The Leader News
BREAKING
Top Ad
Opinion

අත්ත බිඳෙයි පය බුරුලෙන්... | Mahesh Hapugoda

T

The Leader Desk

August 5, 2025 • 9:12 AM

අත්ත බිඳෙයි පය බුරුලෙන්... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් ඔය ප්‍රමිශිකා පෙරේරා ද කවුද කියල ව්‍යාපාරික කාන්තාවක් පටලලා කතාවක් යනවානේ.
  • මාලිමාව වම ඇතුලේ මේ ආපු ගමනත් අමාරු එකක්.
  • රැඩිකල් හෝ එසේ නොවන දිගුවක් මාලිමාව ඇතුලෙන්ම හෝ පිටින් ඇතිවෙන්න පුළුවන්.
  • ඒ වගේම මාලිමාව මාලිමාව ඇතුලෙන්ම දියකරලා හරින්න වසඟය (seduction) පාවිච්චි වෙන්න පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

දැන් ඔය ප්‍රමිශිකා පෙරේරා ද කවුද කියල ව්‍යාපාරික කාන්තාවක් පටලලා කතාවක් යනවානේ. ඒක ජාතික ජන බලවේගේ ප්‍රධාන නිල හරහා ජනාධිපතිවරයා දක්වාම යන කතාන්දරයක්. දැන් පොඩ්ඩක් වෛරල් වගේ. සමහර වෙලාවට ගොසිප් ප්ලාන්ට් (gossip plant) එකක් උස්සනවා වෙන්නත් පුළුවන්. ඇත්ත බොරු දන්නේ නැහැ. හැබැයි යම් පදනමක් නැතුව මේක මෙච්චර වෛරල් වෙන්න නම් බැහැ. 


කොහොම උනත් මේක පාදක කරගෙන ලිබරල් අය ජාතික ජන බලවේගෙට කියන කතාව තමයි අන්න එහෙම ආතල් එකේ හිටපල්ලා. නිකම් දුක් විඳින්නේ නැතුව. කාල බීල ජොලි කරලා, රමණය කරලා, කුහකකම නැති කරලා ඉන්න කියන එක.
 
කොවිඩ් සෙක්ස් ගැන ස්ලැවොයි ජිජැක් - Faculty of Sex
රමණයේ යෙදෙන එක, සෙක්ස් තෙරපි එකක් ගන්න එක, කුහකකම නැති වෙන එක හොඳ දේවල් තමයි. ඒකෙ කතාවක් නැහැ. මමත් එතන ඉන්නවා.  

හැබැයි මේක භයානක 'විනෝද ක්‍රීඩාවක්' කියල කවුරුත් බැලූබැල්මට අනතුරු අඟවන්නේ නැහැ. ඒකට හේතුව තමයි මාලිමාවට ගැහැණියක් හරහා හරි කෙළවෙනවා නම් ඒක සතුටට කරුණක් වෙන එක. දේශපාලන වශයෙන් මොන විදියෙන් හරි මාලිමාව ඉවරවෙනවා නම් ඒකට කැමති එක.  
 
වමේ දේශපාලනය කියන්නේ මේ වෙලාවේ අමාරු දෙයක්. මාලිමාව වම ඇතුලේ මේ ආපු ගමනත් අමාරු එකක්. එහි දේශපාලන දිගුවක් නැවත හැදෙන්න පුළුවන්. රැඩිකල් හෝ එසේ නොවන දිගුවක් මාලිමාව ඇතුලෙන්ම හෝ පිටින් ඇතිවෙන්න පුළුවන්. ඒක විනාශ කරන්න බලාගෙන ඉන්න බලවේග නැත්තේ නැහැ. ලංකාව ඇතුලේ වගේම පිටත්. ඒ සඳහා මිතුරු වෙසින් එන ගැහැණු පිරිමි ඉන්න පුළුවන්. විශේෂයෙන් මිතුරු වෙසින්.
527px Mata Hari 13 1024x617
 
ඒ වගේම මාලිමාව මාලිමාව ඇතුලෙන්ම දියකරලා හරින්න වසඟය (seduction) පාවිච්චි වෙන්න පුළුවන්. මේක ඉතාම ප්‍රභල අවියක් ලෝක ඉතිහාසය ඇතුලේ. මාටා හරීගේ (Mata Hari) ඉඳන් දේශපාලන ව්‍යාපෘති ඇතුලට ඩබල් ඒජන්ට්ල එනවා අපි දැකල තියනවා. ඇවිල්ල ඇතුලෙන්ම විනාශ කරලා දානවා.

විනාශ කරන්න බැරි උනොත් දේශපාලන ව්‍යාපාරයේ ෆෝකස් (focus) එක හරි අවුල්කරලා දානවා.

ප්‍රමිශිකා එසේ නොවන්න පුළුවන්. ඒත් ප්‍රමිශිකා කරන දේ ප්‍රමිශිකාත් දන්නේ නැතිවෙන්න පුළුවන්. මොකද එයා ව්‍යාපාරික කාන්තාවක් හැටියට එයාගේ මනස වැඩ කරන්න සල්ලි සහ ලාභය එක්ක. ඒක මේ දැන් දෙන මිලියනයක් දෙකක් නොවෙන්න පුළුවන්. ඒත් දිගුකාලීන ආයෝජනයක් වෙන්න පුළුවන්. ඒක එයාගේ වරදක් නෙවෙයි. එයා හිතන්න ඉගෙනගෙන තියන විදිය.

ඒ වගේම ව්‍යපාරික කට්ටිය කියන්නේ එයාලත් දන්නේ නැතුව එයාල පාවිච්චි වෙන අය. වෙනත් බලවේග එයාල පාවිච්චි කරනවා. සල්ලි දෙයියන්ගේ මල්ලි.
ඉතිහාසය ඇතුලේ වම මේ දේවල් ගැන අධ්‍යනය කරලා තියනවා. ඉගෙණගෙන තියනවා. උගන්නලා තියනවා.
 
panic
වම මේ වගේ බලවේග වලින් කෙළවාගෙනම ඒ කෙළවාගැනීම් වලින් ඉගෙණගෙනම ඉන්නේ බයෙන් (anxiety, panic and phobia වමේ පොදු රෝග ලක්ෂණ). විසිවෙනි සියවසේ වම කෙළවාගෙනම නියුරෝසික උණා. ඒ නියුරෝසික බව එක අතකට හොඳ දෙයක්.

හැබැයි වමේ වර්ධනයට ඒ නියුරෝසික බව බාධාවක්. ඒ උනාට මාලිමා ප්‍රධානීන් මේ හදන්නේ ඒ වමේ නියුරෝසික සීමාවන් අතික්‍රමණය කරන්න කියන එක නම් මම පිළිගන්නේ නැහැ.

දැන් පේන්න තියන හැටියට ඔවුන් ලිබරල් ධනේශ්වර ලෝකයට ඇතුල්වෙලා තියෙන්නේ ඒක හතර මායිම් හරියට දන්නේ නැතුව.

ඒ නිසා අත්ත බිඳෙයි පය බුරුලෙන්...

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...