The Leader News
BREAKING
Top Ad
Opinion

මේ ඔබ සොයමින් සිටින දෙය ද? | Mahesh Hapugoda

T

The Leader Desk

April 18, 2025 • 11:30 AM

මේ ඔබ සොයමින් සිටින දෙය ද? | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමේ උච්චාරණය දැනගත්තේ BBC එකේ තිබ්බ විදියට.
  • ඒ වගේම ලංකාවේ ඇතැම් භික්ෂූ පාර්ශවයන් මේ සංචාරය ගැන යම් විරෝධයක් දක්වලා තියනවා කියලත් the leader වෙබ් එක වාර්තාකරලා තිබ්බ.
  • මියන්මාරයේ සිවිල් යුද්ද අස්සේම ඒ භුමිය හරහාම කිලෝමීටර් දහස් ගණනක් තික් මින් තිව් හාමුදුරුවෝ ඇතුළු පිරිස ගමන්කරන්න හදල තියනවා.
  • ගමන කියන එකේ ආරම්භය අර්ථයන්ගෙන් පිරුනේ නැතත් ගමන ඇතුලේ අර්ථයන් හම්බවෙන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):


නමේ උච්චාරණය දැනගත්තේ BBC එකේ තිබ්බ විදියට. ඒ වගේම ලංකාවේ ඇතැම් භික්ෂූ පාර්ශවයන් මේ සංචාරය ගැන යම් විරෝධයක් දක්වලා තියනවා කියලත් the leader වෙබ් එක වාර්තාකරලා තිබ්බ.

තික් මින් තිව් හාමුදුරුවෝ වියට්නාමේ පොඩි සෝෂල් මීඩියා සෙන්සේෂන් එකක් කියලත් chatgpt කරලා හොයාගත්ත. ඒකට අනුව මේ හාමුදුරුවෝ සාමාන්‍ය සිවුරක් අඳින්නේ නැහැ. පාත්තරේ වෙනුවට රයිස් කුකර් එකක් අරන් යනවා කියල මම කලිනුත් කිව්වා. පාවහන් පළඳින්නේ නැහැ කියලත් කියනවා. වියට්නාම් කොමියුනිස්ට් පක්ෂේ එයාගේ මේ පාගමනට එරෙහි වෙලා තියනවා කියලත් කියනවා. ඒ රටේ සංඝ සමාජය එයාට කැමතිත් නැහැලු.

wiyatnamaya 250418

මේ ස්වාමීන් වහන්සේගේ එක අරමුණක් තමයි ඉන්දියාවට යන එක. දැන් ලංකාවටත් ඇවිල්ල. කොයි පාරෙන් කොයි විදියට යනවද කියන එක තීරණය කරන්න එන එන විදියට කියලත් කියනවා. ස්ථිර ගමනක් නැතුව එහෙම එන එන විදියට යන එකේ පොඩි ගතියකුත් තියනවා.

දවසකට කිලෝමීටර් විස්සක් ඇවිදිනවලු. ඉතාම හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්නවලු. මියන්මාරයේ සිවිල් යුද්ද අස්සේම ඒ භුමිය හරහාම කිලෝමීටර් දහස් ගණනක් තික් මින් තිව් හාමුදුරුවෝ ඇතුළු පිරිස ගමන්කරන්න හදල තියනවා. ඒක තරමක් සාමයේ ගමනක් කියලත් කියන්න පුළුවන්. ඒ විදියට ආසියාව පුරා ගමන්කරන එකට තරමක් රට රටවල දේශසීමා බාධාකරමින් තිබෙනවා කියන එකත් පැහැදිළියි.

cf456220 ce49 11ef 9fd6 0be88a764111.jpg

ඉතිහාසය පූරා භික්ෂූන් මේ විදියට නොයෙක් දේශ දේශාන්තර ඔස්සේ ගමන්කරලා තියනවා. බෞද්ධ පණිවිඩය අරන් ගිහිල්ල තියනවා. සමහර පණිවිඩ එයාල පටන්ගත්ත මූලයෙන් ගොඩක් වෙනස් විදියට අලුත් තැන්වල පැලවෙලා දළුදාල තියනවා. සමහර ඒවා අවසන් උනේ පටන්ගත්ත විදියට නෙවෙයි.

ගමන කියන එකේ ආරම්භය අර්ථයන්ගෙන් පිරුනේ නැතත් ගමන ඇතුලේ අර්ථයන් හම්බවෙන්න පුළුවන්. ඒ අනුව මෙම පාගමන වැදගත්. දැන් මේ සිද්ද වෙන්නෙත් ඒක.

කොහොම උනත් යන යන හැම තැනම වගේ මේ 'අලුත් භික්ෂුව' සහ පිරිස උණුසුම්ව පිළිගන්න බවක් තමයි පේන්න තියෙන්නේ. ඒක ස්ථාපිත සාසනයට එකඟද නැද්ද කියන එකට වඩා වැදගත් කියල හිතෙනවා.

774c48f0 ce48 11ef 87df d575b9a434a4.jpg

මට හිතෙන්නේ මිනිස්සු අලුත් දෙයක් හොයමින් ඉන්නවා. ඒක මේ හාමුදුරුවෝද නැද්ද මම දන්නේ නැහැ.

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



සබැඳි ලිපිය :

ශ්‍රී ලංකාවේ සංචාරය කරන වියට්නාමයේ සුප්‍රසිද්ධ තික් මින් තියු හිමි ට මල්වතු පාර්ශවය ප්‍රමුඛ භික්ෂුන්ගෙන් විරෝධයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...