දුර ගමන් බස් සේවා නැවතුම් සඳහා ගුණාත්මක ආහාර ලබාදීම නියාමනය කරන්න හදන එක හොඳ වැඩක්.

ඒක මේ ආණ්ඩුවේ පොදු ප්‍රවාහන සේවා ගුණාත්මකකරණය කිරීමේ පියවරේ තවත් එක හොඳ දිගුවක්. හැබැයි මේක ඇතුලෙත් තියෙන්නේ අන්ත දූෂණය.
ඒ කියන්නේ දුර ගමන් බස් රථ නවත්වන එක වෙනුවෙන් රියදුරුට සහ කොන්දොස්තරට වෙනම සැළකීමක් තියනවා. ඒ කියන්නේ උන් දෙන්නට කන්න බොන්න දෙන්නේ වෙනම කාමරයක. කාමරයක් කිව්වට එකත් මුඩුක්කුවක් වගේ හුචක්කුවක්. උන් දෙන්න ඒක අස්සට ගිහිල්ල දෙන ජරාවක් කාල දෙන සල්ලිත් කීයක් හරි අරගෙන එනවා. සමහර උන්ට පාර්සල් එකක් එහෙමත් ලැබෙනවා.
මේක සංචාරක කර්මාන්තයෙත් වෙනවා. මැණික් ගන්න තැනක බස් එක නැවත්තුවොත් ගයිඩ්ට වෙනම ගණනක් එනවා සමස්ථ බිස්නස් එකෙන්.
කිලෝමීටර් සීයක් යන්න තියන නුවර කොළඹ සීටීබී බස් එක ඔය වේවැල්දෙනිය නැත්නම් දන්ඕවිට පැත්තේ කඩ දෙකක් තුනක් තියනවා. ඉන් එකක නවත්වනවාම තමයි. ප්‍රයිවට් එක නවත්වන්නේ නැහැ. මොකක්ද මේ වෙනස? දෙගොල්ලට දුර දෙකක් ද?
වටේ වෙන මුකුත් කඩයක් නැති තැනක තමයි නවත්වන්නේ. එතකොට අරූ දෙන ඕනි ජරාවක් කන්න වෙනවා. ඒ අස්සේ කොන්දා කියනවා අපි ඉන්නේ විනාඩි දහයයි ඉක්මනට එන්න කියල. එතකොට පොඩ්ඩක් එහා වෙනත් කඩයක් තිබ්බත් යන්න වෙලාවක් එන්නේ නැහැ.

ටොයිලට් අපායවල් වගේ. ගැහැණු කෙනෙක්ට නම් යන්න හිතන්නවත් බැහැ.
මාලිමා ආණ්ඩුවේ අය මේ ගැන යම් හෝ අවධානයක් දෙන්නේ එයාල ගොඩක් පොදු ප්‍රවාහණය පාවිච්චි කරන අය නිසා වෙන්න පුළුවන්. අනික් උන්නම් මෙච්චර කාලෙකට මේවා දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ.
ආහාර ගුණාත්මක බව, ආහාර තේරීමක් තිබීම, කඩ කිහිපයක් තිබීම, තරඟයක් තිබීම සහ රියදුරුට සහ කොන්දට දෙන අල්ලස් නැතිකිරීම ප්‍රධාන වෙන්න ඕනි.
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




