The Leader News
BREAKING
Top Ad
Opinion

කුණුහරපෙන් බණින්නේ නැත්නම් මේ ඉන්නේ ලක්මාලි... | Mahesh Hapugoda

T

The Leader Desk

April 12, 2025 • 10:10 AM

කුණුහරපෙන් බණින්නේ නැත්නම් මේ ඉන්නේ ලක්මාලි... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුණුහරපෙන් බනින්නේ'නැත්නම් කතාවක් කියන්නද?
  • ඒ කියන්නේ මරාගෙන මැරෙන මාධ්‍ය ගේමක් ඇතුලේ එයා ප්ලේස් වෙලා හෝ ප්ලේස් කරලා ඉන්න නිසා.
  • පොඩ්ඩක් අතිශයෝක්තියෙන් කිව්වොත් ලක්මාලි එන්නේ ඒ විදියට.
  • නිකම් ගත්තොත් මුල් ඕවර් දහය ඇතුලේ සනත් ජයසූරිය වගේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කුණුහරපෙන් බනින්නේ'නැත්නම් කතාවක් කියන්නද? කතාවේ කතානායිකාව ලක්මාලි හේමචන්ද්‍ර. මම හිතන්නේ කොට්ටහච්චි මැතිණියට පස්සේ මේ වෙනකොට වැඩියෙන්ම බැණුම් අහන්නේ හේමචන්ද්‍ර මැතිණිය.

ලක්මාලි බැණුම් අහන්නේ එයා බැහැල ඉන්නේ සුයිසයිඩල් මිෂන් එකක් එක්ක නිසා (suicidal mission). ඒ කියන්නේ මරාගෙන මැරෙන මාධ්‍ය ගේමක් ඇතුලේ එයා ප්ලේස් වෙලා හෝ ප්ලේස් කරලා ඉන්න නිසා.

hq720

සමහර වෙලාවට ජාතික ජන බලවේගේ අයම පොඩ්ඩක් ගේමට බහින්න මැලිවෙන වෙලාවට පවා ලක්මාලි බෝම්බෙ බඩේ බැඳගෙන අතේ ග්‍රෙනේඩ් දෙකක් වනවනා හසලක ගාමිණී වගේ සටන් බිමේ මැදට පනිනවා. එතකොට සතුරා ඉදිරියට එන වේගෙ පොඩ්ඩක් මන්දගාමී වෙනවා. ඒක සතුරා එක විදියක ඩිස්ඔරියන්ට් කිරීමක් (disorient). විශේෂයෙන් ගැහැණියක් වීමත් එක්ක.

ඒ ගේම ගොඩක් වෙලාවට සබුද්ධික නැහැ. තාර්කික නැහැ. කරුණු වශයෙන් සත්‍ය නැහැ. ඔප්පු කරන්න සාධක නැහැ. ඇත්තටම මුකුත් නැහැ.

තියෙන්නේ එක දෙයයි. ඒ පක්ෂය වෙනුවෙන් හරි හෝ වැරදි පෙනීසිටින එක විතරයි. ඒක නිකම් පොඩි භක්තියක් වගේ දෙයක් කියලත් කියන්න පුළුවන්. හැබැයි ඒක දේශපාලනික නොවන්නේ නැහැ.

 

Member of Parliament Lakmali Hemachandra (NPP) sits at the International Women's Day celebration in Colombo, Sri Lanka, on March 8, 2025. (Photo by Akila Jayawardena/NurPhoto via Getty Images)

ඔව් මම දන්නවා. ඔව් මම දැක්ක. මේක වමේ ආණ්ඩුවක් තමයි. ඇයි මොකද? මොකක්ද ප්‍රශ්නේ? ඇයි කෙළගන්නද? බැහැපන් එළියට. අපි කෙළගම්මු! පොඩ්ඩක් අතිශයෝක්තියෙන් කිව්වොත් ලක්මාලි එන්නේ ඒ විදියට. නැත්නම් එයාට කියල තියෙන්නේ ඒ විදියට ෆේස් කරන්න.

නිකම් ගත්තොත් මුල් ඕවර් දහය ඇතුලේ සනත් ජයසූරිය වගේ. ගහන්න පැනල අවුට් උනා කියල කැප්ටන් බණින්නේ නැහැ. ඒ වෙනුවට පිටට තට්ටුවක් දානවා.  

මේ පෙනීසිටීම අපිට හිනාවක් උනාට ගේම පැත්තෙන් සීරියස්. ඒක වෙන කෙනෙක් කරන්නේ නැති දෙයක්. ඔය කොළඹ බුද්ධිමතුන්ට බැහැ ඒක කරන්න. ඔවුන් තමන් කියන දේ එක්ක මතවාදී දුරක් තියාගන්නවා අනාගත ආයෝජනයක් විදියට. පස්සේ ඕනි උනොත් හොඳ ළමයෙක් වෙන්න. මහේල සංගක්කාර වගේ.

Lakmali Hemachandra 2023.09.23 1

ලක්මාලි එහෙම නැහැ. එච්චරයි. මේ ගේම තියනකල් එයා ඉන්නවා. ගේම අවසන් උනොත් එයත් නැහැ.


Mahesh Hapugoda
(සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...