The Leader News
BREAKING
Top Ad
Opinion

දළදා ප්‍රදර්ශනයෙන් ආණ්ඩුව ෆේල් ද? | Mahesh Hapugoda

T

The Leader Desk

April 24, 2025 • 4:36 PM

දළදා ප්‍රදර්ශනයෙන් ආණ්ඩුව ෆේල් ද? | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ නිසා නුවර නගරයට දළදා වඳින අදහසින් එන්න එපා කියල කියනවා.
  • මෙච්චර ජන සන්නිපාතයක් දළදා මාලිගාව, මල්වතු අස්ගිරි පාර්ශවයන්, නුවර නාගරික සභාව වගේම බෞද්ධ කටයුතු අමාත්‍යාංශය උනත් හිතන්න නැතුව ඇති.
  • ඇයි එහෙම එන්නේ කියන එක ඇතුලේ වෙනදා නැති දේශපාලනයක් සහ පිබිදීමක් තියනවා කියන එක පෙන්නන්න සහ ජනප්‍රියත්වය කියන්නේ මොනවගේ දෙයක්ද කියලත් මට මෙතනදී පෙන්නන්න ඕනි.
  • ඒක ලංකාවේ එක වෙලාවක ජනප්‍රියම පාලකයා වෙච්ච මහින්ද කළාටත් වඩා මෙතනදී පේන්න තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තත්වයක් උද්ගත වෙලා. ඒ නිසා නුවර නගරයට දළදා වඳින අදහසින් එන්න එපා කියල කියනවා.

මුලින් කියන්න ඕනි මේක අනපේක්ෂිත තත්වයක්. ඒ නිසා නුවර නාගරික පරිපාලනයට වගේම සමස්ත සංවිධාන ජාලයටත් මේක දරන්න බැහැ. ඒකෙ යම් වගකීමක් ආණ්ඩුව පැත්තටත් යනවා. මොකද මේක පටන්ගත්තේ මාලිමා ආණ්ඩුව.

ඒ වුණාට බලන්න මොකක්ද මේ සිද්දවෙන්නේ කියල.

මහනායක හාමුදුරුවරු කලින් කට්ටිය කරපු ඉල්ලීම් වලට සවන්නොදී අනුර කරපු ඉල්ලීමට සවන්දීල තියනවා. ඒක එතුමන්ල පැත්තෙන් වරදක් කියන්න බැරි දෙයක්. මොකද විශාල ජනතා කැමැත්තකින් ආපු රාජ්‍ය නායකයා තමයි මේ ඉල්ලීම කරන්නේ. එතකොට ඒක යම් ජනතා ඉල්ලීමක් වගේ දෙයක්. ඒක අස්ගිරි මල්වතු නාහිමිවරු අහක දැම්මේ නැහැ. මම නම් ඒකට ආසයි. මිනිස්සු පැත්තෙන්.

අනික තමයි මිනිස්සු. එයාල මේ ප්‍රදර්ශනයට වෙන කවරදාකටත් වඩා එන්නේ මේ අලුත් ආණ්ඩුව විසින් ඒක සංවිධානය කරපු නිසා. මෙච්චර ජන සන්නිපාතයක් දළදා මාලිගාව, මල්වතු අස්ගිරි පාර්ශවයන්, නුවර නාගරික සභාව වගේම බෞද්ධ කටයුතු අමාත්‍යාංශය උනත් හිතන්න නැතුව ඇති. ඒක නැවුම් තත්වයක්.

මම මේ කියන්නේ 'මිනිස්සු එයි කියල හිතුව හැබැයි මෙච්චර එයි කියල හිතුවේ නැහැ' කියන ජෝක් එක නෙවෙයි. මෙවන් අනපේක්ෂිත ජනතා පැමිණීමක් කාටඋනත් දරාගන්න බැහැ කියන එක. ඇයි එහෙම එන්නේ කියන එක ඇතුලේ වෙනදා නැති දේශපාලනයක් සහ පිබිදීමක් තියනවා කියන එක පෙන්නන්න සහ ජනප්‍රියත්වය කියන්නේ මොනවගේ දෙයක්ද කියලත් මට මෙතනදී පෙන්නන්න ඕනි.

ඒක ලංකාවේ එක වෙලාවක ජනප්‍රියම පාලකයා වෙච්ච මහින්ද කළාටත් වඩා මෙතනදී පේන්න තියනවා. දළදා භක්තිය වගේම දේශපාලන කරුණකුත් මෙතන බලපාල තියනවා. මේ දෙක වෙන්කරන්න බැහැ.

දළදාව සහ මාලිමාව කියන ජනප්‍රියත්ව සාධක දෙකක් එකට හමුවෙලා තියෙන්නේ. මේ තියෙන්නේ එහි ප්‍රථිපලයක්. මේ තියෙන්නේ දළදා වැඳීමට වැඩි යමක්. ඒ කියන්නේ මේක 'මාලිමා දළදාවක්'.

ඒ වගේම තමයි දවස් තුනක් හතරක් නිදී මරන්න වෙනවා කියන දැනගෙනත් මිනිස්සු තවමත් යන්න සුදානමින් සිටීම. එන්න එපා කියද්දීත් තවමත් මිනිස්සු යනවා. අනේ මං දන්නේ නැහැ...

ඊයේ මම රත්නපුරෙන් එද්දී රත්නපුර අනුරගේ රැළිය. බස් එකේ කට්ටිය ඔළුව ජනේලෙන් එළියට දමල බලනවා 'අරය' ඉන්නවද කියල. අරය කියන්නේ අනුර. ඕකයි තත්වේ.

හැමෝටම අනුව දැන් අනුර බොරු කියන නිසා අනුර ජනප්‍රියබවෙන් අඩුවෙන්න ඕනිනේ. සහ මේ දවස් ටිකේ ඇත්තම ඇත්ත කියල එහෙනම් අනික් උන්ට ප්‍රාදේශීය සභා දිනන්න පුළුවන් වෙන්න එපැයි...

ජනප්‍රියත්වය කියන්නේ බුද්ධියෙන් විතරක් තේරුම්ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැඟීමෙනුත් බලන්න ඕනි දෙයක්. මේ මහනුවර වීදි පුරා ගලායන්නේ ජනප්‍රිය බවේ ප්‍රකාශනයක්.

අනික් අයත් ට්‍රයි එකක් දෙන්න. බැණ බැණ ඉන්නේ නැතුව!

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...