The Leader News
BREAKING
Top Ad
Opinion

මාලිමාව හරහා යමු... | Mahesh Hapugoda

T

The Leader Desk

June 6, 2025 • 9:53 AM

මාලිමාව හරහා යමු... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කතාව නිසා අධිකරණ ඇමති අධිකරණයට අපහාස කළා කියලත් කතාවක් යනවා.
  • ඒ ඔස්සේ එයාට නඩු පවරන්න උනත් ඉස්සරහට යන්න විපක්ෂේ අය සූදානම් බවකුත් පේනවා.
  • ඒ පැත්තෙන් ගත්තම මට අනුව අධිකරණ ඇමතිවරයා අධිකරණයට අපහාස කිරීම කෙසේ වෙතත් ඔහු වෙනත් සත්‍යයක් ප්‍රකාශ කරල තියනවා.
  • ඒ තමයි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව 2014 වේරැස් ගඟ ව්‍යාපෘතියේ සංගීතය වෙනුවෙන් ගෝඨාභය මුදල් වියදම් කළ බවට (මේක ගැන ඒ කාලෙත් කතා උනා) ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීනිය අධිකරණය හමුවේ කරපු ප්‍රකාශය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ කතාව නිසා අධිකරණ ඇමති අධිකරණයට අපහාස කළා කියලත් කතාවක් යනවා. ඒ ඔස්සේ එයාට නඩු පවරන්න උනත් ඉස්සරහට යන්න විපක්ෂේ අය සූදානම් බවකුත් පේනවා.

ඒ අධිකරණ ඇමතිවරයා කිව්ව කතාව මතුපිටින් අල්ල ගත්තම පේන දෙය.

මම මේ කතා කරන්න යන්නේ අධිකරණයට අපහාස උනාද නැද්ද කියන එක ගැන නෙවෙයි. වෙනත් අර්ථයකින් ගත්තම අධිකරණ ඇමතිවරයා කිව්ව කතාවේ දේශපාලන පැත්තක් මට පේන නිසා.

 

අධිකරණ ඇමතිගෙන් මාධ්‍ය ආයතන කිහිපයකට අනතුරු ඇඟවීමක් !

ඒ පැත්තෙන් ගත්තම මට අනුව අධිකරණ ඇමතිවරයා අධිකරණයට අපහාස කිරීම කෙසේ වෙතත් ඔහු වෙනත් සත්‍යයක් ප්‍රකාශ කරල තියනවා. ඒ තමයි 'දේශපාලන අවකාශය' වෙනස්වීම (change in the political space or atmosphere) කියන එක සහ ඒ වෙනස්වීම එක්ක සමාජයේ අභිලාෂ වෙනස්උනා කියන එක. සහ ඒ වෙනස්වීම සෑම සමාජ ස්තරයක් සහ ආයතනයන් හරහා හමාගියා සහ යමින් තිබෙනවා කියන එක.

ඒ සඳහා පොඩි උදාහරණයක් තමයි අද දවසේ පත්තර කිහිපයක් වාර්තා කරලා තියෙන්නේ.

 


ඒ තමයි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව 2014 වේරැස් ගඟ ව්‍යාපෘතියේ සංගීතය වෙනුවෙන් ගෝඨාභය මුදල් වියදම් කළ බවට (මේක ගැන ඒ කාලෙත් කතා උනා) ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීනිය අධිකරණය හමුවේ කරපු ප්‍රකාශය. ඒකෙ කොණේ භාතිය සහ සන්තුස් ඉන්නවා කියලත් වාර්තා වෙනවා.

මේ වගේ ඒ කාලේ දේශපාලන හයිය, චන්ඩිකම සහ කටේ සවුදම භාවිතා කරලා මුදල් අත්තනෝමතිකව එහාට මෙහාට විසිකරපු උන් ගැන දැන් ඒ ඒ තැන්වල හිටපු නිලධාරීන් කතාකරන්න පටන් අරන් තියනවා. මේක එක උදාහරණයක් විතරයි. කෝප් කමිටුවෙන් එහෙම දැන් හොඳ හොඳ ඒවා එළිවෙනවා.

මෙහෙම මිනිස්සු කතාකරනවා නම් එහෙම කතාකරන්න පෙළඹිලා තියෙන්නේ මම අර කිව්ව මේ වෙලාවේ විවර වෙලා තියන සාපේක්ෂ අවකාශය ඇතුලේ. ඒක අර හුණුවටයේ කතාවේ කියන 'මේක අලුත් යුගයක්' කියල කියන්න මම හදිස්සි නොවුනත් යම් අවකාශයක් ඇතිවෙමින් තියනවා. අවම වශයෙන් උපයෝගීතාමය පදනමකින් හරි.  

මාලිමාවේ ජය 'දෙන්නම් කාසි' ක්‍රමයට ගත් එකක් ද? - (විශේෂඥ මනෝ වෛද්‍ය රනිල්  අබේසිංහ)

 

ඒකයි මම කියන්නේ මාලිමාව එක්ක එළියට ආව (වෙනත් වෙලාවක නොඑන) දේශපාලන අවකාශයක් සහ මහජන අභිප්‍රායන් ප්‍රමාණයක් තියනවා. ඒවා සම්පුරණයෙන් ඉෂ්ඨ කරන්න මාලිමාවට පුළුවන් වෙයිද මම දන්නේ නැහැ. හැබැයි ඒවා මඟ හරින්න පුළුවන් හෝ ඒවාට පස්ස හරවන්න පුළුවන් සරල අභිප්‍රායන් නෙවෙයි. ඒවා යම් ගැඹුරක් තියන සදාචාරාත්මක අභිප්‍රායන්.

ඒකයි මම කියන්නේ ආනාගත දේශපාලනයක් තියෙනවා නම් තියෙන්නේ මාලිමාව හරහා ගමන් කිරීමක් ඇතුලේ විතරයි කියල. ඒක මඟහැරලා නෙවෙයි.

ඒ නිශ්ශබ්ද බවට කියන්නේ නරුමබව කියල නෙවෙයි ද?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මාලිමාව හරහා යමු... | Mahesh Hapugoda | The Leader