The Leader News
BREAKING
Top Ad
Opinion

මූණත් එක්ක තරහට නහය කපාගමු ද? | Mahesh Hapugoda

T

The Leader Desk

June 21, 2025 • 3:36 PM

මූණත් එක්ක තරහට නහය කපාගමු ද? | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒක ඉතාම සතුටු සාමීචියෙන් පිරුණ අවස්ථාවක් උනා කියල ඒකට සහභාගී වෙච්ච චින්තන ධර්මදාස මහත්මය ලියල තියනවා.
  • මම ඒ කතාබහට ඇත්තටම එකතු වෙන්නේ නැතිතරම්.
  • ඒ කතාබහ ඇත්තටම දක්ෂිණාංශික යි.
  • ඇතැම් තැන්වල අන්ත දක්ෂිණාංශික හැඩයක් ගන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒක ඉතාම සතුටු සාමීචියෙන් පිරුණ අවස්ථාවක් උනා කියල ඒකට සහභාගී වෙච්ච චින්තන ධර්මදාස මහත්මය ලියල තියනවා. මම හිතන්නේ වට්ස්ඇප් ගෘප් එකෙත් එයාල එහෙම කියල තියනවා. මට එන්න කියල එහි සංවිධායක මහත්වරු කිහිප දෙනෙක් කිව්වත් මට කොළඹ යන්න තියන කම්මැලිකම නිසා ගියේ නැහැ. නැත්නම් මඟඇරිය කියලත් කියන්න පුළුවන්.

මට දැන් නිකමට හිතෙනවා මම ගියානම් එතනට මම සෙට් වෙන එකක් නැහැ කියල. ඒකට හේතුවක් දෙකක් තියනවා.

ඒ හේතුවේ ප්‍රධාන අවකාශය හැදෙන්නේ දිනපතා ගලායන එයාලගේ වට්ස්ඇප් ගෘප් එකේ කතාබහ එක්ක. මම ඒ කතාබහට ඇත්තටම එකතු වෙන්නේ නැතිතරම්. ඒ කතාබහ ඇත්තටම දක්ෂිණාංශික යි. ඇතැම් තැන්වල අන්ත දක්ෂිණාංශික හැඩයක් ගන්නවා. මට ඒකට එකඟවෙන්න බැහැ.

ඉනුත් විශේෂයෙන් ප්‍රධාන වශයෙන් එයාල වමේ සාහිත්‍යය හෙලාදකින බවක් දකින්නට ලැබෙනවා. වමේ ඉන්නේ මිණීමරුවෝ. ඒක මිනීමරු සාහිත්‍යක් වගේ දේවල්. ඔව්. වම ඇතුලේ මනුෂ්‍ය ඝාතන වෙලා තියනවා. විශේෂයෙන් 20වෙනි සියවසේ වමේ. ඒවායේ නෂ්ටාවශේෂ තවමත් තියනවා.  

නමුත් විසි වෙනි සියවසේ මැද ඉඳන් වම තමන් ගැනම ස්වයං විවේචනයක ඉන්නවා. ඒ ඔස්සේ බිහිවෙච්ච විශාල සාහිත්‍යයක් තියනවා.

අද දක්වා තියෙන්නේ ඒ වමේ ප්‍රත්‍යාවර්තනය පිළිබද සාහිත්‍යයක් මිසක් අර විසිවෙනි සියවසේ ප්‍රචණ්ඩ බව කරා නැවත යන්නේ කොහොමද කියන එක ගැන සාහිත්‍යයක් නෙවෙයි.

හර්බට් මකූසගෙ ඉඳන් ෆ්‍රෙඩ්රික් ජේම්සන් හරහා ජිජැක්, ලැක්ලෝ, අලෙන්කා සුපැන්ජි සහ දීපේෂ් චක්‍රබාර්ති දක්වා මේ අලුත් චින්තනය ගමන් කරමින් තිබෙනවා. ඒක වමේ ලොකු බුද්ධිමය පිම්මක්.

දකුණේ මේ මොහොතේ ලොකුම ප්‍රකාශකයා වන ජෝඩන් පීටර්සන් එක වෙලාවක ජිජැක්ගේ දෙවියන් පිළිබද අදහසක් ගැන පුදුමයට පත්වෙනවා. සංවාදය වෙලාවේ විතරක් නෙවෙයි පස්සේ කැනඩාවට ගිහිල්ල එයාගේ ශිෂ්‍යයින්ට උගන්වන විට පවා පීටර්සන් ඒ අදහසේ නැවුම්බව ගැන කියනවා.
අපි දශක ගණනක් ආශ්‍රය කරන්නේ එවන් චින්තනයක්. සහ ඒ නිසාම කිසි හේතුවක් නැතුව දැන් ඉන්නේ ජවිපෙ නිසා ඒකට ගහන්න ඕනි නිසා වමේ සාහිත්‍යයට නිගරු කරන එක මට පිළිගන්න බැහැ.

ඒ එකක්. අනික ඒ සියලු සාහිත්‍යය එසේ තිබ්බ උනත් ලංකාවේ මේ මොහොත ආර්ථික දේශපාලනික වශයෙන් දක්ෂිණාංශික බව ඇත්තක්. ඒක පටන්ගත්තේ රනිල්. හැබැයි රනිල් කියන්නේ අන්ත දක්ෂිණාංශික කෙනෙක් නෙවෙයි. එයා ලිබරල් ප්‍රතිසංස්කරණ එක්ක යම් සමාජ සුබසාධන ප්‍රමාණයක් ගැන හිතන කෙනෙක්. මුළු යූඑන්පී ඉතිහාසයම එහෙමයි.

අද මතවාදී දකුණ කියල යමක් උච්චාරණය කරන්න පුළුවන් පදනම හැදුවේ රනිල්. ඒ අරගලයෙන් පස්සේ. හැබැයි රනිල්වත් තමන් දකුණේ කියල ලේබල් එකක් ගහගෙන නැහැ. දිනන දකුණ රනිල්ට දෙන්න ඕනි ගෞරවය දෙන්නෙත් නැහැ.

අනේ මන්ද...

@Bernie Sandersල අදටත් ඇමෙරිකාවේ ඉන්න සිසුන් වෙනුවෙන් එළියට බහිනවා.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...