The Leader News
BREAKING
Top Ad
Opinion

අපි ආයේ කවි ලියන්නේ නැහැ... | Mahesh Hapugoda

T

The Leader Desk

September 5, 2025 • 5:25 PM

අපි ආයේ කවි ලියන්නේ නැහැ... | Mahesh Hapugoda

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කෙනෙක්ට යමක් උනොත් මමත් පුළුවන් හැටියට සහ අවස්ථාවේ හැටියට බුකියේ කවියක් සීපදයක් නැත්නම් හෑල්ලක් ලිව්වා.
  • එහෙත් ඔබට මා ගැන කවියක් තිබේද?' අපි ඔක්කොම දේශපාලනය කරන්නේ සහ එයට සහභාගී වෙන්නේ සමාන්තර ලෙස.
  • හැම අදහසකින්ම සමාන නොවුනත් ඇතැම් තැන්වල අපි සමාන්තර ලෙස අසමාන්තර විශ්වයක ගමන් කරනවා.
  • කොජින් කර්තානි ඔය parallax වගේ අදහසක් ලෝකෙට ගේන්නේ බර්ලින් තාප්පය බිඳ වැටුනට පස්සේ තියන මේ සංකීර්ණ බව එක්ක.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කෙනෙක්ට යමක් උනොත් මමත් පුළුවන් හැටියට සහ අවස්ථාවේ හැටියට බුකියේ කවියක් සීපදයක් නැත්නම් හෑල්ලක් ලිව්වා. අරගලයට කලින් ඉඳන් සහ අරගලය දක්වාත් ඊට පස්සෙත් එහෙම කළා. දැනුත් උන්ගේ යක්කල තියනවා කියන කාර්යාලේට ගහල. හැබැයි මම කවියක් ලියන්නේ නැහැ.

කැරන් බ්ලික්සන් එයාගේ සුප්‍රසිද්ධ Out of Africa පොතේ මෙහෙම ලියනවා. 'මට ඔබ ගැන (අප්‍රිකාව ගැන) කවියක් තිබේ. එහෙත් ඔබට මා ගැන කවියක් තිබේද?'

අපි ඔක්කොම දේශපාලනය කරන්නේ සහ එයට සහභාගී වෙන්නේ සමාන්තර ලෙස. හැම අදහසකින්ම සමාන නොවුනත් ඇතැම් තැන්වල අපි සමාන්තර ලෙස අසමාන්තර විශ්වයක ගමන් කරනවා. අසමාන එහෙත් සමාන දේවල් එක්ක අසමාන්තර සමානකම් හදාගන්නවා. කොජින් කර්තානි ඔය parallax වගේ අදහසක් ලෝකෙට ගේන්නේ බර්ලින් තාප්පය බිඳ වැටුනට පස්සේ තියන මේ සංකීර්ණ බව එක්ක.

වම කිව්වට තියෙන්නේ වමමත් නෙවෙයි. දකුණ කිව්වට තියෙන්නේ දකුණත් නෙවෙයි. මැද මාවතකුත් නෙවෙයි. තියෙන්නේ මොකක්ද කරන්නේ මොකක්ද අපි කාටවත් පැහැදිලි නැහැ. යන්නේ කොහාටද කියලත් කියන්න හරියට බැහැ. ඒ නිසා මිතුරෝ සතුරෝ හරියට වෙන්කරන්නත් බැහැ. ගොඩක් සංකීරණ ලෝකයක් මේක.

රනිල් අත්අඩංගුවට ගත්ත වෙලාවේ ජවිපෙටත් වඩා ෆෝම් උනේ පෙරටුගාමී එක. ජවිපෙ රනිල් හිරේදානවා වගේ එකක් කියන කොට පෙරටුගාමී එක කිව්වේ ආයේ එළියට එන විදියට හිරේදාන්න එපා කියල. ලංකාවේ නීතියට පවා පිටින් ගිහින් කිව්වේ සදාකාලිකව හිරේම තියන්න කියල. නයාට ගහල පොල්ල වරද්දාගන්න එපා කියල. වෙනත් විදියකට නැත්නම් කවියක හැඩයෙන් කිව්වොත් එයාල කිව්වේ හිරේදාල මදි එල්ලලා මරන්න කියල.

අලුගෝසුවනේ එල්ලාපන් කියල.

රනිල් කියන්නෙත් මේ වෙලාවේ විපක්ෂයේ දේශපාලඥයෙක්. එක දේශපාලන ව්‍යාපෘතියක නැගීම වෙනුවෙන් තවත් ව්‍යාපෘතියක ටාගට් එකක් වෙලා ඉන්න කෙනෙක්. මම කියන්නේ ඉතිහාසයේ ඇරියස් කවර්කරන එක ගැන නෙවෙයි. මේ මොහොත ගැන.

රනිල් අත්අඩංගුවට ගත්ත වෙලාවේ පෙරටුගාමී එක කලේ ජවිපෙට වඩා 'රැඩිකල්' (මූලධාර්මික) වෙලා ජවිපෙ සහ වමේ කොටස් වල රනිල් විරෝධී කේන්තිය තමන්ගේ පැත්තට දිනාගන්න හදපු එක. නමුත් ඔවුන් එතැනදී අපිව (ඒ කියන්නේ ජවිපෙට වඩා ඉඳල හිටලා ඔවුන් වෙනුවෙන් අඩුම තරමේ කවියක්වත් ලියන, ෆොටෝ එකක් ෂෙයා කරන ඔවුන් නොවන අපි ගැන) අමතක කළා.

මාලිමාවත් එහෙම කළා. දැන් කියනවා විපක්ෂය එකතුවෙන්න ඕනිලු. ඕනි නැහැ. තනියම බුදුවෙලා පෙන්නපියව්!

අපි නැතුවට පෙරටුගාමී එකට දේශපාලන කරන්න බැරි වෙන්නේ නැහැ. නමුත් ඔවුන් දිහා බලන්ඉන්න ඔවුන්ම නොවන පිරිසක් ඉන්නවා ඔවුන් දිනාගත යුතු. රනිල්ගේ නිමේෂයේදි ඒක ගැන සහකම්පනයක් ඔවුන්ට තිබ්බේ නැහැ. කැරන් බ්ලික්සන් අප්‍රිකාවෙන් අහන්නෙත් එම ප්‍රශ්නයම තමයි.

අපි ගැන කවියක් නැති කෙනෙක් වෙනුවෙන් ආයේ අපි කවි ලියන්නේ නැහැ. ඒ එපා තට්ටේ පලපු එකාගේ ෆොටෝ එකක්වත් දාන්නේ නැහැ.

උඹල තනියෙන් බුදුවෙලා පෙන්නපල්ලා...

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...