සාමාන්‍ය මැද පන්තියේ මිනිහෙක්ගේ මරණයක්. ප්‍රාදේශීය දේශපාලනය පවා කරපු සාමාන්‍ය මැද පන්තික මිනිහෙක්. තරමක් හයිය සමාජ සම්බන්දතා නැති කෙනෙක් වෙන්න බැහැ. හැබැයි එහෙම මිනිහෙක්ට පවා ලක්ෂ විස්සක් තිහක් වැඩිම උනොත් ලක්ෂ පනහක මුදල් සම්බන්දයක් පාලනය කරගන්න බැරුව යනවා.
මේක තමයි රටේ සාමාන්‍ය මැද පන්තික මිනිහගේ යථාර්තය. මම කියන්නේ ගොඩගියා කියල උදම් අනන රටක ඇත්ත කතාව (යථාව) මේක. මීටත් පහල මිනිස්සුන්ගේ තත්වය මොන වගේ ඇත්ද මේ ගොඩගිය රටේ?
මරණෙන් පස්සේ වටේ ඉඳන් උපදෙස් දෙන්න නම් කට්ටිය ඉන්නවා. උපදේශන සේවා ගියේ නැත්තේ ඇයි? 119 ගැහුවේ නැත්තේ ඇයි? මෙහෙම දුර්වල කෙනෙක් දේශපාලන කරන්නේ කොහොමද? මේ පිරිමිද? ළමයි ගැන හිතුවේ නැත්තේ ඇයි? මේ ප්‍රශ්න අහන අය ඇයි මිනිහෙකුට මැරෙන්න තරම් හිතෙන මේ ආර්ථික පීඩනය ගැන හිතන්නේ නැත්තේ?
ඇයි ගැරඬිඇල්ල අනතුරේ රියදුරාට මේ කරන රැකියාවට අමතරව තවත් රැකියාවක් කරන්න වෙන්නේ නිදාගන්නේ නැතුව? දුරගමන් යන ඩ්‍රයිවර් කෙනෙක් හරියට නිදාගත්තේ නැත්නම් මැරෙනවා කියන්න දන්නේ නැත්තේ නැහැනේ.
අන්තිමට IMF එකයි, රනිලුයි, දැන් රනිල්ගේ මුණුබුරයි උඩදදා ඉන්න අපිට ඉතුරු වෙන්නෙත් ඔය වහල දාන්න හදන ඉස්කෝල ටිකයි, බෙහෙත් නැතුව හරි දුවන ඉස්පිරිතාල ටිකයි විතරයි.
හොඳ ප්‍රතිකාර ගන්න පුද්ගලික රෝහල් තියනවා කියල ලිබරල් ධනවාදේ කරේ තියාන ගියාට වැටුන වෙලාවට ඔය මොකෙක්වත් නැහැ. යන්න සල්ලිත් නැහැ. අන්තිමට ඉතුරු වෙන්නේ කඩේ ගිය විතරයි...හරි ලෙඩක් උනොත් එක ලක්ෂ විස්සක් තිහක් එහෙ මෙහෙ කරගන්න බැරුව තමයි ලිබරල්වාදෙට කඩේ යන්නේ...
හරියට බිමට වැටුණ දවසට දැන් චියර් කරන උන් හොයාගන්නත් නැහැ...
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)




