The Leader News
BREAKING
Top Ad
Opinion

විජේ : තමිල්නාඩුවේ මාලිමාව... | Mahesh Hapugoda

T

The Leader Desk

September 4, 2025 • 10:39 AM

විජේ :  තමිල්නාඩුවේ මාලිමාව... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මට නම් විජේගේ පලවෙනි මීටිම දැක්ක ගමන් හිතුනේ අඩේ මේක තමිල්නාඩුවේ මාලිමාව නේද කියල.
  • කච්චතිව් ගන්න එකයි, දෙමල අනන්‍යතාවෙයි, නාකි මෝදි ගැනයි, අරකයි මේකයි.
  • ඔය ඇම්බියුලන්ස් ටිකයි, වාඩිලාගත්ත කූඩාරම් ටිකයි, දාපු ෆ්ලෑෂ්ලයිට් ටිකයි අතහැරපුවම මේක මාලිමාවේ වැඩේම තමයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මට නම් විජේගේ පලවෙනි මීටිම දැක්ක ගමන් හිතුනේ අඩේ මේක තමිල්නාඩුවේ මාලිමාව නේද කියල. ඔය ඇම්බියුලන්ස් ටිකයි, වාඩිලාගත්ත කූඩාරම් ටිකයි, දාපු ෆ්ලෑෂ්ලයිට් ටිකයි අතහැරපුවම මේක මාලිමාවේ වැඩේම තමයි. මාලිමාවේ වැඩේ කියන්නේ මුළු ලෝකෙටම සපයපු උදාහරණයක්. හැමෝම කොපි කරන්න අරගෙන. ඒත් ඒක හැමෝටම කොපිකරන්න බැහැ.

එකම දේ දේශපාලනයේ හිටපු අනුර නළුවෙක් උනා. නළුකමේ හිටපු විජේ දේශපාලඥයෙක් උණා.

කතා ගත්තත් විජේගේ ෆෑන් බේස් එකටම හරියන කතා. ලොන්තපෝල් දෙමලු ටික ලාබෙට ෆෝම් කරන කතා. කච්චතිව් ගන්න එකයි, දෙමල අනන්‍යතාවෙයි, නාකි මෝදි ගැනයි, අරකයි මේකයි.

 



නෙළුම් කොලේ පිණි බින්දු රැදෙන්නේ නැහැ වගේ දෙමලු ටික මෝදිගේ BJP දේශපාලනයෙන් ලිස්සලා යන්න ඕනිලු.

එක ජාතියක් එක දෙය්යෙක් (ondre kulam, oruvane thevan) - ද්‍රවිඩ ජනතාවාදී දේශපාලනය - දූෂිත වෙස්මුහුණු - පවුල් දේශපාලනයට එරෙහිවීම - පවුලක් විසින් තමිල්නාඩුව සූරාකෑම - ඔබේ ආරක්ෂාව - ධීවර ගැටළු වගේම පැවති දේශපාලනය ප්‍රභූ එකක් හැටියටත් ඒක සතුරෙක් හැටියටත් විජේ වෙස් ගැන්වුවා. ඒ වචන ලස්සනට උච්චාරණය කළා.  

මේ සටන්පාඨ, අඩි සීයේ ධජ පතාක නැගලා යයි. දෙමළ ෆිල්ම්වල වගේ සතුරන් නසයි. මාලිමාව දින්න වගේම විජෙත් දිනයි. තමිල්නාඩුව එහෙමම තියෙයි .
සියල්ල සෙලියුලොයිඩ් යථාර්තයක් වෙයි.

මරන්න එපා යකුනේ - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විජේ : තමිල්නාඩුවේ මාලිමාව... | Mahesh Hapugoda | The Leader