The Leader News
BREAKING
Top Ad
Opinion

මහින්දයා උල තියමු! | Mahesh Hapugoda

T

The Leader Desk

May 12, 2025 • 9:14 AM

මහින්දයා උල තියමු!  | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔව්..සංවර්ධනයේ නාමයෙන් සමහර තැන්වල කොන්ත්‍රාත් කරපු උන් ගසාකන්න ඇති.
  • මැද හිටපු දේශපාලකයොත් ගසාකන්න ඇති.
  • එයාගේ පාලනය ඇතුලේ මැනේජ්මන්ට් ප්‍රශ්න තිබ්බ.
  • ඒ සියල්ල එක්ක අඩුපාඩු ගොඩක් තියෙන්න ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔව්..සංවර්ධනයේ නාමයෙන් සමහර තැන්වල කොන්ත්‍රාත් කරපු උන් ගසාකන්න ඇති. මැද හිටපු දේශපාලකයොත් ගසාකන්න ඇති. මහින්ද උන්ට ඕනි හැටියට දේවල් කරගන්න ඉඩදුන්න වෙන්නත් පුළුවන්. ඒවා මම නැහැ කියන්නේ නැහැ. එයාගේ පාලනය ඇතුලේ මැනේජ්මන්ට් ප්‍රශ්න තිබ්බ.

හැබැයි පාරවල් හැදුවේ මහින්ද නෙවෙයි. මහින්ද කොහෙන් හරි හොයල දුන්න සල්ලියකින් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව. ඒ නිසා ඒවායේ ප්‍රමිතිය බැලුවෙත් ඒ දෙපාර්තමේන්තුවේ කට්ටියම තමයි. ඒ සියල්ල එක්ක අඩුපාඩු ගොඩක් තියෙන්න ඇති.

හැබැයි මචංලා පොර එහෙම අවුලට හරි ඒ වෙලාවේ හදපු පාරවල් ටික නිසා තමයි මේ විදියට හරි බස් ටිකක් ඔහොම දුවන්නේ.

 

496799178 1021737086834984 7206352995411832475 n
නිකම් කියන්නම් මගේ පුද්ගලික අත්දැකීම. දැන් ඔය අනතුර වෙලා තියෙන්නේ කතරගම කුරුණෑගල බස් එකටනේ. ඔය බස් එක යන්නේ නුවර නුවරඑළිය බණ්ඩාරවෙල වැල්ලවාය රූට් එකේ. මම ඒ රූට් එකේ යන්නේ නැහැ. හැබැයි ඔය විදියටම කුරුණෑගල සහ කතරගම ඩිපෝ දෙකේ බස් දෙකක් ඇඹිලිපිටිය පැල්මඩුල්ල රත්නපුර අවිස්සාවේල්ල කෑගල්ල හරහා කුරුණෑගල කතරගම අතර දුවනවා. දුර තරමක් වෙනස් ඇති. මම ගොඩක් වෙලාවට හවස එන කතරගම කුරුණෑගල බස් එකට ගොඩ වෙනවා. රත්නපුරෙන් හෝ පැල්මඩුල්ලෙන්. ඒ ගෙදර ළඟම බහින්න පුළුවන් නිසා.

ඔය බස් ටිකක් ඉක්මනට ගමනාන්තයට එනවා. ඒ නිසයි හැමෝම එල්ලෙන්නේ.

දැන් ඔය කොළඹ ඉඳන් අවිස්සාවේල්ල සහ රත්නපුර සහ බදුල්ල දක්වා (99 රූට් එක) කොටස් මහින්ද එන කොටත් මම හිතන්නේ කාපට් කරලා තිබ්බේ. නමුත් අවිස්සාවේල්ල සහ ගලිගමුව වගේම රංවල ඉඳන් පොල්ගහවෙල කොටස් මහින්දගේ කාලේ කාපට් කළේ.

මේ අනතුරට ලක්වෙච්ච බස් එක වගේම ඒ වර්ගයේ බස් ප්‍රධාන පාරට අමතරව අතුරු පාරවල් වලත් සෑහෙන දුරක් ගමන්කරනවා.

 

496182890 1021736736835019 1050840170125242317 n
දැන් ඔය අනතුර වෙච්ච බස් එක උනත් බෙරගල ඉඳන් කොස්ලන්ද හරහා වැල්ලවාය දක්වා යන්නේ අතුරු පාරක. ඒවා ගොඩක් මහින්දගේ කාලේ දියුණු කළා. ඒ අතුරු පාරවල් දියුණු කිරීමත් එක්ක ගොඩක් බස් ඒවායේ දුවන්න ගත්ත. ඉස්සර නොතිබිච්ච යාපනය ඇඹිලිපිටිය. වව්නියාව හම්බන්තොට වගේ අපිට නුහුරු  ගමනාන්ත සහිත බස් ගොඩක් ආව. තව අනන්තවත් එහෙම බස් ඇති.

මහින්ද කරපු ඒ දේ ප්‍රථිපල අදටත් අපි භුක්ති විඳිනවා. දැන් ඒවා ආයිත් කැඩිලා බිඳිලා ගියත් කාපට් දැම්ම නිසා ලේලන්ඩ් එකේ උනත් කොන්ද කැඩෙන්නේ නැතුව යන්න පුළුවන්.

නිකම් හිතන්න ඔය ලේලන්ඩ් එක යන්නේ කාපට් නැති රළු පාරක නම් ඩ්‍රයිවර්ට සහ මිනිස්සුන්ට කොච්චර අමාරු වෙයිද? සහ ඒ පාරවල් තිබ්බ විදියට තිබ්බ නම් මේ බස් වැටෙයිද? සහ කොච්චර නම් අනතුරු ඒ පාරවල් නවීකරණය එක්ක වැළකිලා ඇත්ද?

මහින්දයාට බැනපල්ලා මචං. හැබැයි කරපු දේත් කියපල්ලා.

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...