The Leader News
BREAKING
Top Ad
Opinion

ලාල් බබා | Mahesh Hapugoda

T

The Leader Desk

June 15, 2025 • 11:40 AM

ලාල් බබා | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැබැයි මේ කතාව නම් ලාල් කියන්නේ බබා පාට් එක අරගෙන.
  • මෙච්චර කල් තමන් හිටපු දේශපාලන ස්ථාවරය සහ අදහස සහ සටන 'රාජ්‍යකරණය' නිසා පාවාදුන්න එක වෙනම දෙයක් උනත් ලාල්ල ඇතුළු ජවිපේ මේක දැනගෙන හිටියේ නැති දෙයක් නෙවෙයි.
  • ඒක කලේ ප්‍රේමදාස දාපු තරුණ අසහන කොමිසම එක්ක.
අකුරු ප්‍රමාණය (Font Size):

හැබැයි මේ කතාව නම් ලාල් කියන්නේ බබා පාට් එක අරගෙන. මෙච්චර කල් තමන් හිටපු දේශපාලන ස්ථාවරය සහ අදහස සහ සටන 'රාජ්‍යකරණය' නිසා පාවාදුන්න එක වෙනම දෙයක් උනත් ලාල්ල ඇතුළු ජවිපේ මේක දැනගෙන හිටියේ නැති දෙයක් නෙවෙයි.

දන්නවා උනත් ඒක දේශපාලනික අවියක් විදියට දිගටම අරන් ගියා. අන්තිමට තමන්ටම ඒක මුණගැසෙන තැන දක්වා.

සම්ප්‍රදායික උපාධි නොවන වෙනත් රැකියා අභිමුඛ උපාධි සහිත පාඨමාලා (job oriented courses) ලංකාවේ විශ්ව විද්යාල අත්හදා බලමින් ඉන්නේ දැන් දශක තුනක් තිස්සේ විතර ඉඳල.

56 සිංහල බෞද්ධ පෙරැළියෙන් පසු බිහිව ඇත්තේ අඟුටු මිටි උගතුන් මිස බුද්ධිමතුන්  නොවේ'' - ධම්මගේ කතාවට කුසල් ගෙන් ප්‍රතිචාරයක්

විශ්ව විද්‍යාල සිසුන් රජයේ රස්සාවලට අනිවාර්යයෙන් අනුගත කරගන්න අවශ්‍ය නැති විදියට සහ තමන්ගේම ව්‍යවසායක් කරගන්න පුළුවන් විදියට සහ රටේ ආර්ථිකය පුළුල් වෙන්නේ නැති නිසා විශේෂයෙන් කලා උපාධි සිසුන් වෙනත් රැකියා සඳහා පුහුණු කරන්න ගත්තේ අනූව දශකයේ අනුබද්ධ විශ්ව විද්‍යාල හදපු දවසේ ඉඳල. ඒක කලේ ප්‍රේමදාස දාපු තරුණ අසහන කොමිසම එක්ක.

එදා ඉඳන් ලෝක බැංකු ආධාර සහිතව හරි රහිතව හරි මේ වැඩේ දිගටම ගියා. ඒ බව ලාල්ල දන්නවා. අනුරලත් දන්නවා. එහෙම දැනුවත් උනත් ඒ ගැන වචනයක්වත් කතා කළේ නැහැ. ඒවා ප්‍රවර්ධනය කලෙත් නැහැ. පුළුවන් තරම් ඒවාට අකුල්හෙලුවා සහ තමන්ගේ වාසියට ඒවා හරවාගත්තා මිසක්.

දැන් බබා වෙනවා...

ඒ නිශ්ශබ්ද බවට කියන්නේ නරුමබව කියල නෙවෙයි ද?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...