The Leader News
BREAKING
Top Ad
Opinion

රනිල් කළේ කුමක්ද? | Mahesh Hapugoda

T

The Leader Desk

July 25, 2025 • 1:16 PM

රනිල් කළේ කුමක්ද? | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ තමයි අරගලයත් එක්ක ලාංකික සමාජය අලුත්ම සමාජ ක්‍රමයක් (new social order) නැත්නම් ව්‍යුහයක් නැත්නම් නව සමාජ විප්ලවයක් (new social revolution) වගේ දෙයක් කරා යන්න තිබ්බ ගමනක් ආපසු හරවලා ඒක පැරණි සමාජයත් එක්ක ගැටගැහුවා කියන එක සත්‍යයක් නම් එහි අවුලක් පැවතීම.
  • රුසියානු විප්ලවයක් වගේ එකක් ඔළුවේ තියෙන්න ඇති හැබැයි බර්ලින් තාප්පේ බිඳ වැටුනට පස්සේ එවන් අලුත් සමාජයක් හදන්නේ කොහොමද කියන එක ගැන කවුරුවත් අරගලයේ පැත්තෙන් කතා කළේ නැහැ.
  • මම ලස්සනට ඉන්නේ හොඳ අල කාල හැබැයි නරක අල උනත් අපිට ගෙන්නන්න වෙනවා කියල කියනවා (ඉස්සර කිව්වේ නැහැ).
  • නරක අල ගෙන්නනවා කියන්නේම ඇති නැති පරතරය පිළිගන්නවා කියන එක.
අකුරු ප්‍රමාණය (Font Size):

එක කරුණක් අරබයා.

ඒ තමයි අරගලයත් එක්ක ලාංකික සමාජය අලුත්ම සමාජ ක්‍රමයක් (new social order) නැත්නම් ව්‍යුහයක් නැත්නම් නව සමාජ විප්ලවයක් (new social revolution) වගේ දෙයක් කරා යන්න තිබ්බ ගමනක් ආපසු හරවලා ඒක පැරණි සමාජයත් එක්ක ගැටගැහුවා කියන එක සත්‍යයක් නම් එහි අවුලක් පැවතීම.

එහෙම අලුත් සමාජ පර්යායක් රැගත් සමාජ විපල්වයක් වෙනුවෙන් ලංකාවේ සමාජය සුදානම් වෙලා හිටියද? ඒ වෙලාවේ මේකට උත්තරයක් දෙන්න විදියක් නැතිඋනත් දැන් ඒකට උත්තරයක් ගොනු කරගන්න පුළුවන්. මොකක්ද උත්තරය? එවන් අලුත් සමාජයක් පිළිබද පරිකල්පනයක් හෝ එවන් ගමනක් සඳහා වැඩපිළිවෙලක් කාටවත් තිබිල නැහැ කියන එක.

අරගලයේ හිටපු අයට එහෙම එකක් ඒ වෙලාවේ තිබ්බේ නැහැ. රුසියානු විප්ලවයක් වගේ එකක් ඔළුවේ තියෙන්න ඇති හැබැයි බර්ලින් තාප්පේ බිඳ වැටුනට පස්සේ එවන් අලුත් සමාජයක් හදන්නේ කොහොමද කියන එක ගැන කවුරුවත් අරගලයේ පැත්තෙන් කතා කළේ නැහැ. අදහසක් ආවෙත් නැහැ.

රැට්ට, මොටිවේෂන් අප්පච්චි වගේ ගොඩක් අය කෑ ගැහුවා විතරයි. එයාල දැනගෙන හිටියේ තිබ්බ පාලනය එළවාගන්න. අපි හැමෝම එහෙමයි.

අරගලය ගැන විවේචනයක් තිබ්බ - මේ විදියට රාජ්‍ය බලය ගන්න බැහැ කිව්ව - මේක ළදරු අරගලයක් කිව්ව - ගෝඨා එළවපු එක අපරාදේ කිව්ව - මාක්ස් ලෙනින්ගේ ෆොටෝ තවමත් ගහගෙන ඉන්න ජවිපෙ සහ මාලිමාව බලය වෙනත් විදියකට අරගෙන උනත් යන්නේ පරණ පාරේම නිසා ඔවුන්ටත් අලුත් මාවතක් තිබ්බේ නැහැ කියල දැන් තේරෙනවා විතරක් නෙවෙයි රනිල් ගියාටත් වඩා ඉස්සරහට ඔවුන් මේ ක්‍රමය ඇතුලෙම යන්න තීරණය කරලා තියනවා.

ලාල් ඩඩ්ලි ගැන හොඳ කියනවා (කලින් කිව්වේ නැහැ). අපි වවල අපි කනවා වගේ ඒවා දැන් නැහැ කියනවා (ඉස්සර කිව්වේ නැහැ). මම ලස්සනට ඉන්නේ හොඳ අල කාල හැබැයි නරක අල උනත් අපිට ගෙන්නන්න වෙනවා කියල කියනවා (ඉස්සර කිව්වේ නැහැ).

නරක අල ගෙන්නනවා කියන්නේම ඇති නැති පරතරය පිළිගන්නවා කියන එක. නැත්නම් හැමෝටම හොඳ අල කන්න පුළුවන් වෙන්න ඕනි (යුතෝපියාවක් ලෙස හෝ). ඉතින් ඔන්න ඕකයි තත්වේ.

අපේ ඇස් ඉස්සරහ මේ පෙන්නේ මායාවක් නෙවෙයි නම් ඒ විදියට ගත්තම යන්න තිබිල තියෙන්නේ එකම එක මාවතක් විතරයි. ඒ දකුණට බර ලිබරල් මාවතක්. 

බලෙන් හෝ කොහොම හෝ රනිල් ලංකාව හැරෙව්වේ ඒ මාවත වෙතට. අනික් හැම දෙයක්ම අපේ ඔළුවට තියන අදහස් විතරයි.

වෙනත් විදියකට කිව්වොත් ඔහු අපේ සමාජීය ෆැන්ටසි එකක් හයිජැක් කරලා තිබිල නැහැ.

යන්න තිබ්බේ එකම එක මාවතක් නම් කොයියම්ම විදියකට හරි කොයියම්ම මොහොතක හරි ඒ මාවතට සමාජයක් අවතීර්ණ කිරීම නරක දෙයක් නෙවෙයි. දේශපාලනික දෙයක්.  

රනිල් කියන්නේ දේශපාලඥයෙක්. ඔහු කළේ ඔහුගේ වැඩේ.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...