The Leader News
BREAKING
Top Ad
Opinion

පම්බන් පාළම... | Mahesh Hapugoda

T

The Leader Desk

April 11, 2025 • 3:30 PM

පම්බන් පාළම... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලුතෙන් ප්‍රතිනිර්මාණය කරපු ඒ පාළම ඉන්දියානු යටිතල පහසුකම් වර්ධනයේ ඉතාම විශිෂ්ට නූතන නිර්මාණයක් ලෙස හැඳින්වෙනවා.
  • ඔවුන් 1914දී පම්බන් දූපතේ මෙම පාලම ඉදිකර එය ඉන්දියාවේ ප්‍රථම මුහුදු පාලම බවට පත්කළා.
  • ලුණු වතුර නිසා මලකඩ කා දිරාපත් වූ මේ පාලම උඩින් ගමනාගමනය 2022 අවුරුද්දේ නවතනු ලැබුවා.
  • අනුරාධපුරේ ඉඳන් මෝදී හෙලිකොප්ටරයෙන් යන්නේ මේ පාලම සමඟම යථාර්තයක් වෙන්න නියමිත සේතු සමුද්‍රම් මාර්ගයේ සිහිනය හිතේ ඇතිව සහ එහි ගුවන් චායාරූප පවා තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළකරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


අලුතෙන් ප්‍රතිනිර්මාණය කරපු ඒ පාළම ඉන්දියානු යටිතල පහසුකම් වර්ධනයේ ඉතාම විශිෂ්ට නූතන නිර්මාණයක් ලෙස හැඳින්වෙනවා. මන්නාරමට ඔබ්බෙන් තියෙන රාමේශ්වරන් දූපත ඉන්දියානු මව් භුමිය සමඟ බද්ධකෙරෙන මෙම පාලමට ලොකු ඉතිහාසයක් තියනවා.

මහාභාරතයට අනුව රාම තමන්ගේ බිරිඳ සීතා ගලවාගැනීම පිණිස ලංකාවට එන ගමනේදී එම පිරිවර සමඟ පැමිණීමට ගොඩනැඟුවා යැයි සැලකෙන මෙම ඓතිහාසික - මිත්‍යාමතික පාලම භෞතික යථාර්තයක් කළේ බ්‍රිතාන්‍යයන් විසින්. ඔවුන් 1914දී පම්බන් දූපතේ මෙම පාලම ඉදිකර එය ඉන්දියාවේ ප්‍රථම මුහුදු පාලම බවට පත්කළා.

ලුණු වතුර නිසා මලකඩ කා දිරාපත් වූ මේ පාලම උඩින් ගමනාගමනය 2022 අවුරුද්දේ නවතනු ලැබුවා. ඉන් පසුව නැවත නවීන තාක්ෂණයෙන් ඉදිකළ මෙම පාලම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අතින් පසුගියදා නැවත විවෘත කෙරුණා.

අනුරාධපුරේ ඉඳන් මෝදී හෙලිකොප්ටරයෙන් යන්නේ මේ පාලම සමඟම යථාර්තයක් වෙන්න නියමිත සේතු සමුද්‍රම් මාර්ගයේ සිහිනය හිතේ ඇතිව සහ එහි ගුවන් චායාරූප පවා තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළකරමින්.

රාමේශ්වරමේ ඉඳන් තවත් කිලෝමීටර් විසිපහක් භෞතිකව සම්බන්ද කලොත් භුමි සිතියම ඇතුලේ ඉන්දියාව ලංකාව එකට යා වෙනවා. එය මෙතෙක් පැවති රාමාගේ ලංකා ගමන් මාර්ගය පිලිබඳ පුරාණෝක්තිය ඇත්තම යථාර්තයක් වෙනවා. රාමාගේ මාර්ගයේම ඉන්දියානුවෙන් සහ සංචාරකයින් ඉන්දියාවේ සිට ලංකාවට එන්න පුළුවන්.

ඒක පුරාණෝක්තියක් සැබෑවක් බවට පත්වීමක්. ඓතිහාසික සිහිනයක් සැබෑවක්  බවට පත්වීමක්. එසේ කරන්නට ඉන්දියාවට හැකිවුණේ නූතන තාක්ෂණය හරහා. ඉන්දියාව ලබාගත් අලුත් පොහොසත් බවත් එක්ක. ධනය එක්ක.

අපි ජීවතුන් අතර සිටියත් නැතත් යම් දවසක කොළඹින් ආරම්භකරන ඔබගේ ගමන කෙළින්ම ඉන්දියාවෙන් සහ ඊටත් ඔබ්බෙන් අවසන් කරන්න ඔබට පුළුවන් වෙයි. එදාට ඔබට පෙනෙයි මෙම පාලම වගේම තවත් පාලම් ගොඩක්.

රාමාගේ කතාවෙත් යම් විජිතකරණයක සලකුණු තිබ්බ. ඉංග්‍රීසින් පම්බන් පාළම දානකොට එතනත් විජිතකරණයක් තිබ්බ. දැනුත් එහෙම එකක් නැතුව නෙවෙයි. ඒත් මේ භෞතික යාවීම හරහා ගොඩක් යහපත් දේවලුත් සිද්ද වෙයි.

Mahesh Hapugoda(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com


(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...