The Leader News
BREAKING
Top Ad
Opinion

මෙගා හීන... | Mahesh Hapugoda

T

The Leader Desk

May 17, 2025 • 3:11 PM

මෙගා හීන... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒක බ්‍රිතාන්‍ය රජ පවුලේ ඉඳල ෂාරුක් ඛාන් දක්වා දිවෙන අතිශයින් සුඛෝපභෝගී කාර් එකක් පිළිබඳ සංකේතයක්.
  • ෆැන්ටම් කාර් එකේ රූපයයි අර RR ට්‍රේඩ් මාක් එකයි දැක්කම ඇති.
  • ඇත්තටම වන්ඩියක් කියන්න හොඳ නැහැ.
  • සාමාන්‍ය පවුලක ඉපදිච්ච මිනිහෙක් ලෝකේ මිලාධිකම කාර් එකට යන්න තරම් ලොකු හීනයක් තියනවා කියන්නෙම ලොකු දෙයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒක බ්‍රිතාන්‍ය රජ පවුලේ ඉඳල ෂාරුක් ඛාන් දක්වා දිවෙන අතිශයින් සුඛෝපභෝගී කාර් එකක් පිළිබඳ සංකේතයක්.

කාර් එකක් කිව්වට කාර් එකක්මත් නෙවෙයි. කාර් එකකට වඩා වැඩි යමක්.

ලංකාවට එකක් ගෙනාවා කියන ආරංචියට රෝලිස් රොයිස් වෙබ් එකට ගියා. ෆැන්ටම් කාර් එකේ රූපයයි අර RR ට්‍රේඩ් මාක් එකයි දැක්කම ඇති. බඩ පිරෙනවා. ඔන්න කරනවා නම් වැඩ.

ලංකාවේ මිනිහෙක්ට පුළුවන් වෙනවා මෑත කාලයේ, විශේෂයෙන් තීරුබදු නප්පියට නැගල තියන වෙලාවෙත්, මේ ජාතියේ වන්ඩියක් ගෙන්වන්න. ඇත්තටම වන්ඩියක් කියන්න හොඳ නැහැ. පට්ටම කාර් එකක්.

සමහරු කියනවා ඒක යන්නේ පොළොන්නරුවට කියලත්. ඒක තවත් හොඳයි. සාමාන්‍ය පවුලක ඉපදිච්ච මිනිහෙක් ලෝකේ මිලාධිකම කාර් එකට යන්න තරම් ලොකු හීනයක් තියනවා කියන්නෙම ලොකු දෙයක්.  

ඇත්තටම මේ රටට ඕනි ලොකු හීන තියන මිනිස්සු. මෙගා හීන. හැබැයි අපේ අවාසනාවට දැන් ඉන්නේ සිල්ලර දෙවිවරු!

කොළඹින් ඈත පොළොන්නරුවේ එහෙම එක මිනිහෙක් ඒ වගේ සිහිනයක් අත්පත් කරගත්ත කියන්නේ තවත් මිනිස්සු ඒ වගේ ලොකු සිහින අත්පත් කරගන්න කල්පනා කරයි. ඒ වගේ අර්චන සිහින වලට වෛර නොකර ඒවා මහන්සි වුනොත් අත්පත් කරගත හැකි දේවල් හැටියට කල්පනා කරයි.

රෝල්ස් රොයිස් එකක් ගන්න බැරි වුණොත් BMW එකක් හරි ගනී...

සතුටුයි!

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...