ලංකාවේ එහෙම ඉක්මනට ක්‍රියාත්මක වෙන ගලවාගැනීමේ ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා පරිස්සම තමයි වැදගත්ම. ඉන් අදහස් වෙන්නේ නැහැ ගමන්යන්න එපා කියල. අනික ගැලවීමේ හමුදා එනකොට වෙන්න ඕනි දේ වෙලා ඉවරයි.
කවුරුහරි එකෙක් කිව්වොත් අන්න අර කන්ද මුදුණේ ආරණ්‍ය සේනාසනයක් හරි මහමෙව්නාවක් හරි අම්බුළුවාවක් හරි තියනවා කියල ඔන්න දරුවෝ මල්ලොත් එක්ක යන්න ගන්නවා. ඩ්‍රයිවර්ලත් මෙලෝ දෙයක් අහන්නේ නැතුව කියන කියන දිහාවේ යනවා.
අන්තිමට කෙළවා ගන්නවා. වටේ ඉන්න එවුනුත් ජීවිතේ ගැන හිතන්නෙත් නැතුව පල්ලමට බහිනවා. උනුත් මැරෙනවා.
බුකිය කවි ලියනවා මනුස්සකම ගැන...
(ආචාර්ය මහේෂ් හපුගොඩ)සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
සබැඳි පුවත :
'අඩි 1,000ක ප්‍රපාතයකට පෙරළී 15 දෙනෙකුට මරු කැඳවූ' ඇල්ල බස් අනතුරට හේතුව කුමක් ද?




