The Leader News
BREAKING
Top Ad
Opinion

ඩේලි ඩෝස් ඔෆ් නාමල්.... | Mahesh Hapugoda

T

The Leader Desk

May 11, 2025 • 9:32 AM

ඩේලි ඩෝස් ඔෆ් නාමල්.... |  Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ උද්වේගය අල්ලල තියාගත්තේ අනුර.
  • අනික් එක විපක්ෂයේ ඉන්න කොට අනුර ඇතුළු කණ්ඩායම ඩේලි ආතල් එකක් දුන්න.
  • හා බොරුද..හා නැද්ද..මං අහන්නේ එහෙම වෙන්න ඕනි නැද්ද..අම්මප ...ආදී වශයෙන් මේක ඒ කාලේ දිගටම ගියා.
  • ඒ පවුලේ මේ වෙලාවේ ප්‍රකාශකයා නාමල්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මේ උද්වේගය අල්ලල තියාගත්තේ අනුර. ඒ නිසා තමයි හැම මීටින් එකටම අනුර අනිවාර්ය උනේ.

මේක විපක්ෂයේ ඉන්න කොට හැමදාම වගේ නඩත්තු කරන්න පුළුවන් දෙයක් උනත් ආණ්ඩු බලය ගත්තට පස්සේ කරන්න අමාරු දෙයක්. ඒ 'උද්වේගකර ආතල් එක' දෙන්න නම් ආණ්ඩුවට නැහැමින් සල්ලි තියෙන්න ඕනි.  

අනුර කුමාර කෙලින් වීම දෙවන කොටස -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

මේ වෙලාවේ එහෙම ආතල් දෙන්න ආණ්ඩුවට සල්ලි නැහැ.

අනික් එක විපක්ෂයේ ඉන්න කොට අනුර ඇතුළු කණ්ඩායම ඩේලි ආතල් එකක් දුන්න. උගන්ඩාවේ සල්ලි ගේන්න ඕනි නැද්ද කියල අහනකොට මිනිස්සුන්ට ආතල්. ගේන්න ඕනි නේන්නම්...හොරු අල්ලන්න ඕනි නැද්ද කියල අහන කොට ආතල්. අල්ලන්න ඕනි නේන්නම්... පැය විසි හතරෙන් හොරු හිරේ දානවා කියනකොට ආතල් නැද්ද..ආතල්. දේශපාලනය කරන උන්ගේ සියලුම වරප්‍රසාද අහිමි කරනවා කියනකොට ආතල් නැද්ද...ආතල්.

අනික් අය දෙනවට වඩා දේශපාලන බරකින් ඒ එක්සයිට්මන්ට් එක ජාතික ජන බලවේගේ දුන්න. පිරිසිදු දේශපාලනයක්, දුෂණ වංචා නැති දේශපාලනයක්, කාර්යක්ෂම පාලනයක් ඒ අතර තිබ්බ.

ඒ විදියට ජාතික ජන බලවේගේ දුන්න දෛනික දේශපාලන ආතල් එකේ වෙනම ලෙවල් එකක් තිබ්බ (daily aathal dose -දෛනික ආතල් මාත්‍රාව). මිනිස්සු ඒ ආතල් එක ගත්ත. හැබැයි ඒක බලයට ආවට පස්සේ වෙනස් වෙලා දැන් එහෙම ආතල්ම දෙන්න බැහැ.

ජනපති අපේක්ෂක අනුරගේ පැටිකිරිය මෙන්න...(ජායාරුප)
පළාත් පාලන චන්දෙ වෙනුවෙන් ජනාධිපතිතුමාම රට වටේ ගියේ එයාගේ 'හඬ' ඔස්සේ තමයි මිනිස්සු මේ එක්සයිට්මන්ට් එක ගත්තේ. හා බොරුද..හා නැද්ද..මං අහන්නේ එහෙම වෙන්න ඕනි නැද්ද..අම්මප ...ආදී වශයෙන් මේක ඒ කාලේ දිගටම ගියා. හැබැයි චන්දෙ කාලේ එනකොට ඒක ටිකක් පරණ වැඩි උනා. පරස්පර උනා. ගතියක් නැතුව ගියා.

මේ දේශපාලන එක්සයිට්මන්ට් එක අරන් එන්න ගොඩක් වෙලාවට ප්‍රහාරයක් විදියට (අනෙකා) පාවිච්චි උනේ රාජපක්ෂ පවුල. ඒ පවුලේ මේ වෙලාවේ ප්‍රකාශකයා නාමල්.

නාමල් ඉතින් හෙමීට පොඩියට කියා කියා ගියා අපි උගන්ඩාවට අරන් ගිය සල්ලි ගේන්න කියල. තව මොනවාහරි හොරකම් කරපු දෙයක් තියනවා නම් හොයන්න කියල. මේ ආණ්ඩුවේ ඇත්ත ප්‍රතිවිරෝධය එන්නේ නාමල් එක්ක.

එයා කළේ අර එක්සයිට්මන්ට් එක අනික් පැත්ත හරවන්න හදපු එක. ඒ නිසා මිනිස්සු එයාගේ පැත්තත් බලන්න පටන්ගත්ත. පොඩි පොලිටිකල් එකස්යිට්මන්ට් එකක් එයත් දුන්න. ඒක හැම දවසෙම වගේ එයත් කළා. පොඩි හීනි කින්ඩි හිනාවක් එක්ක.

නාමල්.... | මහේෂ් හපුගොඩ

 

ඕනිනම් කියන්න පුළුවන් ඒක 'ඩේලි ඩෝස් ඔෆ් නාමල්' (Daily Dose of Namal) නැත්නම් නාමල්ගේ දෛනික කින්ඩිය කියලත්..  

පොඩියට කරපු වැඩෙන් ලක්ෂ දහයක් චන්ද වැඩිවුණා.

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි ලිපි :

කමෝන් නාමල්...! | Mahesh Hapugoda


නාමල්: අපවාදයේ කුමාරයා | Mahesh Hapugoda

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...