The Leader News
BREAKING
Top Ad
Opinion

කමෝන් නාමල්...! | Mahesh Hapugoda

T

The Leader Desk

May 8, 2025 • 5:02 AM

 කමෝන් නාමල්...! | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ මැතිවරණෙ එකම හයිලයිට් එක සහ කතාකරන්න තියන එකම දේ නාමල්.
  • ඒකට නායකත්වය දුන්නේ නාමල්.
  • මේ වේගෙන්ම ඉදිරියට ගියොත් නිසැකව 2029 අනික් හැමෝම පහුකරගෙන නාමල් එනවා.
  • බේරෙ නාලා බිංදුවට වැටුන තැන ඉදන් මේ වෙනකොට වේගයෙන්ම ඉදිරියට එන දේශපාලන බලවේගය බවට නාමල් පත්වෙලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ මැතිවරණෙ එකම හයිලයිට් එක සහ කතාකරන්න තියන එකම දේ නාමල්. සහ බිංදුවට වැටිලා තිබ්බ පොහොට්ටුව නැගිටින එක. ඒක අපූරු දේශපාලන අත්දැකීමක්.

මම කියන්නේ පොහොට්ටුවට සහ නාමල්ට විතරක් නෙවෙයි. බලාසිටින අපිට පවා මේ නැගිටීම වැදගත්.

68 ලක්ෂයක චන්ද ගෙඩියකින් චන්ද ලොස් වෙන හැටි අපිට දකින්න පුළුවන් උනත් ඒ චන්ද යන්නේ කොහාටද කියල අපිට දකින්න වෙන්නේ නැහැ නාමල් නැත්නම්. ඒ නිසා සන්ධාන ගහන්නේ නැතුව තනිව ඉල්ලපු එක හොඳයි. දැන් කාගේ කාගේත් හයි හත්තිය පේනවා නේ.

මේක මම දැනගෙන හිටිය වගේම පුරෝකථනය කළා. මගේ ටයිම් ලයින් එකේ පස්සට ගිහින් බලන්න. සහ ඒ වෙනුවන්ම මම වීඩියෝ එකකුත් කළා 'අපවාදයේ කුමාරයා' කියල. කිව්වා වගේම ඒ අපවාදයේ කුමාරයා මාරම මෝටිවේෂන් එකකින් වැඩ කරනවා.

Namal 2025.05.03

වැඩේ අලවෙලා මඩ කාල බේරේ වැවේ නාපු පොහොට්ටුව අද සෑහෙන පමණකින් පෙර වැරදි නිවැරදි කරගෙන වැඩේ ගොඩ දා ගනිමින් ඉන්නවා. ඒකට නායකත්වය දුන්නේ නාමල්. ඒ අභියෝගය මහින්ද මුහුණ දුන්න අභියෝගයට වඩා තරමක් වැඩි දෙයක්. තමන් අතහැර ගිය ගොඩක් අයගේ අවධානය නාමල් මේ වෙනකොට අරගෙන තියනවා. මේ වේගෙන්ම ඉදිරියට ගියොත් නිසැකව 2029 අනික් හැමෝම පහුකරගෙන නාමල් එනවා.

කවුරුවත් රජකම දෙනකල් ඉන්නේ නැතුව නාමල් පොළොවට බැහැල වැඩකරන්න ගත්ත. අරය නිසා අරක කරන්න බැහැ මෙයා නිසා මේක කරන්න බැහැ වගේ දේවල් නාමල් අදාල කරගත්තේ නැහැ. ඒවා අදාල උනේ රනිල් සහ සජිත්ට. ඒ දෙන්න දැන් කාගෙන කාගෙන ගිහිල්ල නැට්ට කොට දෙක විතරයි ඉතුරු.

 

GXNbEfEXwAAns9p
නාමල් කාටවත් බැන්නේ නැහැ. වෛරී ප්‍රකාශනයක් නැහැ. ප්‍රසන්න පෙනුමක් තියනවා. හිනාවෙලා ඉන්නවා. ඉතාම තරුණයි. කාලය තියනවා.

උතුරු නැගෙනහිර මිනිස්සුන්ගේ හදවත් දිනාගන්න තවමත් ඉතුරුවෙලා තියනවා.

ඒ අභියෝගය නාමල් ජයගත්තොත් කවදාහරි රටේ නායකයා වෙනවා.

කමෝන්...!

Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි ලිපි :

නාමල්ගේ වික්‍රමය | එරන්ද ගිනිගේ

නාමල්: අපවාදයේ කුමාරයා | මහේෂ හපුගොඩ

Chinthana Dharmadasa ගේ ෆේස්බුක් සටහනක්

''මේ මැතිවරණයෙ ජයග්‍රහණය කරලා තියෙන්නෙ දෙන්නයි. එක්කෙනෙක් නාමල්. බේරෙ නාලා බිංදුවට වැටුන තැන ඉදන් මේ වෙනකොට වේගයෙන්ම ඉදිරියට එන දේශපාලන බලවේගය බවට නාමල් පත්වෙලා තියෙනවා. අනෙක් ජයග්‍රාහකයා දිලිත්. රොට් ව්‍යාපෘතිය සාර්තක වෙමින් දිලිත් අලුත් වුනත් දළුත් නෙලාගෙන තියෙනවා. මතවාදීව සදා ප්‍රතිවාදී වුනත් ඒ දේශපාලන ගැම්මට සුබ පතන්න ඕන ''
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කමෝන් නාමල්...! | Mahesh Hapugoda | The Leader