The Leader News
BREAKING
Top Ad
Opinion

ඉවත බලාගෙන ඇයි ඔයා.... | Mahesh Hapugoda

T

The Leader Desk

April 27, 2025 • 4:52 PM

ඉවත බලාගෙන ඇයි ඔයා.... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලිමාවට සමාන්තරව' කියන එක.
  • ඇතැම් වෙනස්කම් තිබ්බ වුණත් මාලිමාව සමාන්තර උනේ ගෝල්ෆේස් අරගලයට.
  • මේ ගුණාත්මක වෙනස මේ දවස් කිහිපය ඇතුලේ අපි දැක්ක උදාහරණ දෙකක් මම දෙන්නම්.
  • අත පය හොඳට තියනවා නම් මනුස්සයකුට කුඩයක් ඉහලාගෙන යන්න බැරි නැහැ කියන පණිවිඩේ සහ නිර්ප්‍රභූ (මම තවත් එක සාමාන්‍ය මිහිහෙක්) පණිවිඩයක් ඒක ඇතුලේ තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මාලිමාවට සමාන්තරව' කියන එක.

ඒක එහෙම කියන්න හේතුව තමයි මාලිමාව අරන් ආපු දේශපාලනයේ ගුණාත්මක වෙනසක් පිළිබද කතිකාව ඉවත හෙලන්න බැරිවීම. සහ ඉවත දැමිය යුතු නැතිවම.

ඇතැම් වෙනස්කම් තිබ්බ වුණත් මාලිමාව සමාන්තර උනේ ගෝල්ෆේස් අරගලයට. යම් දුරක් එයත් එක්ක ඔවුන් නඩත්තු කළා උනත් ඔවුන් අරගලයේ අභිප්‍රායන් එක්ක සෑහෙන දුරට සමාන්තර උනා.

ඉතින් අනාගත ලාංකික දේශපාලන ව්‍යාපාරයක් ගුණාත්මක වෙනසක් ඉල්ලනවා නම් එය අනිවාර්යයෙන් අරගලයට වගේම මාලිමාවටත් සමාන්තර වෙන්න වෙනවා. මම කියන්නේ සංකල්පීය වශයෙන්.

මේ ගුණාත්මක වෙනස මේ දවස් කිහිපය ඇතුලේ අපි දැක්ක උදාහරණ දෙකක් මම දෙන්නම්. ඕනිනම් කියයි ඔව්ව රඟපෑම් කියලත්. හැබයි රඟපෑමට හරි මේවා අනික් අය නොකළ දේවල්.

එකක් තමයි කොහේ හෝ ජනරැළියකට අනුර ජනාධිපතිතුමා යනවා කුඩේ තමන්ම ඉහලාගෙන. ප්‍රසිඩන්ට් සේකුයුරිටි එක හිටියත් අනුරම කුඩේ ඉහලාගෙන යනවා. අත පය හොඳට තියනවා නම් මනුස්සයකුට කුඩයක් ඉහලාගෙන යන්න බැරි නැහැ කියන පණිවිඩේ සහ නිර්ප්‍රභූ (මම තවත් එක සාමාන්‍ය මිහිහෙක්) පණිවිඩයක් ඒක ඇතුලේ තියනවා. ඒක හොඳ දෙයක්. මිනිස්සු අපේක්ෂාකරපු දෙයක්. දැන් භෞතිකයක් වෙලා තියන දෙයක්. ආයේ කුඩයක් ප්‍රභූ අර්ථයෙන් ඇල්ලුවොත් ඒක හිනහා යන දෙයක් වෙනවා. ජෝක් එකක් වෙනවා. ඒ අර්ථයෙන් එක ප්‍රභූ ගොං පාට් එකක් අවසන් වෙනවා.

අනික තමයි දළදා ප්‍රදර්ශනය අවසන් වෙන්නේ නුවර නගරයේ පිරිසිදු කිරීමේ නියැලිලා හිටපු සනීපාරක්ෂක සහ අනෙකුත් පිරිසිදු කිරීමේ රාජකාරි කරපු පුද්ගලයින් පිරිසකට විශේෂ දළදා වැඳ පුදා ගැනීමේ VIP අවස්තාවක් ලබාදීමෙන්. මේ වැඩේ 'සිතීමේ වෙනසක්' සලකුණු කරන අපූරු දෙයක්. එම රැකියාවට ගෞරවයක් ලබාදීමේ දෙයක්. සාමාන්‍ය පුරවැසියෙක්ගේ මහන්සියට වටිනකමක් අරන්දුන්න අවස්ථාවක්. මේක වෙනත් ආණ්ඩුවක් යටතේ නොසිතන දෙයක් (සිතන්න බැරිවෙන දෙයක්).

මීට අමතරව රට පුරා සුළු ජාතීන්ගෙන් මාලිමාවට ලැබෙන්නේ අවංක ආදරයක්. ඒකත් මෙතෙන සඳහන් කරන්නම ඕනි. නමුත් මහජාතිය අවුල් කරගෙනත් නැහැ. ඒක මම මීට කලින් ලියල තියනවා.

මම මේ කියන දේ අර රනිල් කියන 'මාලිමාව යන්නෙත් මම ගිය පාරේමයි' කියන එකෙන් වෙනස්. එයා නොකියන හෝ එයාට නොතේරෙන ගුණාත්මක දේශපාලන වෙනසක් මෙතන තියනවා.

මේ නිසයි මම කියන්නේ වරින්වර අපිට මාලිමාව වෙතින් ප්‍රදර්ශනය වෙන මේ සිතීමේ වෙනස සලකුණු නොකර හෝ ඉන් ඉවත බලාගෙන අනාගත දේශපාලනයක් කරන්න බැහැ කියල. සහ එහෙම හොඳ දේ නොදැක්ක වගේ ඉවත බලන්නත් ඕනි නැහැ.

අර රූකාන්ත කියනවා වගේ. 'වසන්තයේ මල්‌ පීදිලා...ඉවත බලාගෙන ඇයි ඔයා..'

ඒ නිසා ගොඩක් තැන් වලදී අපි බලමු සමාන්තරව ගමන්කරන්න.  

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

සබැඳි ලිපිය :

මාලිමාවට වඩා දියුණු දේශපාලනයක් යනු කුමක් ද? | Mahesh Hapugoda

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...