The Leader News
BREAKING
Top Ad
Opinion

සෞම්‍යගේ කතාවේ සරල පරිවර්තනය... | Mahesh Hapugoda

T

The Leader Desk

May 28, 2025 • 5:34 AM

සෞම්‍යගේ කතාවේ සරල පරිවර්තනය... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදහස් ගොඩක් වෙලාවට සමන්විත වෙන්නේ වචන වලින්.
  • අදහස් ප්‍රකාශ කරන්න වචන ඕනි.
  • විශාල වශයෙන් විසිඑක් වන සියවසේ දේශපාලනය පවා මේ 'අදහස් යුද්ධය' ඇතුලට ඇවිල්ල ඉවරයි.
  • යම් කිසි මොහොතක අදහස්වල සහ වචනවල ආධිපත්‍යය තමන් සතුකර ගන්නා දේශපාලන ව්‍යාපාරය එකී සමාජය ඇතුලේ දේශපාලන අර්ථයේ සහ අර්ථකතනයේ ආධිපත්‍යය සතුකර ගන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):


අදහස් ගොඩක් වෙලාවට සමන්විත වෙන්නේ වචන වලින්. අදහස් ප්‍රකාශ කරන්න වචන ඕනි. විශාල වශයෙන් විසිඑක් වන සියවසේ දේශපාලනය පවා මේ 'අදහස් යුද්ධය' ඇතුලට ඇවිල්ල ඉවරයි.

යම් කිසි මොහොතක අදහස්වල සහ වචනවල ආධිපත්‍යය තමන් සතුකර ගන්නා දේශපාලන ව්‍යාපාරය එකී සමාජය ඇතුලේ දේශපාලන අර්ථයේ සහ අර්ථකතනයේ ආධිපත්‍යය සතුකර ගන්නවා. ඒ නිසා අදහස්වල තරඟය මේ වෙද්දී 'අදහස් යුද්ධයක්' දක්වා ඉදිරියට ඇවිල්ල තියනවා. ඕනිනම් කියන්න පුළුවන් මේ තියෙන්නේ දෘෂ්ටිවාද අතර යුද්ධයක් කියලත් (ideological war).

what is social media and purpose of social media technews lk

මේ යුද්ධය සඳහා මේ මොහොතේ හේතුවෙලා තියෙන්නේ සමාජ මාධ්‍ය. ඒවා ඇත්තටම අදහස් වලින් තමයි පිරිලා තියෙන්නේ. අදහස් ප්‍රකාශ කරනවා. ෂෙයා කරනවා. ලයික් කරනවා. හා හා දානවා. ඒ හැම අදහසක්, ෂෙයා එකක්, ලයික් එකක්, හා හා එකක් හරහාම සකබර්ග් තමන්ගේ 'වලාකුළු ප්‍රාග්ධනය' (cloud capital) වැඩිකර ගන්නවා.

ඒ වලාකුළු ප්‍රාග්ධනයේ ගෝලීය හිමිකරුවන් තමයි ගූගල්, සකබර්ග්, එලෝන් මස්ක්, ජෙෆ් බයෝස් වගේ අය. එයාල මේ අදහස් යුද්ධයට කැමතියි. මොකද ඒක විසින් මේ මානව ඉතිහාසයේ ලොකුම ප්‍රාග්ධනය කොහේදෝ වලාකුළක උපදවමින් සිටින නිසා.

 

2phhEKIsqgoCM5TX 06. picture senseiriveraosu.wordpress.com රතු නෙළුම්

මාලිමාවේ මහාචාර්ය සෞම්‍ය ලියනගේගේ කතාවට බණින වගේම ඒක උත්කර්ෂයට නංවන ගොඩක් අය අමතක කරන දෙයක් තමයි ඉහත අදහස් යුද්දයේ මේ වෙලාවේ ලාංකික ජයග්‍රාහකයා මාලිමාව කියන එක. දේශපාලනය පැත්තෙන් ගත්තම අනික් කාටවත් ඒ තැන ගන්න ලැබුණේ නැහැ. පුනරුදයේ ඉඳල දේශපාලන සදාචාරයේ ඉඳල මඩේ පිපෙන නෙළුම දක්වා අදහස් ගොඩාරියක් මාලිමාව විසින් පාවිච්චි කරනවා ඔයාල අහල ඇති.  



ඉතින් සෞම්‍ය කලේ මේ අදහස් සහ වචන යුද්දයේ එක සංධිස්ථානයක් මාලනීගේ අවමගුලේදී සනිටුහන් කරපු එක. අනික් පක්ෂයක් බලයේ හිටියනම් කරන්න තිබ්බ 'සාමාන්‍ය මළගෙදර කතාවකින්' මේ කතාව ඔබ්බට ගෙනියපු එක. ඒක නිකම් පණ්ඩිතකම පෙන්නන්න කරපු එකක් නෙවෙයි කියන එක තමයි මගේ මතය. ඉන් එහා දේශපාලනයක ප්‍රකාශනයක් ඒක. කට්ටිය පොඩ්ඩක් හෙල්ලුම්කෑවේ ඒ නිසා.

ඒක තේරෙන්නේ නැහැ කියන හැමෝම වක්‍රව කියන දේ තමයි මේ අදහස් සහ අදහස් ප්‍රකාශ කිරීමේ 'වචන යුද්දය' ඇතුලේ තමන් තවම ඉන්නේ පහල නැත්නම් සාමාන්‍ය තැනක කියන එක (mediocre level). යම් යම් ඇකඩමික සහ එසේ නොවන පුද්ගලයින් කිහිප දෙනෙක් හරහා මාලිමාව මේ අදහස් යුද්දයේ (නැත්නම් සංකල්ප යුද්දයේ) ඉහල තැනකට ළඟාවෙලා තියනවා කියන එක.

saumya liyanage malani fonseka large

ඒක ඔවුන්ගේ පැත්තෙන් තවමත් ප්‍රාග්ධනයක්. හිමිකාරීත්වයක්. සරලම විදියට කිව්වොත් සෞම්‍ය කළේ යුද්දයක්. අදහස් යුද්දයක ප්‍රකාශනයක්. අයිතිය ප්‍රකාශකිරීමක්.


Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...