The Leader News
BREAKING
Top Ad
Opinion

උමතුවෙන් ගැලවෙමු...! | Mahesh Hapugoda

T

The Leader Desk

August 10, 2025 • 10:25 AM

උමතුවෙන් ගැලවෙමු...! | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එවන් විනාශයක් කොහෙන් අවසන් වේවිද කියල දැන්ම කියන්න බැහැ.
  • අනුර ජනධිපතිවරයා ආණ්ඩුව වට්ටන්න කුමන්ත්‍රණය කරන්න එපා කිව්වේ කාටද පැහැදිලි නැතත් ඇත්තටම පාර්ලිමේන්තුවේ විපක්ෂයට එහෙම බලය ගැනීමේ උවමනාවක් පේන්නේ නැහැ.
  • අවාසනාවට ඇත්ත කතාව තමයි ගෝඨා එයාගේ ආණ්ඩුව අවුරුදු දෙකක් ඇදගෙන ගියා කොරෝනා එක්ක.
  • එයින් ප්‍රධාන එකක් තමයි ජවිපෙ පවත්වාගෙන යන්න හදන තීව්ර රාජපක්ෂ-රනිල්- සජිත් (සම්ප්‍රදායික දේශපාලන) විරෝධය සෑහෙන අතාර්කික බවක් ගැනීම.
අකුරු ප්‍රමාණය (Font Size):

එවන් විනාශයක් කොහෙන් අවසන් වේවිද කියල දැන්ම කියන්න බැහැ.

අනුර ජනධිපතිවරයා ආණ්ඩුව වට්ටන්න කුමන්ත්‍රණය කරන්න එපා කිව්වේ කාටද පැහැදිලි නැතත් ඇත්තටම පාර්ලිමේන්තුවේ විපක්ෂයට එහෙම බලය ගැනීමේ උවමනාවක් පේන්නේ නැහැ. තියන එකම දෙය මෙම මාලිමා පාර්ශවයට සහ ජවිපෙ පාර්ශවයට එකට ඉන්න බැරිකම.

 

68 ලක්ෂයක් මාලිමා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුනේ මොනවද? | කුසල් පෙරේරා
අවාසනාවට ඇත්ත කතාව තමයි ගෝඨා එයාගේ ආණ්ඩුව අවුරුදු දෙකක් ඇදගෙන ගියා කොරෝනා එක්ක. මෙයාල කොරෝනා නැතුව දැනට මාස දහයයි.

මාලිමාවට සහ ජවිපෙට එකට ඉන්න බැරි කරුණු ගොඩක් තියනවා. එයින් ප්‍රධාන එකක් තමයි ජවිපෙ පවත්වාගෙන යන්න හදන තීව්ර රාජපක්ෂ-රනිල්- සජිත් (සම්ප්‍රදායික දේශපාලන) විරෝධය සෑහෙන අතාර්කික බවක් ගැනීම. ඒක හොදින් පෙනුණු වෙලාවක් තමයි ඔය 'චිචී රොකට් කතා වස්තුව'. මේක දේවල් පැහැදිලි කරගන්න හොඳ උදාහරණයක්.  

ආයෝජන මණ්ඩලේ තොරතුරු වලින් ඔබ්බට ගිහිල්ල මොන විදියකින් හරි මේ රොකට් කතාවේ හිලක් හොයල ඒක සමාජගත කරන්න හදන විදිය අපුල දනවන සුළුයි. ගැටළුවක් තියනවා නම් හොයන එක එකක්. කොහොමහරි ගැටළුවක් මවන්න හදන එක තවත් දෙයක්.


දැන් අලුතෙන් ඇවිල්ල තියන කතාව තමයි මේ රොකට් එකේ දමල සල්ලිත් අභ්‍යාවකාශයට යවල ඇති කියන එක. ඒ කියන්නේ රාජපක්ෂලා හොරකම් කරපු 'පරිකල්පිත සල්ලි' උගන්ඩාවෙන් ඔබ්බට ගිහිල්ල දැන් අභ්‍යාවකාශය දක්වා අරන් යනවා. මේක පිස්සුවක්. නියුරෝසික තත්වයක්. වමේ භින්නෝන්මාදයක්. නැති දේවල් උමතුවෙන් පේන්න ගැනීමක්.

උගන්ඩා කතාවේ මාලිමා කට්ටිය එක වෙලාවක හිටිය. ගොඩක් වෙලාවට බලයට එන්න කලින්. පස්සේ ඔවුන් ඒ කතාව තවදුරටත් ඉස්සරහට අරන්ගියේ නැහැ. නතර කළා. නමුත් ජවිපෙ මේක තවත් කරේ තියාගෙන යනවා.




ඊටත් අමතරව අභ්‍යාවකාශයේ ලංකාවේ කොටසක් ගැනත් කියවෙනවා ටෙන්ඩර් නොකරපු. ඉතින් මේ රැවටිලි සහගත රෝගී කතිකාව යම් තැනක අවසන් වෙන්න නියමිතයි. මේ අවසන්වෙන තැන යම් ගැටුමක් ඇතිවෙන්න ඕනිමයි. සබුද්ධික බව සහ උමතුව අතර ගැටුම.

හරි චන්දෙට කලින් නම් ඔට්ටුයි කියමු. නමුත් ඉන් පස්සේ මිනිස්සුන්ට සබුද්ධික හැරවුමක් අවශ්‍යයි. රෝගී තත්වයෙන් නිරෝගී තත්වයක් කරා එන්න ඕනි.
මම හිතන්නේ මේ තියෙන්නේ ඒ අරගලය.

ලැකානියානු බුද්ධාගම - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

සබැඳි ලිපි :

ලංකාවට හිමි අභ්‍යවකාශ සිමාව ටෙන්ඩර් නැතිව සමාගමකට දීලා ද ?

ලංකාවේ ළමයි දැං හොයන්න ඕනෑ චිචී ගැන නෙමෙයි, මනී ගැනයි.. | Charaka Kahandawa

නරුමත්වයට එරෙහිව හරිණි... | Mahesh Hapugoda

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...