The Leader News
BREAKING
Top Ad
Opinion

පාඩු ඉස්කෝලේ ළමයි දහදෙනා... | Mahesh Hapugoda

T

The Leader Desk

July 31, 2025 • 12:10 PM

පාඩු ඉස්කෝලේ ළමයි දහදෙනා... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාඩු ඒවා ලාබකරමු (Let's make them profitable) වගේ කතාවක්.
  • හැබැයි අනුරට හමුවෙන කවුරුන් හෝ විසින් අනුරට යම් පාරක් ගැන ඉඟියක් දෙනවා.
  • ඇත්තම කිව්වොත් දුයිෂෙන් පාර කිව්ව අල්තිනායිට වඩා දුරක් සංකේතීයව අනුර යනවා.
  • ඒක නිසයි වමේ සාහිත්‍යය ඇතුලේ ගුරුගීතය තීරණාත්මක පොතක් වෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ නිසා පාඩුයි. පාඩු ඒවා ලාබකරමු (Let's make them profitable) වගේ කතාවක්. මම කලිනුත් ලිව්වා මේ ගැන මම නොස්ටැල්ජිකයි කියල. ඒ කියන්නේ ඒ හව්හරනක් නැතුව ඉන්න ළමයි දහදෙනා ගැන මම නොස්ටැල්ජිකයි.

මේකට සම්භාව්‍ය උදාහරණෙ සපයන්නේ අයිත්මාතව්ගේ 'ගුරුගීතය'. දකුණේ අයට පේන්න බැරි නොස්ටැල්ජික පොතක්. බැලූ බැල්මට කිසි ලාභයක් නැති නිසා ලිබරල් දකුණ මේ පොතට සාපකරනවා.

සෝවියට් සාහිත්‍ය: උරුමකරුවෝ සහ මංකොල්ලකරුවෝ
මෙලෝ බෝලයක් නැති මැටි බිත්ති විතරක් තිබ්බ මේ ඉස්කෝලෙට දුයිෂෙන් යනවා. උගන්වන්න දෙයක් දන්නේ නැති නිසා එයා උගන්වන්නේ නැහැ. හැබැයි බිත්තියේ ලෙනින් පෙන්නලා කියනවා 'මේ ඉන්නේ ලෙනින්...' කියල. එයා දන්නේ එච්චරයි. ඒක කියල දෙනවා. නමුත් ඒ දුයිෂෙන් දෙන්නේ දැනුමක් නොවන විශාල දැනුමක්. සංකේතයක්. හැඟවුමක්. ඒ වෙලාවේ රුසියන් සමාජයේ හැරවුමක් ගැන අදහසක්.

දුයිෂෙන් කියන්නේ මේ වගේ දෙයක්. මොකක්දෝ මමත් හරියටම කියන්න නොදන්නා දෙයක් මේ රටේ සිද්දවෙනවා. ඒකට නායකත්වය දෙන්නේ ලෙනින් කියල කෙනෙක්. ඔයාලත් මහන්සි වෙලා එයාගේ වැඩේ එක්ක රුසියාවට සම්බන්ද වෙන්න කියන 'නිර්නාමික දැනුම' (anonimous knowledge) තමයි ඒ දෙන්නේ.

බර්ලින් තාප්පෙට පස්සේ ලෙනින් කියන නම ගොඩක් පරණ විදියට ඇහෙනවා නම් ඔයාල ඒ වෙනුවට වෙනත් නමක් අද දවසේ ආරෝපණය කරගන්න. ලෙනින්ගේ වැඩේ වෙනුවට වෙනත් ව්‍යාපෘතියක් ආදේශ කර ගන්න. ඒකට කමක් නැහැ. නමුත් මෙතන ගුරුවරයා හා දැනුම කියන දෙක ගැන තියෙන්නේ වෙනම අර්ථකතනයක්. ඒවා දැවැන්ත සමාජ දේශපාලන වෙනස්කම් ගැන කියවෙන විශාල හැඟවුම්. අද ලෝකෙට ඒවා ලොකු වැඩිවෙන්න පුළුවන්. හැබැයි උදෑසන ඉවත දමන කෙළ වගේ ඉවත දමන්න බැහැ.

 

අනුර ගේ ජය හා රනිල් ගේ පරාජය! - (වික්ටර් අයිවන්)
ඔයාලගේ දැන් ජනාධිපති අනුර ඉපදෙන්නේ තඹුත්තේගම. මුලින් ගියේ තඹුත්තේගම ඉස්කෝලෙට. අර දුයිෂෙන් ගියේ මීටත් වඩා අන්ත තැනකට. හැබැයි අනුරට හමුවෙන කවුරුන් හෝ විසින් අනුරට යම් පාරක් ගැන ඉඟියක් දෙනවා. එයා ඒ පාරේ යනවා. ගොඩක් දුර ගිහිල්ල එයා ලංකාවේ විධායක ජනාධිපති වෙනවා. ඇත්තම කිව්වොත් දුයිෂෙන් පාර කිව්ව අල්තිනායිට වඩා දුරක් සංකේතීයව අනුර යනවා. ඒක ප්‍රගමනයක්. වමේ සිහිනයක්.

ලංකාවේ සම්ප්‍රදායික දේශපාලනය අසමත් කියල මිනිස්සු හිතුව තැනක ඔවුන් අනුරව ජනාධිපති කරනවා. ඒ තීරණය හරි හෝ වැරදි එවන් තේරීමක් සඳහා ඒ වෙලාවේ ලංකාවේ මිනිසුන් වෙනුවෙන් මිනිසෙක් ලංකාවේ සමාජ දේශපාලන ව්‍යාපාරයක් හදල තිබිල තියනවා. 'ගුරුගීතයේ' අල්තිනායිගේ ගමන සහ අනුරගේ ගමනේ සමානකම් තියනවා. ඒක නිසයි වමේ සාහිත්‍යය ඇතුලේ ගුරුගීතය තීරණාත්මක පොතක් වෙන්නේ.

මිනිස්සු අනුරට චන්දෙ දුන්නේ ඉංග්‍රීසි නිසා නෙවෙයි. ඩබල් පොකට් හින්දත් නෙවෙයි. ලපයක් තියන හින්දත් නෙවෙයි. වෙනත් විප්ලවීය අදහසක් හිතේ ඇතුව. වෙනසක් පිළිබඳ අදහසක් හිතේ ඇතුව. ඒ වෙනස මිනිස්සු දන්නේ නැතිවෙන්න පුළුවන්. නමුත් අනුර දැනගන්න ඕනි. මන්ද ඔහු එන්නේ එවන් නියෝජනයක් වෙනුවෙන්. අල්තිනායිගේ පාරේ. අනුර දිනුවට පස්සේ ඒ විදියට කට්ටිය කිව්වත් මට මතකයි. මොකද ඒක තමයි උරුමය.

හොඳින් බලන්න 'ගුරුගීතය' අදටත් සමාජ සත්‍යයක්.

 

විශේෂාංග - Results from #816
ඔය හව්හරණක් නැති පාළු ඉස්කෝලේ ළමයි දහදෙනා අතරින් ඒ පාළු මෙලන්කොලික සමාජය බේරාගන්නා මිනිසා හෝ මිනිස් කැල බිහිවෙනු ඇතැයි වමට දුර සිහිනයක් තියනවා. අද දවසේ නම් ඒක ගොඩක් දුර සිහිනයක්. ඒකයි ඔය ළමයි දහදෙනා වෙනුවෙන් වම ෆයිට් කරන්නේ. ඒක වමේ මූලික අදහසක්. ගුරුගීතය වමේ මූලික පොතක් (basic / fundemantal text). ඒක නිසයි එයාල ඒ වැඩේට බරක් තියන්නේ.

ළඟ ලාභයක් නැතත් ජිජැක්ල, වරුෆාකිස්ල, චොම්ස්කිල අමාරුවෙන් වැඩේ ඇදගෙන යන්නේ අර බේසික් අදහස (basic idea) හිතේ තියාගෙන. කොයි වෙලාවේ හරි මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්!

ඉතිහාසය එහෙම දේවල් වෙනවා කියල පෙන්නල තියනවා...

දළදා මාළිගාව පෝස්ට්මොඩන් කරමු ! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...