The Leader News
BREAKING
Top Ad
Opinion

ප්‍රභූ මාලනිය ! | Mahesh Hapugoda

T

The Leader Desk

May 26, 2025 • 6:38 AM

ප්‍රභූ මාලනිය ! | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුකියේ වගේම වෙබ් වලත් පෝස්ට් ගණනාවක් දැක්ක.
  • ලංකික සිනමාව ඇතුලේ කරලා තියන කුමන හෝ දෙයක් වෙනුවෙන් එයාට ඒ තැන දෙන්න ඕනි.
  • ඇයගේ ශරීරය සහ බැල්ම අපේ කලාපයේ ෆැන්ටසි එකක් වෙන්න ඇති.
  • ඒ නිසා එයාට තරමක් සුවිශේෂ අනුග්‍රහයක් දැක්වූවාට කමක් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

බුකියේ වගේම වෙබ් වලත් පෝස්ට් ගණනාවක් දැක්ක. ටීවී එකෙත් දැක්ක. රාජ්‍ය ගෞරව කරනවත් දැක්ක. ලංකික සිනමාව ඇතුලේ කරලා තියන කුමන හෝ දෙයක් වෙනුවෙන් එයාට ඒ තැන දෙන්න ඕනි.

ඒත් මම කොහොමද මාලනී ෆොන්සේකාට සම්බන්ද වෙන්නේ සහ මම මොනවද ඇය ගැන ලියන්නේ කියන තැනදී මට ලියන්න තරම් ආත්මමූලික කෑල්ලක් (subjective element) නැති නිසා මම තරමක් කලපනා කළා.

මාලිනී දෙවඟනක් වෙන්නෙ ඇයි ? | Chinthana Dharmadasa
ආත්මමූලික කෑල්ලක් කියන්නේ ෆොටෝ එකක් බිත්තියේ ගහගෙන හරි පොතක් අස්සේ දාගෙන හරි යම් 'විනෝදයක්' මම ලැබුවද නැද්ද කියන එක. එහෙම දෙයක් මම කරලා නැහැ කියන්නේ මම ඇගෙන් අශ්ශීල විනෝදයක් ලබල නැහැ කියන එක. නමුත් පැරණි සිනමා ලෝලීන් ගොඩක් මේ මාලනී සහිත කැමරා කෝණයේ  'අශ්ලීල විනෝදය' ලැබුවා. ඇයගේ ශරීරය සහ බැල්ම අපේ කලාපයේ ෆැන්ටසි එකක් වෙන්න ඇති. බටහිරට බ්‍රිජට් බාඩෝ, මැරලින් මොන්රෝ, එලිළබෙත් ටේලර්, රීටා හේවත් වගේ.

චිත්‍රපටය තමයි මේ අශ්ලීල විනෝදය අපිට ලබාදෙන එකම විපරීත කලාව.

මාලනී ෆොන්සේකා යනු මගේ ෆැන්ටසිය නොවුණට රටේ සුවිශේෂයක්. ඒ නිසා එයාට තරමක් සුවිශේෂ අනුග්‍රහයක් දැක්වූවාට කමක් නැහැ.

 

දවස් කීපයක් නොලියා ඉඳල මට ලියන්න හිතුන කොටස තමයි මේ මනුස්සය ජීවත් වෙලා ඉන්නකොට යම් සුවිශේෂ අනුග්‍රහයක් උදව්වක් කරලා තියෙන්නේ මේ රටේ සාම්ප්‍රදායික කියන දේශපාලනඥයෝ නේද කියන එක. හඳගම ලියල තිබ්බ රනිල් එයා වෙනුවෙන් ජනාධිපති අරමුදලින් උදව්කළා කියල. මහින්ද මන්ත්‍රී ධූරයක් පවා දුන්න. පිළිගැනීමක් දුන්න. එයාගේ ජනප්‍රිය බැවින් කොටසක් මහින්දත් ගන්න ඇති. කෙසේ හෝ ඇය ජීවත් වෙලා ඉන්න වෙලාවේ ඇය වෙනුවෙන් දැනෙන යමක් කලේ අර ප්‍රභූ සෙට් එක.

The Leader | We Lead the Nation

 

මාලනීගේ තරුණ ශරීරය ෆැන්ටසි එකක් වෙච්ච කාලේ සාමාන්‍ය පංතියේ මිනිස්සු කැමරාව හරහා ඇගෙන් විනෝදයක් ලබල අන්තිමට ඇයට අපහාස උපහාස කළා. ප්‍රභූ කියන මිනිස්සු ඇය ෆැන්ටසි එකක් නොවන කාලයේ ඇයට උදව් පදව් කළා.

ඒක තමයි මටනම් යථ (the Real) කියල හිතෙන්නේ.

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රභූ මාලනිය ! | Mahesh Hapugoda | The Leader