The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

වොලොදිමීර් සෙලෙස්න්කි: ප්‍රහසන නළුවෙක්ගේ සිට ජාතික වීරයෙක් දක්වා -(Mahesh Hapugoda)

T

The Leader Desk

February 27, 2022 • 2:39 PM

වොලොදිමීර් සෙලෙස්න්කි: ප්‍රහසන නළුවෙක්ගේ සිට ජාතික වීරයෙක් දක්වා -(Mahesh Hapugoda)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විකට නළුවෙක් විදියට ජිවිතේ පටන් ගත්ත වොලොදිමීර් සෙලෙන්ස්කි දේශපාලනයට එනකොට හැමෝම හිනාවුණා.
  • ඒ කියන්නේ විකට නළුවා ඇතුලේ හිටපු රාෂ්ඨ පාලකයා.
  • මිනිස්සු තමන්ව ගවේෂණය කර ගන්නේ අර්බුද ඇතුලෙන් කියල කියන ජනප්‍රිය දේශපාලන පිරුළ ඔහු සම්බන්දෙයෙන් හරියටම පෑහෙනවා.
  •   රේගන්ට වගේ ඇමෙරිකන් දේශපාලන ප්‍රතිමාවක් (political icon) තනන්න සෙලෙස්න්කිට බැරි වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එයා දේශපාලනයට ආවේ දණගාගෙන කියල. දේශපාලන ළදරුවෙක් කියල. අත්දැකීම් නැහැ කියල.

හැබැයි ඒ ඔක්කොම අහගෙන යුක්රේනයේ ඉහලම පුටුවට ආපු සෙලෙන්ස්කි අද හැමෝම පුදුමයට පත්කරන දේශපාලන නායකයෙක් වෙලා.

දේශපාලනයට එනකොට අරන් එන්න ඕනි අත්දැකීම් මුකුත් නැතුව එයා ආව උනාට ඔහුටවත් හිතාගන්න බැරි විදියට ඔහු තුළින් ම ඔහු මතුකර ගන්න එයා මේ වෙනකොට සමත් වෙලා තියනවා. ඒ කියන්නේ විකට නළුවා ඇතුලේ හිටපු රාෂ්ඨ පාලකයා.

මිනිස්සු තමන්ව ගවේෂණය කර ගන්නේ අර්බුද ඇතුලෙන් කියල කියන ජනප්‍රිය දේශපාලන පිරුළ ඔහු සම්බන්දෙයෙන් හරියටම පෑහෙනවා.

අද වෙනකොට එයා දක්ෂ සන්නිවේදකයෙක්. එයා යුක්රේනය වෙනුවෙන් පසුගිය දවස් දෙක තුනේ කියපුවා යුක්රේන වැසියන්ගේ හිත්වල විතරක් නෙවෙයි ලෝකේ හුඟක් අයගේ හිත්වල සහ ඉතිහාස පොත්වල හුගක් කාලෙකට දෝංකාර දේවි.

හොලිවුඩ් නළුවෙක් වෙලා ඉඳල පස්සේ දේශපාලනයට ආපු ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් ඒ වෙලාවේ රුසියානු ජනාධිපති ගොර්බචොෆ්ට කිව්වේ 'ගොර්බචොෆ් මහත්තයා, ඔන්න ඔය තාප්පේ පෙරළලා දාල මිනිස්සුන්ට නිදහසේ යන්න ඔය ගේට්ටුව ඇරලා දාන්න' කියල.

ඊට අවුරුදු හතලිස් පහකට පස්සේ සෙලෙන්ස්කි කියන්නෙත් 'නිදහස් මිනිසුන් සහ නිදහස් රටක්' කියල.

'අපි සාමකාමී මිනිස්සු හැබැයි අපිට මේ වෙලාවේ සද්ද නැතුව ඉන්න බැහැ. එහෙම උනොත් හෙට යුක්රේනයක් නැහැ. අපි ඉදිරියේ ඉන්නේ ලෝකේ බලවත්ම හමුදාව. ඉතිං අපිට උදව් ඕනි. හැබැයි බටහිර පුටිංට බයේ හැංගිලා ඉන්නේ'. මේ සෙලෙන්ස්කිගේ වචන.  

රේගන්ට වගේ ඇමෙරිකන් දේශපාලන ප්‍රතිමාවක් (political icon) තනන්න සෙලෙස්න්කිට බැරි වෙයි. මොකද රේගන්ට වගේ කාලයක් ඉන්න සෙලෙස්න්කිට ඉඩ ලැබේද නැද්ද යන්න ගැන සහතිකයක් දැන් නැති නිසා.

 මොකද ලෝකේ ලොකුම, බලගතුම, මුරණ්ඩුම හමුදාවක් තියෙන චණ්ඩියෙක් ඉස්සරහ, තමන්ව මරන්න කියල වෙනම හමුදා ඛණ්ඩයක්ම එවල තියන වෙලාවක බය නැතුව තමන්ගේ හමුදාව එක්ක එකට භූමියේ බැහැල ඉන්න සෙලෙන්ස්කි ඉන්නේ ජීවිතයත් මරණයත් අතේ අරගෙන.



නාස්තියට සහ දුෂණයට විරුද්ධ රූපවාහිනී විකට නළුවෙක් හැටියට සෙලෙන්ස්කි එදා යුක්‍රේන දේශපාලන අර්බුදයේ කේන්ද්‍රයට කතා කලා. එතැනදිත් ඔහු දක්ෂ සන්නිවේදකයෙක්. අද යුද්ධයක පැටලුණු වෙලාවෙත් ඔහු හොඳ සන්නිවේදකයෙක්.



පුටිංගේ දුර්වල සන්නිවේදනය එක්ක ගත්තම සෙලෙන්ස්කි ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඒ නිසා ඔහුගේ වචනවල බලපෑම විශාලයි.

'සෙලෙන්ස්කි කියන්නේ රුසියන් කතා කරන යුදෙව්වෙක්. මගේ තාත්ත රතු හමුදාවේ හිටියේ. නාසීන් අතින් එයාගේ සහෝදරයින් තුනක් නැතිවුණා. උඹල අපිට ගැහුවොත් උඹලට අපේ මුහුණු මිසක් පස්සවල් පේන එකක් නැහැ' කියල වතාවක් ඔහු කියනවා. ඒ වචන සෑහෙන බලපෑමක් උණා යුක්රේන වැසියන්ට බලවතෙක් ඉස්සරහා නැගී සිටින්න.

දුෂණය අවසන් කරන්න ආපු ඔහුගේ නම වරක් පැන්ඩෝරා පත්‍රිකා වලත් තිබුණා. ඒ ඔහුගේ බිරිඳ සම්බන්දයෙන්. ඒ කතාවත් තවම අවසන් නැහැ.

අළුත් සීතල යුද්දයක් අබියසට ලෝකය ආයෙත් ඇවිල්ල. හැබැයි ඒ මුල් ආකෘතියෙන්ම නෙවෙයි. වෙනත් ආකෘතියකින්.

පළමු සීතල යුද්දයේදී වැඩියෙන්ම කියවුණේ ඇමෙරිකානු ජනාධිපතිවරුන්ගේ නම්. හැබැයි මේ දෙවැනි සීතල යුද්දෙදි වැඩියෙන්ම කියවෙන්නේ වොලොදිමීර් සෙලෙස්න්කිගේ නම.


Volodymyr Zelenskyy: From comedian to national hero (DW.com)



Mahesh Hapugoda 1 1(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 

Leader Whats app

  

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...