The Leader News
BREAKING
Top Ad
Opinion

අපි පරදියි. හැබැයි ලංකාව දිනයි... | Mahesh Hapugoda

T

The Leader Desk

July 12, 2025 • 9:31 AM

අපි පරදියි. හැබැයි ලංකාව දිනයි...  | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජේආර් පවා ලංකා සමාජය වෙනස්කරන විදියේ ප්‍රතිසංස්කරණ ගෙනාවා වුනත් ව්‍යවස්ථාවට 'සමාජවාදී' කැල්ලක් පවා එල්ලුවා.
  • මොකද සර්වජන ඡන්දබලය ඇතුලේ බලය වෙනුවෙන් මිනිස්සුගේ 'කුසීතකම' වෙනස් කරන්න එයාල ලොකු ට්‍රයි එකක් දුන්නේ නැහැ.
  • නමුත් අන්තිමට හොම්බ බිම ඇනිලා බංකොලොත් උනාම තමයි ලංකාවේ දේශපාලනයේ හිටපු අයට මිනිස්සුන්ට ඇත්ත කියන්න උනේ.
  • ඉතින් රනිල්ට සිද්ද උනා ලංකාවට ඇත්ත කියන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

ජේආර් පවා ලංකා සමාජය වෙනස්කරන විදියේ ප්‍රතිසංස්කරණ ගෙනාවා වුනත් ව්‍යවස්ථාවට 'සමාජවාදී' කැල්ලක් පවා එල්ලුවා. ඒ වගේම සමාජ සුබසාධන වැඩ විශාල ප්‍රමාණයක් ඒ ආණ්ඩුව කළා. විශාල මුදලක් ඒ සඳහා වෙන්කළා. ඒ වගේම හැම ආණ්ඩුවක්ම මේ සුබසාධන වැඩේ අරන් ගියා. නිදහසට ඉස්සරලත් ඊට පස්සෙත්.

JRJ

හොරකම කොච්චර නැති උනත් මිනිස්සු ධනය උත්පාදනය කරන්න පෙළඹෙන්නේ නැත්නම් රටක් උඩට එන්නේ නැහැ.

මේ සුබසාධනය රටේ ආර්ථිකයෙන් කොච්චර විශාල පංගුවක් උනාද කියනවා නම් ඒක කරගහගෙන යන එක ලේසි දෙයක් උනේ නැහැ කිසිම ආණ්ඩුවකට. අමාරු උනත් ඒවා එහෙමම තියාගෙන ගියා. මොකද සර්වජන ඡන්දබලය ඇතුලේ බලය වෙනුවෙන් මිනිස්සුගේ 'කුසීතකම' වෙනස් කරන්න එයාල ලොකු ට්‍රයි එකක් දුන්නේ නැහැ.

නමුත් අන්තිමට හොම්බ බිම ඇනිලා බංකොලොත් උනාම තමයි ලංකාවේ දේශපාලනයේ හිටපු අයට මිනිස්සුන්ට ඇත්ත කියන්න උනේ. ඉතින් රනිල්ට සිද්ද උනා ලංකාවට ඇත්ත කියන්න.

aswasuma 250521

මුල්ම වරට දැනෙන විදියට බදු ගහන්න, විදුලි බිල වැඩිකරන්න, සුබසාධනය ගැන නැවත හිතන්න. එහෙම උනත් රනිල් පවා අස්වැසුම වගේ දේවල් දුන්න. ඒ වෙලාවේ ඒක කමක් නැහැ. හැබැයි මිනිස්සුන්ට කියන්න ඕනි එයාලගේ පැත්තේ වගවීම ගැන. වැඩකිරීම ගැන. ධනය ගැන. උත්පාදනය ගැන. මහන්සිවීම ගැන. ඒ සඳහා වන රැඩිකල් සමාජ දේශපාලනික වෙනස්කම් රටේ සිද්දවෙන්න ඕනි.

දිනන දකුණ හෝ වෙන ඕනෑම නමකින් උනත් අපි කියන්නේ ලංකාවේ පුද්ගල වගවීමේ වැදගත්කම ගැන. ලංකාවේ ආර්ථිකයේ ඇත්ත ගැන. ඇත්ත සංඛ්‍යාලේඛන ගැන.
අපි ලංකාවේ මිනිස්සුන්ට බොරු කියන්නේ නැහැ. බොරු කියල අපිට එයාලගේ ඡන්දෙ ඕනිත් නැහැ. බොරු කියල ඡන්දෙ අරන් තව බොරු දාහක් කියල ඒක වහන්න ඕනිත් නැහැ. විපක්ෂයේ ඉන්නකොට එකක් බලය ගත්තම තව එකක් ඕනිත් නැහැ.

474161342 1954341931644140 746815516002271257 n

ගොඩක් අයට අපි පරදිනවා - අපිට ගොඩයන්න බැහැ කියල හිතෙන්නේ මේ යථාව නිසා. අපි ලාංකික මිනිස් ආත්මයේ ඇත්ත එක්ක සම්මුඛ වෙන නිසා. කමක් නැහැ. සොක්‍රටීස් මැරුණේ ඇත්තම ඇත්ත කතාකරලා. ජයග්‍රාහකයෙක් හැටියටම නෙවෙයි. ඒක අපේ උරුමය වෙයි.

අපි පරදියි. හැබැයි ලංකාව දිනයි.


Mahesh Hapugoda
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපි පරදියි. හැබැයි ලංකාව දිනයි... | Mahesh Hapugoda | The Leader