මගේ පැත්තෙන් ඒක තාවකාලික නවාතැනක් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. දැනට මුකුත්ම කියන්න බැහැ.
දේශපාලන දකුණ නැත්නම් දක්ෂිණාංශික කියන අදහස මම මගේ පැවැත්ම ඇතුලේ අර්ථවත් කරගන්නේ බ්‍රිතාන්‍ය පකිස්ථාන සිනමා කරුවෙක් සහ ලේඛකයෙක් වෙච්ච හනිෆ් කුරේෂිගේ අර්ථයෙන්.
තැචර්ගේ නව ලිබරල් ප්‍රතිසංස්කරණ එක්ක ආසියාවේ සංක්‍රමණිකයින් බ්‍රිතාන්‍යය ඇතුලේ ගහපු ගේම මම දැනගන්නේ කුරේෂි හරහා. ඇත්තටම කියනවා නම් මම දකුණේ දේශපාලනය ගැන අදහසක් ගන්නේ කලාව හරහා.
My Beautiful Laundrette
අලුත් සංස්කෘතියක් සහ සමාජයකකට ඇතුල්වෙන පකිස්තානුවෙක් ලන්ඩන් නගරයේ ගහන පැවැත්මේ ගේම ආශ්‍රිතව පහත දේවල් දකින්න පුළුවන්.
a. පුද්ගල උත්සාහය සහ පුද්ගල බද්ධ සුවිශේෂතා.
b. නව තත්වය පිළිගැනීම සහ ඒවා එක්ක අනුගත වීම.
c. කම්මැලි නොවීම.
d. ධනය ඉපයීම.
e. අපරාජිත බව.
මේ සඳහා හොදම චිත්‍රපටි තුන My Beautiful Laundrette (1985), My Son the Fanatic (1997), The Buddha of Suburbia (1993).
My Son the Fanatic
ඉතිං මම හිතනවා ලංකාවේ ආර්ථික කඩාවැටීම එක්ක ඇතිවෙච්ච නව තත්වය නව අවස්ථාවක් උදාකරල තියනවා කියල මේ සමාජය තවත් පිම්මක් කරා යොමුකරන්න. අපි තැචර් කළා වගේම නව ලිබරල් ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් දැක්ක අරගලයෙන් පස්සේ ආපු රනිල් ආණ්ඩුවත් එක්ක. ඒවා තරමක් තද වෙනස්කම් සහ ලංකාවේ ආණ්ඩු විසින් කරන්න මැලිවෙච්ච වෙනස්කම්.
ඒ වෙනස්කම් එක්ක දැන් අපි ජීවත් වෙන්නේ වෙනස් විදියකට. වෙනස් සිතීමක් එක්ක. වෙනස් අරමුණු එක්ක. විශේෂයෙන් ආසියාවේ සිද්දවෙමින් යන අලුත් වෙනස්කම් එක්ක අපි සම්බන්ද වෙන්න ඕනි. එහෙම ගත්තම මාලිමාව පවා ඉන්නේ ඒ වෙනස් වටිනාකම් සහිත ලෝකයක. එකම දේ මෙතනින් ඔබ්බට විකසිතවන රටට නායකත්වය දීම. ඒක ජනප්‍රියවාදී වැඩක් නෙවෙයි. යතාර්ථවාදී වැඩක්.
අවශ්‍යම තැන්වලට පමණක් සමාජ සුබසාධනය අවශ්‍යයි. හැබැයි මිනිස්සු කම්මැලි නැතුව උපයන්න ඕනි. ආර්ථිකය පුළුල් වෙන්න ඕනි. ජීවන තත්වය දියුණු කරගන්න ඕනි. මට ඒකට තියන හොඳම උදාහරණය ජපානය.
'දිනන දකුණ' කියන නම නම් එච්චර සිත්කාවදින්නේ නැහැ. පෝස්ටරේ අනුරගේ රූපය නොතිබ්බනම් හොඳයි. හැබැයි ඒක තිබ්බ නිසා තමයි බණින්න හරි කට්ටිය සෙට් උණේ.
පොඩි කැළඹීමක් දැනටම තියනවා කියන්නේ වැඩේ නැගල යනවා වෙන්නත් පුළුවන්....
කොහොම උනත් මම රනිල්ගේ හොල්මනක් කියන එක නම් මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ!
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



