The Leader News
BREAKING
Top Ad
Opinion

පසමිතුරු බවේ අවසානය.... | Mahesh Hapugoda

T

The Leader Desk

April 11, 2025 • 4:33 PM

පසමිතුරු බවේ අවසානය.... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවම වශයෙන් අල්ජසීරා එකේදිවත් ඉන්දියාවේදිවත් එයාට දේවල් එයාගේ කාලේ කරගන්න බැරිවුණේ ඇයි කියන ප්‍රශ්නේ වරනගනකොටවත් තිබ්බ සහ හදපු දේශපාලන අවුල් වෙනුවෙන් එයා කාටවත් චෝදනාකළේ නැහැ.
  • මට හිතෙන්නේ එයා ඉන්නේ දැන් මොකක් වෙනුවෙන් කාට චෝදනාකළත් ඇති වැඩක් නැහැ කියන මතයේ.
  • ඔක්කොමල ඉන්නේ නව ලිබරල්, IMF, නව පාලම් ව්‍යාපෘතිය ඇතුලේ.
  • රනිල් තමන්ගේ ප්‍රතිවාදී චන්ද්‍රිකා එක්කත් වැඩකළා.
අකුරු ප්‍රමාණය (Font Size):


අවම වශයෙන් අල්ජසීරා එකේදිවත් ඉන්දියාවේදිවත් එයාට දේවල් එයාගේ කාලේ කරගන්න බැරිවුණේ ඇයි කියන ප්‍රශ්නේ වරනගනකොටවත් තිබ්බ සහ හදපු දේශපාලන අවුල් වෙනුවෙන් එයා කාටවත් චෝදනාකළේ නැහැ. කරන්නෙත් නැහැ .

මට හිතෙන්නේ එයා ඉන්නේ දැන් මොකක් වෙනුවෙන් කාට චෝදනාකළත් ඇති වැඩක් නැහැ කියන මතයේ. ඒ කියන්නේ There is no one to blame නැත්නම් No one is to blame කියන එකේ.

දැන් කාට කොහොම බැන්නත් අපි මේ ඉන්න අවුලෙන් ගොඩඑන්න ඒක ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඒ නිසා එයා ඉතිහාසයට බණින්නේ හෝ චෝදනාකරන්නේ නැහැ.

අනික තමයි දැන් එයා අත්දැකීමෙන් දන්නවා පක්ෂ විපක්ෂ කියල දෙයක් දැන් දේශපාලන භූමියේ නැහැ කියන එක. ඔක්කොමල ඉන්නේ නව ලිබරල්, IMF, නව පාලම් ව්‍යාපෘතිය ඇතුලේ. රනිල් හැමදාම හිටියේ එතන.

එයාට එක වෙලාවක එයාගේ ලොකුම ප්‍රතිවාදීන් එක්ක වැඩකරන්න වෙලා තියනවා. ඒක ප්‍රථිපලදායක වෙලා තියනවා. කරනවා නම් ඕනි එකෙක් එක්ක වැඩකරන්න පුළුවන් කියල එයා දන්නවා.

රනිල් තමන්ගේ ප්‍රතිවාදී චන්ද්‍රිකා එක්කත් වැඩකළා. පොහොට්ටුව එක්කත් වැඩකළා. තව කවුරු එක්ක වැඩකරයිද කියල අපිට කියන්න බැහැ.

ඊයේ පක්ෂ නායක රැස්වීමේදි උනත් පේන්න තිබ්බ දෙයක් තමයි විපක්ෂේ අයට උනත් ජාතික ජන බලවේගේ එක්ක වැඩකරන්න ලොකු අවුලක් ඇත්තේ නැහැ කියන එක. ඒ එකතුවීමට ඕනි ඉන්ටෆේස් එක (interface) ට්‍රම්ප් හදල දීල තියෙන්නේ.

හැබැයි ඔළුව දැම්මොත් මුළු ඇඟම දානවා රනිල්. 

දේවල් ඉදිරියට යන විදියට සතුරු මිතුරු ප්‍රතිපක්ෂ දේශපාලනයට අදාල වෙන එකක් නැහැ. ලොකුම ඉන්දියන් විරෝධීන් අද ඒවා ඔක්කොම පැත්තකින් තියල.

ට්‍රම්ප් කරගෙන යන දේවල් එක්ක අපිට නොසිතූ අය එක්ක නොසිතු දේවල් කරන්න වෙයි ඉස්සරහට.

පැවැත්ම වෙනුවෙන් සතුරන් එක්ක පවා මිතුරුවෙන්න වෙයි. දැන් ලෝකයේ කරගෙන යන සාකච්චාව ඒක.

ඉතිං කාට බණින්න ද?

Mahesh Hapugoda(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...