන්නෙකි. එය දුර්ලභ ගුණයකි.

1037527112shiral
මම ඔහුට ආකර්ෂණය වන්නේ ඉහත හේතු නිසාවෙනි. මම වරෙක ඔහුට කිව්වේ ඔහුගේ නායකත්වයෙන් දේශපාලන ව්‍යාපාරයක් හදමු යනුවෙනි. ඒ සඳහා ඔහුට පසුබිමක් ඇත. හැකියාවක් ද ඇත. සම්බන්ධකම් ද ඇත.

නමුත් ඔහුගේ ඉතිහාසය තුළ ඔහුට අත්හැරිය නොහැකි මිත්‍රකම් ඇත. ඔහු දේශපාලනයට උඩින් ඒ මිත්‍රකම් නඩත්තු කරයි. ඒ බොහෝ දැනඇඳුනුම්කම් දේශපාලනයේදී ඔහුට අවාසි සහගත ය. එහෙත් ඒවා ඔහු නඩත්තු කරයි.

එයම උසස් දේශපාලනයකි.

Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙනි)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...