ඒ තමයි මේ ඓතිහාසික ජයග්‍රහණය වෙලාවේ මඩේ පිපෙන නෙළුම් වගේ කට්ටිය තනි තනි පුද්ගලයෝ හැටියට 'පූදින්න' හදනවා. චරිත වෙන්න හදනවා. ඒක හරියන්නේ නැහැ කියන එක සහ අනුර හැර අනික් ඔක්කොම ක්‍ෂය වෙලා දියවෙලා යන්න ඕනි කියන එක.
දියවෙලා යනවා නැත්නම් ශුන්‍යවෙනවා කියන එකේ යම් බෞද්ධ ගතිකයක් තියනවා. හැබැයි බෞද්ධ ශුන්‍ය බව මම වටහාගන්නේ විකසිත වීම කියන අදහස එක්කමයි. විකසිත වීමක් නැතුව ඔහේ ශුන්‍යවෙලා යනවා කියන එක මට හරියන්නේ නැහැ.
දියවෙන්න ඕනි තමයි යම් නිමේෂයක. හැබැයි ඒ තාක් විකසිත වෙන්නත් ඕනි. විකසිත වීම සඳහා උත්සාහ කරන්නත් ඕනි. ඒ විකසිත වීම ගොඩක් වෙලාවට තනි පුද්ගල උත්සාහයක්. නමුත් සමුහයක් හැටියට වැඩකරන්න අවශ්‍ය තැන්වල එහෙම වෙනස් වෙන්නත් ඕනි.
මේ විකසිත වීම ඇතුලේ හපන්කම්, දක්ෂකම් වගේම මෝඩකම් තියෙන්නත් පුළුවන්. හිතුවක්කාරකම් තියෙන්නත් පුළුවන්. ඒ හැම දෙයක්ම අවසන් පුද්ගල අනන්‍යතාවක් වෙනුවෙන් වන සුවිශේෂ බවක් එක්ක යන ගමනක්. ඒ ගමන ශුන්‍ය අවසානයක් දක්වා දිවෙන්න පුළුවන්.
සමහරු යම් අවසන් අදහසක් එක්ක මේ ගමන යනවා වෙන්නත් පුළුවන්. එහෙම නැතුව ඔහේ යන විදියට යනවා වෙන්නත් පුළුවන්. මේ කිසිම දෙයක් ගැන (පුද්ගල පැවැත්ම එක්ක ගත්තම) අවසන් අදහසක් කියන්න බැහැ.
යමෙක්ට ගමනක් තියෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. නවතින්නත් පුළුවන්. නැවතත් ආයේ පටන්ගන්නත් පුළුවන්. ඒක පැවැත්මේ නිදහස.
මම මේ මොහොතේ ඉන්නේ ඔය 'දිනන දකුණ' කියන කට්ටිය එක්ක. ඒක මගේ මහා ලොකු තේරීමක් නොවුණත් මේ වෙලාවේ මට වැඩියෙන්ම සෙට් වෙන තැන ඒක කියන්න පුළුවන්. මම ඉතිං එතන ඉන්නවා. හැබැයි මට ඕනි තව ගොඩක් දේවල් මට ඕනි හැටියට කරනවා.
නිකම් බලන්න මගේ එකවුන්ට් එක. 2024 ජනාධිපතිවරණෙට කලින් මම මාලිමාව ගැන පොසිටිව් වීඩියෝ කළා. පස්සේ රනිල් ගැන සෑහෙන ගණනක් වීඩියෝ කළා. තවමත් කරනවා. නාමල් මහින්ද ගැන කිහිපයක් කළා. මාලිමාව ගැනත් පොසිටිව් කීපයක් කළා. ඒ වගේ මට ඕනි ඕනි විදියට මම මගේම හැරවුම් අරගෙන තියනවා. මගේම වූ පැවැත්මේ සහ සිතීමේ අරගලයක මම ඉන්නවා. චරිතයක් වෙන්න නෙවෙයි. මගේම අරගලයක් එක්ක. විනිවිද පෙනෙන.
හැබැයි ශිරාල්වත් කවුරුවත් මම මේ ඉන්න නොපැහැදිලි සහ අනිත්‍ය තැන ගැන ප්‍රශ්න කරලා නැහැ. අරක කරන්න එපා මේක කරන්න එපා කියලත් නැහැ. මේක නැහැ අරක නැහැ කියල තරහ වෙලත් නැහැ. එයාලගේ ඒවා කරන්න කියල බල කරලත් නැහැ.
මට ෂුවර් බිමල් වගේ කෙනෙක්ට හෝ පක්ෂයේ වෙනත් කෙනෙක්ට මේ අනියත, නොපැහැදිලි, අවිනිශ්චිත තැන දරාගන්න බැරිවෙයි. 159ක් වන මන්ත්‍රීවරු වැඩිය සද්දයක් නැතුව ඉන්නවා වගේ මටත් ඉන්න වෙයි. 'චරිත' වෙන්න බැරි වෙයි. වැඩේ කළා. දියවෙලා ගියා. දුයිෂෙන් වගේ ඉන්න වෙයි. දුයිෂෙන් එයාලගේ ලොකු පරමාදර්ශයක්.
මේ පැවැත්ම ගැන තියන වෙනස් කියවීම වම සහ දකුණ අතර තියෙන ලොකු විභේදනයක්. ඒ විභේදනය ඇතුලේ මම දක්ෂිණාංශිකයි. ඒ සාංදෘෂ්ටික අර්ථයෙන්.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
බිමල් සහ ශිරාල්... | Mahesh Hapugoda
T
The Leader Desk
May 24, 2025 • 2:55 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඒ තමයි මේ ඓතිහාසික ජයග්‍රහණය වෙලාවේ මඩේ පිපෙන නෙළුම් වගේ කට්ටිය තනි තනි පුද්ගලයෝ හැටියට 'පූදින්න' හදනවා.
- හැබැයි බෞද්ධ ශුන්‍ය බව මම වටහාගන්නේ විකසිත වීම කියන අදහස එක්කමයි.
- මේ විකසිත වීම ඇතුලේ හපන්කම්, දක්ෂකම් වගේම මෝඩකම් තියෙන්නත් පුළුවන්.
- ඒ හැම දෙයක්ම අවසන් පුද්ගල අනන්‍යතාවක් වෙනුවෙන් වන සුවිශේෂ බවක් එක්ක යන ගමනක්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


