The Leader News
BREAKING
Top Ad
Opinion

අනුරට වඩා මාලිමාව මිටියි.... | Mahesh Hapugoda

T

The Leader Desk

June 12, 2025 • 2:20 PM

අනුරට වඩා මාලිමාව මිටියි.... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සඳහා දේශපාලනයක් අවශ්‍ය වෙමින් තියනවා.
  • ඒත් යම් අවංක බවක් තිබ්බ මිනිස්සුත් හිටිය.
  • ඉන්දු ලංකා ගිවිසුම් අපි තාම දන්නේ නැහැ.
  • පාරදෘශ්‍ය බව පිළිබද ලොකු ගැටළුවක් දැන් ඇතිවෙලා තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සඳහා දේශපාලනයක් අවශ්‍ය වෙමින් තියනවා. විශේෂයෙන් මාලිමාවට පස්සේ දේශපාලනයක් අපි හදන්න ඕනි.

අනුරගේ ශරීර ස්වරූපය පාදක කරගෙන කවුරු හරි දේශපාලනය කරනවා නම් ඒකට මම එකහෙලා විරුද්ධයි.

හැබැයි වැඩේ තියෙන්නේ මාලිමාවත් තමන්ගේ ප්‍රචාරක වැඩපිළිවෙල කෙරුවේ අහිංසක විදියට නෙවෙයි. එයාලත් රනිල්ගේ ඉණෙන් පහල වැටෙන කලිසම ගැන හිනාවුණා. වයස ගැන කියල හිනාවුණා. එයාලත් බොඩි ෂේමින් කියන එක යම් දුරකට කළා. පෝස්ට් හැදුවා.

බොරු කිව්ව. යතාර්තයේ කරන්න බැරි දේවල් කිව්වා. දේශපාලනයේ හිටපු අනික් හැමෝම හොරු කියල එයාලගේ දේශපාලන ජීවිත ඉවරම කරලා දැම්ම. හොරු හිටිය බව ඇත්ත. ඒත් යම් අවංක බවක් තිබ්බ මිනිස්සුත් හිටිය.

දැන් මාලිමාව එල්ල කරපු ප්‍රහාරය යම් ප්‍රතිචාරයක් (reaction) වෙලා එයාල පස්සෙම එනවා. දැන් නීතිය සහ බලය එයාල සතු නිසා එයාලට පුළුවන් අවශ්‍ය නම් දඬුවම් උනත් දෙන්න. නමුත් ඒක විසඳුම නෙවෙයි.

ඉන්දු ලංකා ගිවිසුම් අපි තාම දන්නේ නැහැ. කන්ටේනර් ගැන අපි තාම දන්නේ නැහැ. පාරදෘශ්‍ය බව පිළිබද ලොකු ගැටළුවක් දැන් ඇතිවෙලා තියනවා. මම කියන්නේ ඒ තැන් මිටියි කියල.

හැබැයි අනාගත දේශපාලනයක් මේ මාලිමාව කරපු දේ කරන්න ඕනි නැහැ. කරන්න බැරි දේවල් කියන්න ඕනි නැහැ. විදුලි බිල ගැන බොරු කියන්න ඕනි නැහැ. හඳ තරු දෙනවා කියන්න ඕනි නැහැ. එහෙම කියල පස්සේ මිනිස්සු ප්‍රශ්න අහන කොට මාධ්‍ය සාකච්චා වලට එන එක වාරණය කරන්න ඕනි නැහැ.

අනුරගේ උස මිටි කම මොකක් උනත් අර ඉහත තැන් වලදී මාලිමාව මිටියි. නමුත් අනාගත දේශපාලනයක් එහෙම මිටි වැඩ කරන්න ඕනි නැහැ.

Mahesh Hapugoda( සටහන | ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනුරට වඩා මාලිමාව මිටියි.... | Mahesh Hapugoda | The Leader