The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

ලෝකය අයිති පෙම්වතුන්ට. - Mahesh Hapugoda

T

The Leader Desk

July 25, 2021 • 5:02 AM

ලෝකය අයිති පෙම්වතුන්ට. - Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමානුවෙල් මැක්රෝන්. වත්මන් ප්‍රංශ ජනාධිපති (photo@AP)
  • මිනිස් ආදරය ගැන, ඒකෙ සීමා ගැන, ඒකෙ අවුල් ගැන, ඒකෙ මරණීය අවසානය ගැන තීරණය ගන්නෙත් ඒ ආදරය කරන මිනිස්සුම තමයි.
  • 'දිරිය මව සහ ඇගේ දරුවෝ' නාට්‍යයේ කැත්රින්.    මහින්ද රාජපක්ෂ, අපි ඔයා එක්ක කවදාවත් එකඟ උනේ නැත්තේ මෙන්න මේ පුළුල් 'මිනිස් බව' ඔයාගෙන් අපි දැක්කේ නැති නිසා...එදත් අදත් හෙටත් ඒ ගැන අපි ආඩම්බර වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ළමයි හම්බ වෙලා නැහැ තමයි. ඒ වගේ දෙයක් ගැන හිතන්නවත් බැහැ තමයි. තමන්ට වඩා සියවස් කාලක් විතර වයසත් වැඩියි. එක යුගයක තමන්ගේ ඉස්කෝලේ ටීචර්. 'හුඟක් අය හංගල කරන දේ, හුඟක් අය වැරදියට හිතන ආදරයක්, අපි සමාජය ඉස්සරහට ගෙනාව. අපිට සම්භාව්‍ය පවුලක් නැහැ තමයි. ඒත් කොයිම විදියකින්වත් අපි ළඟ එයාලට වඩා ආදරය අඩුයි කියල කියන්න බැහැ'. 
 
තමන්ගේ වියපත් පෙම්වතිය - බිරිඳ - තමන් ළඟ තියාගෙන ලෝකයක් ඉස්සරහ එහෙම කිව්වේ එමානුවෙල් මැක්රෝන්. වත්මන් ප්‍රංශ ජනාධිපති. මිනිස් ආදරය ගැන, ඒකෙ සීමා ගැන, ඒකෙ අවුල් ගැන, ඒකෙ මරණීය අවසානය ගැන තීරණය ගන්නෙත් ඒ ආදරය කරන මිනිස්සුම තමයි. ප්‍රේක්ෂකයෝ නෙවෙයි. 
 
රෝමියෝ සහ ජූලියට්, ජැක් සහ රෝස්, සහ තව ඕනෑ තරම් එහෙම කරලා තියනවා. අනාගතේ කරන්නත් නියමිතයි. 
 
ළමයි ඉන්න හෝ නැති නිසාම මිනිස්සු ආදරය කරනවාද නැද්ද කියල තීරණය කරන්න බැහැ. ගැහැණියකට එයාගේ ගර්භාෂයේ අයිතිය හිමියි. තවත් ගොඩක් දේවල් එයාට හිමියි. 
 
මවක් කියන්නේ ජීව විද්‍යාත්මක ශරීරයකට විතරක් නෙවෙයි. ගැඹුරු සංස්කෘතික ආදරයකට. බලන්න 'හුණුවටයේ කතාවේ' ගෘෂා. 'දිරිය මව සහ ඇගේ දරුවෝ' නාට්‍යයේ කැත්රින්. 
 
මහින්ද රාජපක්ෂ, අපි ඔයා එක්ක කවදාවත් එකඟ උනේ නැත්තේ මෙන්න මේ පුළුල් 'මිනිස් බව' ඔයාගෙන් අපි දැක්කේ නැති නිසා...එදත් අදත් හෙටත් ඒ ගැන අපි ආඩම්බර වෙනවා. අපි හැමදාම ගියේ කිසිදා හමුවෙන්න නියමිත නැති පාරවල් දෙකක. 
 
ලෝකය අයිති පෙම්වතුන්ට.
 
 
 
Mahesh Hapugodaමහේෂ් හපුගොඩ 
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 
 
 

THE LEADER TV 
 
ජනාධිපතිගේ ඉඟියෙන් සිහින බොඳවූ කස්ටිය? 
 
 
කළු සල්ලි ජාවාරමුන්ට අති විශාල කප්පමක් ? 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...