The Leader News
BREAKING
Top Ad
Opinion

බිංදුවෙන් පටන්ගමු! | Mahesh Hapugoda

T

The Leader Desk

May 4, 2025 • 9:33 AM

බිංදුවෙන් පටන්ගමු! | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රැග් කිරීමට විරුද්ධ විශාල විරෝධතා රැල්ලක් හදපු සියලු ලාංකික ප්‍රගතිශීලි මිනිස්සුන්ට මුලින්ම ස්තුතිවන්ත වෙනවා.
  • ලංකාවේ කවදාහරි නවකවදේ නැවතුනොත් ඒ මහා ලොකු පොරවල් ලොකු දේවල් කරපු නිසා නෙවෙයි ඇත්තටම බුකියේ කොටන සාමාන්‍ය මිනිස්සු නිසා කියල මට දැන් හිතෙනවා.
  • හැබැයි ඒ කීර්තිනාමය කියන එකට මුවාවෙලා සබරේ සහ අනික් තැන්වල ඇත්තම ඇත්ත (අඳුරු සත්‍යය - dark truth) කොයි විදියෙන් හරි සමාජයට නිරාවරණය වෙන මේ වගේ වෙලාවට විතරක් එක රකින්න හදල වැඩක් නැහැ.
  • මේ වගේ දේවල් කිසිම දවසක සිදුවන එක නවත්වන්න ඇත්ත උත්සාහයක් තමයි අපි හැමෝම දරන්න ඕනි.
අකුරු ප්‍රමාණය (Font Size):

රැග් කිරීමට විරුද්ධ විශාල විරෝධතා රැල්ලක් හදපු සියලු ලාංකික ප්‍රගතිශීලි මිනිස්සුන්ට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒකට කේන්ද්‍රීය මාතෘකාව සපයපු මරණයෙන් උත්ථානය වුන සබරේ දෙවන වසරේ චරිත්ට සහ පවුලේ හැමට ශෝකය පලකරනවා.

මිනිස්සුන්ට අයිතියක් තියනවා එයාලගේ බදු මුදල් වලින් නඩත්තු වන මේ ආයතනවල වෙන්නේ මොකක්ද කියන එක පිළිබදව දැනගන්න. මාධ්‍යයට අයිතියක් තියනවා සිදුවන සියල්ල ගැන සොයාබලන්න.

පළාත් පාලන චන්දෙ අමතක වෙන තරමටම බුකිය මේ සිද්දිය ගැන දුන්නේ මාර සපෝට් එකක්. බුකියේ පීඩනය එක්ක ආණ්ඩුව උනත් මේ පරීක්ෂණ සීඅයිඩි එකට දීල තියනවා. සිද්දිය අපරාධයක් හැටියට හිතල කටයුතු කරනවා. ඒක හොඳයි. අගයකරන්න ඕනි. එයාල මේ වෙලාවේ සත්‍ය පැත්තේ හිටගත්තා.

495340396 10161057358410846 2545627400858924544 n
ලංකාවේ කවදාහරි නවකවදේ නැවතුනොත් ඒ මහා ලොකු පොරවල් ලොකු දේවල් කරපු නිසා නෙවෙයි ඇත්තටම බුකියේ කොටන සාමාන්‍ය මිනිස්සු නිසා කියල මට දැන් හිතෙනවා. සමාජමාධ්‍ය ඒ තරම් ප්‍රභලයි. එයාල වෙන කවදාටත් වඩා මේ සිද්දියට දැන් දින ගණනක් තිස්සේ මැදිහත් උනා. අදටත් එහෙමයි.

දැන් ඇවිල්ල තියන අලුත්ම කතාව තමයි මේ නවකවධ සිද්දි කතා කරන්න ගියාම සබරේ කිර්තිනාමයට කැළලක් වෙනවා කියන එක.  

සහතික ඇත්ත ඒ කතාව...

හැබැයි ඒ 'කීර්තිනාමය' කියන එක රැකගන්න ඕනි කවුද? අපි. අපේ ශිෂ්‍ය ප්‍රජාව. අපේ ගුරුවරු සහ අපේ පරිපාලනය. හැබැයි ඒ කීර්තිනාමය කියන එකට මුවාවෙලා සබරේ සහ අනික් තැන්වල ඇත්තම ඇත්ත (අඳුරු සත්‍යය - dark truth) කොයි විදියෙන් හරි සමාජයට නිරාවරණය වෙන මේ වගේ වෙලාවට විතරක් එක රකින්න හදල වැඩක් නැහැ. මේ වගේ දේවල් කිසිම දවසක සිදුවන එක නවත්වන්න ඇත්ත උත්සාහයක් තමයි අපි හැමෝම දරන්න ඕනි. උනාට පස්සේ කියල වැඩක් නැහැ.

03 Master

 

ඒකට පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රවර්ධනය වෙනවා ඒ නිසා කතාකරන්න එපා වගේ කතානම් නොපතන්!

දැන් සාමාන්‍ය සමාජය කැම්පස් එල්ල කරලා දියත් කරලා තියනවා කොන්දේසි විරහිත ප්‍රහාරයක්. සමහර ඒවා සදාචාර සීමාවෙන් ඔබ්බට ගිය ඒවා. නමුත් ඒ සමාජයේ කේන්තිය ඒ විදියට ගලායන්න දෙන්න ඕනි. කැම්පස් ආවත් නාවත් එයාලටත් මේවා අයිතියි. මේවා අපේ දේපළ නෙවෙයි. එයාල අපි කෙරෙහි අපවාදාත්මක විදියට බලමින් ඉන්න හේතු තියනවා. උඹල මහා ලොකුවට කතාකරාට බලපල්ලා තිරෙන් පිටිපස්සේ තියන ලේ බිංදු ඇටසැකිළි....ඒක තමයි එයාල මේ අහන්නේ.

ඒ අපවාදය ඔස්සේ තමයි අපිට නිවැරදි වෙන්න පුළුවන්. නැවත අපි දිහා හැරිලා බලන්න පුළුවන්. ඒකට මිලක් අපි දරන්න වෙනවා. කීර්තිය තමයි ඒ මිළ. බලන්න දේශපාලනය කරන අය ලක්වන අපවාද....ලෝකය පුරාම එහෙම තමයි. ඒ තමයි සෝෂල් මිඩියා යුගයේ හැටි....කාටත් බෙදන්නේ එකම හැන්දෙන්.

 

සමගිය බිඳ දමන සමාජ මාධ්‍ය ගැන පොලීසිය විමසිල්ලෙන් !

ඒ සමාජ තෙරපුම අපි තේරුම්ගන්න ඕනි. සෝෂල් මිඩියා වලින් අරගල කරපු, ආණ්ඩු පෙරළපු, ආණ්ඩු හදපු සමාජයක් මේක. මේ අපවාදය සහ තෙරපුම නොවෙන්න අපි නැවතත් සාමාන්‍ය විදියට ජීවිතේ පටන්ගන්නවා. තව අවුරුද්දකින් තව එකෙක් මැරෙනවා. අපවාදයක් විඳලා හරි මේ මරණය අවසන් මරණය උණොත් හරි.

මේ සිද්දවෙලා තියන දේවල් එක්ක සමාජයේ මේ ප්‍රකාශනය සහ තෙරපුම අපිට වළක්වන්න බැහැ. කීර්තිනාමය පැත්තෙන් අපිට බිංදුවට යන්න සිද්දවෙනවා. ආපහු බිංදුවෙන් තමයි පටන්ගන්න වෙන්නේ.

ආයේ මේ වගේ දේවල් නොවෙන පසුබිමක් යටතේ අපි කීර්තිය කළමණාකරණය (reputation management) කරමු...

#justicforcharith
#saynotoragging


පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...