The Leader News
BREAKING
Top Ad
Opinion

හොඳම විදිය සමුරායි විදිය.. | Mahesh Hapugoda.

T

The Leader Desk

June 16, 2025 • 11:57 AM

හොඳම විදිය සමුරායි විදිය.. | Mahesh Hapugoda.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොකද මේ දෙගොල්ලන්ටම ඓතිහාසික ශිෂ්ටාචාර තුවාල තියනවා.
  • අහිංසක විදියට සලකන්න ඔවුන් ඔවුන්ගේ ඉතිහාසය ඇතුලේ අහිංසකයොත් නෙවෙයි.
  • බටහිරත් එක්ක එකතුවෙලා දැනට ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ යම් තරමක් හයිය රටක් වෙච්ච ඉරානය ඉවරකරන්න ඊශ්‍රායලය හදනවා වෙන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

මොකද මේ දෙගොල්ලන්ටම ඓතිහාසික ශිෂ්ටාචාර තුවාල තියනවා. ඒ තුවාල හොඳකර ගන්නවට වඩා කරන්නේ දවසින් දවස ඒවා පාරවගෙන ඒ තුවාල එක්ක විනෝද වෙන එක. ඒ විනෝදය එක්ක දේශපාලනය කරන එක.

මිනිස් ඉතිහාසය කියන්නෙම ශෝකාන්තයක්. ඉතිහාස පිටු පෙරළලා බලන්න. ඒ නිසා දේවල් නරකම විදියට ඉවරවෙන්න තියන ඉඩකඩ වැඩියි.

 

hibrew

ඊශ්‍රායලය මෙතෙන්ට ආවෙත් යහපත් විදියට නෙවෙයි. මිනිස් ඉතිහාසය ඔවුන්ට සැලකුවෙත් අහිංසක විදියට නෙවෙයි. අහිංසක විදියට සලකන්න ඔවුන් ඔවුන්ගේ ඉතිහාසය ඇතුලේ අහිංසකයොත් නෙවෙයි. මම කියන්නේ අපි හැමෝම අහිංසක නැහැ.

ගාසා සටන් විරාමය ඉරිදා සිට - ගිවිසුමට පැය කිහිපයක් තබා දැඩි ඊශ්‍රායල ගුවන්  ප්‍රහාර

 

බටහිරත් එක්ක එකතුවෙලා දැනට ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ යම් තරමක් හයිය රටක් වෙච්ච ඉරානය ඉවරකරන්න ඊශ්‍රායලය හදනවා වෙන්න පුළුවන්. මීට කලින් ඇමෙරිකාව ඉරාකය ලිබියාව වගේ රටවල් ඉවරකරා වගේ. ගාසා නම් දැන් අළු ගොඩක්.

ඉරානය පැත්තෙන් ගත්තම උන්ට තියෙන්නේ සමුරායි ගේමක් ගහන්න. ඒ කියන්නේ හදමින් ඉන්න හෝ හදල ඉවර කරලා තියන මොනවා හරි ලබ්බක් දමල ගහල (වචනය සෝමවංශ අමරසිංහගේ) ඊශ්‍රායලය ඉවරකරලා ඒකෙ ප්‍රථිපලයක් හැටියට තමනුත් සියදිවි හානිකර ගන්න.

 

dance928yr328
මොනවා හරි දෙයක් වෙන්න මේ යුද්ධයේ අවසානයක් කරාම යන්න. එතකොට විතරයි සතුරා දෙවරක් හිතන්නේ.

නිකම් හිතන්න චීනේ පොර ටෝක් එකයි දෙකයි ඉෂූ කළේ ට්‍රම්ප් පොඩ්ඩක් පස්සට ගියා. මොකද උන්ට දාල යන්න බැරි ගොඩක් දේ තියනවා. ඒ නිසා පූර්ණ යුද්ධයකට යන්නේ නැහැ.


ඒ නිශ්ශබ්ද බවට කියන්නේ නරුමබව කියල නෙවෙයි ද?- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...